ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පකෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට එකවිය. විරොධතාවරුවන් ඕල්කොට් මාවතේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වසාගෙන සිටීම නිසා කොළඹ කොටුව, පිටකොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම දැඩි රථ වාහන තද බදයක් ඇති විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි වහලා. ළමයි පාරේ. (නි)
සමහරුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)
ඇමතිවරු ටික අවදි කරන්න ඔහොම නම් බැහැ (නි)
මේ පාර මොනවද පොලවේ ගහන්නේ ? A/L ප්‍රශ්නපත්‍රද , ප්‍රථිඵල සටහන්ද ?? (ස)
බැදී අමාරුවක් හැදිලද? (දී)
මේවා වීඩියෝ කරලා පරිස්සම් කරලා තියාගන්න. (නි)
අධ්‍යාපනයට ජාතික අදායමෙන් 6% වෙන් කලොත් මේ ප්‍රශ්න සියල්ල විසඳිය හැකිය (ස)
ඉදිරියටම යන්න....රනිල්ට පුළුවන් වෙනසක් කරන්න.... (ස)
මෙයාලත් ඒ කාලේ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියල එකක් ගේන්න දඟලලා මහා ජංජාලයක් කර ගත්තා. (නි)
කිරි අප්පට බල්ලො පැනපි..මෙච්චරකල් කොහෙද හිටියේ.(අ)
හරි.....හරි...(ස)
ආපහු නාගන්නද හදන්නේ.(ස)
නිකන් පාරේ යනකොටලු දැක්කේ. අන්න කැක්කුම තියන නායකයෝ (ස)
කටට ඉබ්බෙක් දාන්න ඕන.. (ස)
හරිනම් රටේ අනාගත පරපුර වෙනුවෙන් සියල්ලන්ම පාරට බහින්න ඕනෑ. (නි)
පුලුවන් නම් තව ටිකක් හයියෙන් කෑ ගහන්න. එතකොට ආණ්ඩුව ගෙදර යයි. (නි)
සමහරු ලියලා තියෙන දේවල් බැලුවහම හිනා යනවා. මොකද මේ මිනිසුන් ඉන්නෙ ලංකාවෙද කියලා.රනිල් මේ වගේ වැඩකට අතගහපු එක රටට සෙතක් මිස අහිතක් නොවේ. ජනතාවගේ පැතුම විය යුත්තේ නුසුදුසු අයව එළවීම තුළින් රටට සාමය උදාකරලීමය. (නි)
හොඳම අධ්‍යාපන ඇමති කෙසේ වෙතත් ආණ්ඩුවේ අය නම් කියන්නේ හිටපු හොඳම විපක්ෂ නායකතුමා කියලා. (නි)
කාටකාටත් දැන් අතීතය අමතක වෙලා වගෙයි (නි)
මොකුත් නොකර සිටියම බණිනවා, කරන්න හැදුවහමත් බණිනවා. වාසි බලාගෙන කරනවා නම් කොයිතරම් දේවල් තියෙනවද කරන්න. මෙය කාලෝචිතයි. ඉදිරියටම යමු. (නි)
ඔබ කුමන දේශපාලන පක්ෂයක වූවත් කමක් නැහැ. නිවැරැදිව දකින්න උස්සාහ කරන්න. ඔබ උඩ බලාගෙන බණිනවා නම් මට හිතෙන්නේ ඔබට අධ්‍යාපනයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ කියායි. (නි)
ඇත්තටම දැන් එතුමාට කරන්න තියෙන්නේ ආණ්ඩුවට එකතු වෙන්නයි. (නි)
ඇති යන්තම් රනිල් මහත්තයා අන්තිමේදි තේරුම් ගත්තා. (නි)
