අහසට වෙඩි තබා මරණීය තර්ජන එල්ල කොට කුඩා දරුවකු පැහැරගෙන යාමේ සිද්ධියේ පළවැනි සැකකාර ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාවින්ද්‍රා නානායක්කාර මෙනවිය ඔහු දවයිනට පැමිණි වහාම විදේශ ගමන් බලපත්‍රය සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුවන් දෙදෙනාට අද නියෝග කළාය.
2009 මාර්තු 29 වැනිදා රාත්‍රී වීරගුලදී එම පැහැර ගැනීම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.. අනේ ඉක්මනින් එන්නකෝ.(ස)
ඔහේටම වෙලා ඉන්න (නි)
අර නවසිලන්තේ මන්ත්‍රී කෙනෙක් නටපු පිස්සුවට ලැබුන දඩුවම මතකද? අපේ සංස්කෘතිය ගැන මහා අටුවාටිකා කියන අය සද්ද නැහැ, සදරුවන් පුතේ... (නි)
හැබැයි අර නවසිලන්තේ වේටර්වරයට ඕනෑ නම් පොලිසි යන්නත් පුළුවන්. ගිහින් නඩු දාලා දඩුවමක් නීතියෙන් දෙන්නත් පුළුවන්.අපට බැරි වුණාට. (නි)
මොහු කොහොමත් මෙවැනි දේවල් වලට උපන් හපන් ඇත්තෙක්නේ. රටේ කවදත් මෙහෙම අයට නීති වලංගු වුනේ නැහැනේ. ඒවා විහිළුවට තමා තියන් ඉන්නේ මේ අයට නුසුදුස්සෝ නුසුදුසු තැන ඉන්දෙවුවම මේ රැගුම් බලබල තමා අපිට ඉන්න වෙන්නේ.(නදී)
බබ්බු නෙවෙයි මහේෂ්. ඕක ඇවිල්ලා රාජකාරිය හරියට කරන්න කොන්ද පන නැති කම වෙන මොකක්ද? උසාවියට ගල් ගහලත් දඩුවම් නැති රටක් නේ මේක?(නදී)
මගේ සුදු බෑන්නඩිට චින්තන සරණේ සරණයි.(නදී)
දැන් රට බල්ලට ගිහින් තියෙන්නේ. රටේ කිසිම නීතියක් නැහැ. ආණ්ඩුව වෙන කිසිම දෙයක් කරන්ඩ බැරි නිසා යුධ ජයග්‍රහණය විකුණන් කනවා. මීට වඩා හොඳයි මටනං යුද්ධේ තිබුන කාලේ. යුද්ධේ තිබුන කාලේවත් මේ වගේ ජඩ වැඩ, නීතියට ගරු නොකරන මිනිස්සු මේ රටේ හිටියේ නැහැ. (නදී)
එයටත් අමතක වෙන්න ඇති දුමින්ද බේබිට වගේ. ඔය අයට හරියට අමතක වෙනවා කපටි.(නදී)
බොරතෙල් නැතිව සපුගස්කන්ද වහලා. නියෝජ්‍ය ඇමති හැටියට බලාගෙන ඉන්න පුලුවන්ද? එතුමා තෙල් හොයන්න යන්න ඇති.(නදී)
උපාලි හරියට හරි.(නදී)
විනිසුරුතුමිය දේශ ද්‍රෝහියෙක් වේද දන්නේ නැහැ.(නදී)
බය වෙන්න දෙයක් නෑ මේ ශ්‍රී ලංකාවනේ..(ස)
ලංකාවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්? (නි)
මාර වැඩේ.(නදී)
එතුමාට එහෙම යන්න බැරි නම් කාටද යන්න පුළුවන් ඔහොම. එතුමා දේශප්‍රේමියෙක් නේ. (නදී)
ඔන්න අපි ගියොත් නම් වැරදියි
මමත් ලංකාවට ඊයේ ආවේ. ගොඩක් ප්‍රශ්ණ ඇහුවා මගෙන් ගානක් කඩ ගන්න හැදුවා.(නදී)
