IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සරසවි වහා අරින්නැයි රනිල් වීදි බසී

ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පකෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට එකවිය. විරොධතාවරුවන් ඕල්කොට් මාවතේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වසාගෙන සිටීම නිසා කොළඹ කොටුව, පිටකොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම දැඩි රථ වාහන තද බදයක් ඇති විය.  



අදහස් (0)

සරසවි වහා අරින්නැයි රනිල් වීදි බසී

අනුර Wednesday, 22 August 2012 11:26 PM

පොල් ගහන්න එහෙම කල්පනාවක් නැද්ද? (නි)

:       0       0

ජානකි Thursday, 23 August 2012 06:17 PM

කාටකාටත් දැන් අතීතය අමතක වෙලා වගෙයි (නි)

:       0       0

දිසා Thursday, 23 August 2012 06:25 PM

මොකුත් නොකර සිටියම බණිනවා, කරන්න හැදුවහමත් බණිනවා. වාසි බලාගෙන කරනවා නම් කොයිතරම් දේවල් තියෙනවද කරන්න. මෙය කාලෝචිතයි. ඉදිරියටම යමු. (නි)

:       0       0

චාමි Thursday, 23 August 2012 12:23 AM

අපේ සමහරුන්ගේ වැරදි නිසා රටේ අධ්‍යාපනයේ බරපතළ වරදක් සිදුවුණු එක ඇත්ත. එහෙත් ඉන් දේශසපාලන වාසි ගන්න උත්සාහ කරන එක නම් වැරදියි. (නි)

:       0       0

සුගත් Thursday, 23 August 2012 12:51 AM

රනිල් මහත්තයෝ, අවදියෙන් ඉන්න ඕනෑ වෙලාව තමයි මේ. ගල් මුල් ගණන් ගන්න එපා. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සුධර්ම Thursday, 23 August 2012 01:20 AM

අනේ! මේ ඡායාරූප බැලුවහම මට නම් හිතුණේ ලංකාවේ සරසවි වලට යන්නේ වයසක අය කියලයි. (නි)

:       0       0

සුභාෂිණි Thursday, 23 August 2012 03:37 AM

එදත් වසර ගණන් සරසවි වහන්න හේතුව ජේ.වී.පී. එක. අදත් මෙහෙම වහන්න හේතුව ඒකමයි. (නි)

:       0       0

සුධර්ම Thursday, 23 August 2012 03:53 AM

රනිල් තමයි ලංකාවට ඉන්න හොදම නායකයා. (නි)

:       0       0

නාලක Thursday, 23 August 2012 04:16 AM

රටට ජය! (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Thursday, 23 August 2012 07:43 PM

ඔබ කුමන දේශපාලන පක්ෂයක වූවත් කමක් නැහැ. නිවැරැදිව දකින්න උස්සාහ කරන්න. ඔබ උඩ බලාගෙන බණිනවා නම් මට හිතෙන්නේ ඔබට අධ්‍යාපනයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ කියායි. (නි)

:       0       0

අනුෂ්ක Thursday, 23 August 2012 06:34 AM

සමන්, කනකරායම්, ඔයාලා ඉසෙඩ් අගය නිසා ඇමතිලාටත් බණිනවා, ඒක විසඳන්න කියලා පාරට බහින අයටත් බණිනවා. "ලොව දරුණුම ඛේදවාචකය වැරදි මිනිසුන්ගේ ක්‍රියාකලාපය නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි." (නි)

:       0       0

සහන් Thursday, 23 August 2012 02:23 PM

පුලුවන් නම් තව ටිකක් හයියෙන් කෑ ගහන්න. එතකොට ආණ්ඩුව ගෙදර යයි. (නි)

:       0       0

වරුණ Thursday, 23 August 2012 07:44 AM

දැන්වත් අපේ රටේ මහජනතාවගේ මොළය පෑදෙයිද? (නි)