රනිල් මහත්තයෝ, අවදියෙන් ඉන්න ඕනෑ වෙලාව තමයි මේ. ගල් මුල් ගණන් ගන්න එපා. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම්!(ස)
ඔයාලගෙ ආණ්ඩුවකාලෙ හරියට වැඩ කළානෙ? (අ)
පොල් ගහන්න එහෙම කල්පනාවක් නැද්ද? (නි)
බොර දියේ මාළු බානවා. (අ)
අම්මෝ රනිල් මහත්තය නැගිටල ඉන්නේ. හෙට සිට නිදියන්න නම් එපා. (අ)
අම්බෝ දැන් ඉතින් එස්.බී. බයවෙලා ඉක්මණට සරසවි ඔක්කොම විවෘත කරයි. (අ)
ඇමතිවරු කයිවාරු ගහනවා. ළමයින්ගේ හොඳම කාලේ අපතේ. හොඳ අධ්‍යාපන ඇමැති කෙනෙක් තමා රනිල් (අ)
ඔව් හිටපු හොදම අධ්‍යාපන ඇමැති රනිල් (අ)
අයියෝ සල්ලි! නංගී, මල්ලී, එයාට නම් අහුවෙන්න එපා. (ස)
අනේ රනිල් මහත්තයෝ, යතුරු ටික හොයාගෙන ගිහිල්ලා ඔය සරසවි ටික අරින්නකෝ. (නි)
මොන දේ සමග සෙල්ලම් කළත් අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හොද නැහැ. (නි)
ඒ ගොල්ලන්ගේ මේ වැඩ වලින් පාරවල් අවහිර වෙලා, හවසට ගෙදර යද්දී දුක් විදින්න වෙන්නේ අපිට. (නි)
මේ කට්ටිය බොර දියේ මාලු බානවා වගෙයි පේන්නේ. 'ධවල පත්‍රිකා' අපිට තවමත් මතකයි. (නි)
ඇත්තටම රනිල් මහත්තයා හොද කෙනෙක්. එහෙම මහත්මයෙක් කියනා දේවල් තේරුම් ගන්න බැරි එක අපේ රටේ මිනිස්සුන්ගේ කරුමේ. (නි)
කොහොම හරි ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව විසඳලා දරෑවන්ට සහනයක් අරන් දෙන්න (අ)
අපේ සමහරුන්ගේ වැරදි නිසා රටේ අධ්‍යාපනයේ බරපතළ වරදක් සිදුවුණු එක ඇත්ත. එහෙත් ඉන් දේශසපාලන වාසි ගන්න උත්සාහ කරන එක නම් වැරදියි. (නි)
රනිල් මහත්තයෝ, අවදියෙන් ඉන්න ඕනෑ වෙලාව තමයි මේ. ගල් මුල් ගණන් ගන්න එපා. ඉදිරියටම යමු. අපේ සුභ පැතුම්! (නි)
අනේ! මේ ඡායාරූප බැලුවහම මට නම් හිතුණේ ලංකාවේ සරසවි වලට යන්නේ වයසක අය කියලයි. (නි)
එදත් වසර ගණන් සරසවි වහන්න හේතුව ජේ.වී.පී. එක. අදත් මෙහෙම වහන්න හේතුව ඒකමයි. (නි)
රනිල් තමයි ලංකාවට ඉන්න හොදම නායකයා. (නි)
රටට ජය! (නි)
සමන්, කනකරායම්, ඔයාලා ඉසෙඩ් අගය නිසා ඇමතිලාටත් බණිනවා, ඒක විසඳන්න කියලා පාරට බහින අයටත් බණිනවා. "ලොව දරුණුම ඛේදවාචකය වැරදි මිනිසුන්ගේ ක්‍රියාකලාපය නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි." (නි)
දැන්වත් අපේ රටේ මහජනතාවගේ මොළය පෑදෙයිද? (නි)
හොද මිනිසුන් යැයි කියන්නේ උගත් හෝ නූගත් වේවා අඩුම වශයෙන් රටට කරදරයක් හෝ නොවී සිටිනා අයටය (නි)
ලංකාවේ සිටින හොදම බුද්ධිවන්තයා රනිල් මහතායි (නි)
ඔය පාරය බැහැලා ඉන්න කී දෙනෙක් ඔය ප්‍රශ්නය ගැන හරියටම දන්නවද? (නි)