පාරිභෝගික නීතිවලට පටහැනිව ශ්‍රීපාද වන්දනාකරුවනට ආහාරපාන හා භාණ්ඩ විකිණූ කඩකරුවෝ 25 දෙනෙක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නල්ලතන්නියේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
කල් ඉකුත්වූ ආහාරද, කෑමට නුසුදුසු ආහාර ද, නියමිත මිලට වැඩියෙන් ආහාර හා භාණ්ඩ ද විකිණීයයි හැටන් දිසා අධිකරණයේ ඔවුනට නඩු පරන බව අධිකාරිය කියයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ උත්සවකාලවල ජනතාවට බහුල වශයෙන් ඔයවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.. ඒ ගැන හොයලා බලා කටයුතු කරන්න නිලධාරින්ට පිං සිදු වෙනවා..! (නු)
අනේ එම නිළධාරින්ට සමන් දෙවියනේ ආශිර්වාද කරන්න.තවතවත් වෑටලීම් කරන්න.මුලු ලංකාවෙම මහජනයාට ජරාව කවන ආපනශාලා වටලන්න විශාල සංවිධානත්මක සෑලස්මක් රටට ලෑබේවා!!! සාදු සාදු !!! (නු)
නිසි වැඩපිළිවෙලක් නැති කමයි ඒ.. මේවා ගැන සොයා නොබලන්නේ ඇයි..! (නු)
අද කොහෙත් එකයි බලපුවහම . සාධාරණ වැඩ පිළිවෙලක් කොහෙද තිබ්බේ අපේ රටේ... අයහපත් දෙයින් උපයන සල්ලි රැදෙන්නේ නෑ කවදාවත් (ස)
කල් ඉකුත් වූ බඩු විකිණීම ගැනත් සොයා බලන්න. (නි)
හෝටලයක් ලියාපදිංචි කිරීමට ප්‍රථම එහි ප්‍රමිතිය පිළිබදව සොයාබලන්න. (නි)
අපේ ඇත්තො වෙසක් දවසට බල්බ් බලන්න පාරෙ යන ඇත්තන්ට දන්සැල් දෙනවා. ඒත් මම නම් හිතන්නෙ මිනිස්සු දන්සැල් දෙන්ඩ ඕනෑ සිරිපා කරුණා කරන සැදැහැවත් ඇත්තන්ටයි. වෙසක් දවසෙ බල්බ් බලන්න, එළි බලලා ඇහැ පිනවා ගන්න අයට දෙන දානයේ කුසල් අඩුයි. සිරිපා වන්දනාකරුවන්ට මුදලට ආහාර පහසුකම් සැපයීම වහාම නැවැත්විය යුතු අතර දන්සැල් දීමට සැදැහැවත් මහජනයා පෙළඹ විය යුතුයි. එහි ආනිසංස වැඩියි. (නි)
සල්ලී දීලා හරි පිරිසිදු කෑමපතක් ලබා ගන්න පුලුවන් නම් දන්සැල් අවශ්‍යත් නැහැ. (නි)
සීතල සමනළ අඩවියේ ශීතකනරන නැතුව ඇති. (නි)
කුණු කෑම විකුණන අයටම ඒවා ආපහු කවන්න ඕනෑ. (නි)
පුෂ්පේ කියන දේවල් කරන්න නම් තව ලොකු ණයක් ගන්න වෙයි. (නි)