:       0       0

ලෙස්ටර් Thursday, 23 August 2012 02:32 PM

සමහරු ලියලා තියෙන දේවල් බැලුවහම හිනා යනවා. මොකද මේ මිනිසුන් ඉන්නෙ ලංකාවෙද කියලා.රනිල් මේ වගේ වැඩකට අතගහපු එක රටට සෙතක් මිස අහිතක් නොවේ. ජනතාවගේ පැතුම විය යුත්තේ නුසුදුසු අයව එළවීම තුළින් රටට සාමය උදාකරලීමය. (නි)

:       0       0

නිමල් Thursday, 23 August 2012 08:18 AM

හොද මිනිසුන් යැයි කියන්නේ උගත් හෝ නූගත් වේවා අඩුම වශයෙන් රටට කරදරයක් හෝ නොවී සිටිනා අයටය (නි)

:       0       0

නාමල් Thursday, 23 August 2012 08:24 AM

ලංකාවේ සිටින හොදම බුද්ධිවන්තයා රනිල් මහතායි (නි)

:       0       0

කංකානම Thursday, 23 August 2012 08:39 AM

ඔය පාරය බැහැලා ඉන්න කී දෙනෙක් ඔය ප්‍රශ්නය ගැන හරියටම දන්නවද? (නි)

:       0       0

රංගා ශානි. Thursday, 23 August 2012 08:38 AM

කටට ඉබ්බෙක් දාන්න ඕන.. (ස)

:       0       0

අප්පුහාමි Thursday, 23 August 2012 09:19 AM

සමහරුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සිරිවර්ධන Thursday, 23 August 2012 03:08 PM

හොඳම අධ්‍යාපන ඇමති කෙසේ වෙතත් ආණ්ඩුවේ අය නම් කියන්නේ හිටපු හොඳම විපක්ෂ නායකතුමා කියලා. (නි)

:       0       0

සිසිර Thursday, 23 August 2012 09:33 AM

ඇමතිවරු ටික අවදි කරන්න ඔහොම නම් බැහැ (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 23 August 2012 09:52 AM

මේ පාර මොනවද පොලවේ ගහන්නේ ? A/L ප්‍රශ්නපත්‍රද , ප්‍රථිඵල සටහන්ද ?? (ස)

:       0       0

ප්‍රවීන් Thursday, 23 August 2012 09:59 AM

බැදී අමාරුවක් හැදිලද? (දී)

:       0       0

ලලිත් - කටාර් Thursday, 23 August 2012 10:32 AM

මේවා වීඩියෝ කරලා පරිස්සම් කරලා තියාගන්න. (නි)

:       0       0

සිරා Thursday, 23 August 2012 10:33 AM

අධ්‍යාපනයට ජාතික අදායමෙන් 6% වෙන් කලොත් මේ ප්‍රශ්න සියල්ල විසඳිය හැකිය (ස)

:       0       0

රොෂාන් Thursday, 23 August 2012 10:41 AM

ඉදිරියටම යන්න....රනිල්ට පුළුවන් වෙනසක් කරන්න.... (ස)

:       0       0

ලේකම්ගේ Thursday, 23 August 2012 11:04 AM

මෙයාලත් ඒ කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගේන්න දඟලලා මහා ජංජාලයක් කර ගත්තා. (නි)

:       0       0

රොශාන් Thursday, 23 August 2012 11:22 AM

කිරි අප්පට බල්ලො පැනපි..මෙච්චරකල් කොහෙද හිටියේ.(අ)

:       0       0

ජනක Thursday, 23 August 2012 11:29 AM

හරි.....හරි...(ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 22 August 2012 08:40 PM

කොහොම හරි ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව විසඳලා දරෑවන්ට සහනයක් අරන් දෙන්න (අ)

:       0       0

සමන් Wednesday, 22 August 2012 08:44 PM

බොර දියේ මාළු බානවා. (අ)

:       0       0

අනිල් Wednesday, 22 August 2012 08:49 PM

අම්මෝ රනිල් මහත්තය නැගිටල ඉන්නේ. හෙට සිට නිදියන්න නම් එපා. (අ)