සරනල අසරණ වෙන්නේ නැහැ මේ ක්‍රමය තියෙනකන්. එයා රට ඉඳල හිනාවෙනවා ඇති මේ තීන්දුව දීපු කෙනා ගැන. මොකද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. සමහර වෙලාවට ඇවිත් බෝතල් ප්‍රහාරයක් එල්ල කරයිද දන්නේ නැහැ.(නදී)
අදිකරණ නියෝග පාර්ලිමේන්තුවේ ඇත්තෝ පිළිගන්නේ නැහැ කියලා කිව්වනේ. අපොයි ඇයි, මතක නැද්ද, අර කාලේ වෙච්ච ඒවා? (නි)
අධිකරණයට වඩා පාර්ලිමේන්තුව බලවත් කියල පසුගියදවස් වල කතා උන නේද ? (අ),
කිරි මුට්ටියට තවත් ගොම බින්දුවක්. (නි)
ඉතින් මොකද
මෙහෙම වෙන්නේ නැත්නම් මේකට 'ආසියාවේ ආශ්චර්ය' කියලා කියයිද? (ඉස්සර නම් මුතු ඇටෙද මොකක්ද කිව්වා) (නි)
අනේ කුහුබුවනේ තොපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අපි තැවෙන්නේ... (නි)
පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ ,නීතිය උන්ගේ හිරගේ අපේ උන්ගේ,.... (නි)
මම නම් වරදක් දකින්නේ නැහැ
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නීතිය දුප්පතුන්ට පමණද? (නි)
මේක මොන තරම් සුළු දෙයක්ද ? ඔය ඉන්නේ මරලා රට ගිහින් ආපසු ඇවිත් මල් මාලා දාලා පිළිගන අයත්. උසාවි වලින් මොනවා කරන්නද , අනෙක් අය ඒ අයට යන්න පහසුකම් අවශ්‍ය නිලදාරීන් සපයන විට. අපි උපදින මැරෙන රට ලංකාවයි, උතුම් ලංකාවයි (නි)
එයාර් පොර්ට් එකේ ඉන්නේ බබාලාද දන්නෙ නැහැ. අපි යනකොට නම් රටේ නැති ප්‍රශ්න අහනවා. (නි)
සරණ අසරණ වෙලා වගෙයි. ප්‍රශ්නයක් නැහැ. (නි)
ඉතාමත් හොඳ නියෝගයක්. (නි)
දැන් තියෙන්නේ මල් මාලාවක් දමලා එනකොට පිළිගන්න. (නි)
සරණ අසරණ වෙයිද? විනිසුරුට වෙන දෙයක් හිතෙයිද? මීළඟ කොටස නුදුරේදීම බලාපොරොත්තු වෙමු (නි)
සරණ ඇමති මරණීය තර්ජන කරලා අධිකරණය අසරණ කරලා පරණ විදිහට.(නදී)
ඔය සියලුම නීති බලපාන්නේ පාලක පන්තියේ දේශපාලුවන් නොවන අවශේෂ පුද්ගලයන්ටය කියන යතාර්ථය නීතිය ක්‍රියාත්මක කරන්නන් හැර අපි සේරම දන්නවා. (නි)
කිසිම උගත් කමක් නැති අයෙක්. මේ තමයි රටේ පාලකයෝ.(නදී)
හහ් හහ් හා .... (නි)
ඒ උතුමන්ලා ඉන්නෙ නීතියට උඞින් කියලා දන්නෙ නැද්ද? ආසියාවේ ආශ්චර්යය. සුබ අනාගතයක්. (නි)
නීතියේ දෙවගනගේ ඇස බැදලනෙ... අනික් අයත් ඒ වගේ (නි)
හෑම නීතීයක්ම පොඩි මිනිහට තමයි..!!! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ කාලේ උසාවි නියෝග බලපාන්නේ බලයක් නැති අයට විතරද? (නි)
මේගොල්ලට සිවිල් නීතිය බලපාන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට තියෙන්නේ ආශ්චර්යයේ නීතියනේ (නි)