:       0       0

ඉක්රාම් Friday, 24 August 2012 02:07 AM

ඇත්තටම දැන් එතුමාට කරන්න තියෙන්නේ ආණ්ඩුවට එකතු වෙන්නයි. (නි)

:       0       0

කනකරායම් Wednesday, 22 August 2012 08:54 PM

අම්බෝ දැන් ඉතින් එස්.බී. බයවෙලා ඉක්මණට සරසවි ඔක්කොම විවෘත කරයි. (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 09:11 PM

ඇමතිවරු කයිවාරු ගහනවා. ළමයින්ගේ හොඳම කාලේ අපතේ. හොඳ අධ්‍යාපන ඇමැති කෙනෙක් තමා රනිල් (අ)

:       0       0

Sahehar Dawood Wednesday, 22 August 2012 09:30 PM

ඔව් හිටපු හොදම අධ්‍යාපන ඇමැති රනිල් (අ)

:       0       0

චමින්ද Wednesday, 22 August 2012 09:40 PM

අයියෝ සල්ලි! නංගී, මල්ලී, එයාට නම් අහුවෙන්න එපා. (ස)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 22 August 2012 09:43 PM

අනේ රනිල් මහත්තයෝ, යතුරු ටික හොයාගෙන ගිහිල්ලා ඔය සරසවි ටික අරින්නකෝ. (නි)

:       0       0

රුක්මල් Friday, 24 August 2012 02:20 PM

රනිල් මහත්තයෝ, අවදියෙන් ඉන්න ඕනෑ වෙලාව තමයි මේ. ගල් මුල් ගණන් ගන්න එපා. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම්!(ස)

:       0       0

බුද්ධි Wednesday, 22 August 2012 09:44 PM

මොන දේ සමග සෙල්ලම් කළත් අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හොද නැහැ. (නි)

:       0       0

නීල Friday, 24 August 2012 02:25 PM

ඔයාලගෙ ආණ්ඩුවකාලෙ හරියට වැඩ කළානෙ? (අ)

:       0       0

සිිසර Wednesday, 22 August 2012 09:57 PM

ඒ ගොල්ලන්ගේ මේ වැඩ වලින් පාරවල් අවහිර වෙලා, හවසට ගෙදර යද්දී දුක් විදින්න වෙන්නේ අපිට. (නි)

:       0       0

ධනුක Wednesday, 22 August 2012 10:15 PM

මේ කට්ටිය බොර දියේ මාලු බානවා වගෙයි පේන්නේ. 'ධවල පත්‍රිකා' අපිට තවමත් මතකයි. (නි)

:       0       0

මොහාමඩ් Thursday, 23 August 2012 01:03 PM

ආපහු නාගන්නද හදන්නේ.(ස)

:       0       0

ලලිත් Friday, 24 August 2012 07:50 AM

ඇති යන්තම් රනිල් මහත්තයා අන්තිමේදි තේරුම් ගත්තා. (නි)

:       0       0

රුවන් Thursday, 23 August 2012 01:18 PM

නිකන් පාරේ යනකොටලු දැක්කේ. අන්න කැක්කුම තියන නායකයෝ (ස)

:       0       0

කෙවින් Wednesday, 22 August 2012 11:26 PM

ඇත්තටම රනිල් මහත්තයා හොද කෙනෙක්. එහෙම මහත්මයෙක් කියනා දේවල් තේරුම් ගන්න බැරි එක අපේ රටේ මිනිස්සුන්ගේ කරුමේ. (නි)

:       0       0

පීරිස් Thursday, 23 August 2012 01:16 PM

සරසවි වහලා. ළමයි පාරේ. (නි)

:       0       0

අශාන් Thursday, 23 August 2012 01:17 PM

හරිනම් රටේ අනාගත පරපුර වෙනුවෙන් සියල්ලන්ම පාරට බහින්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site