රුපියල් දහසේ හොර නෝට්ටු නිෂ්පාදනය කළ බව කියන අවසන් වසරේ සරසවි ශිෂ්‍යයෙක්, ඔහුගේ සහෝදරයකු වන නාවික හමුදා භටයෙක් හා තවත් තරුණයෝ දෙදෙනෙක් වේයන්ගොඩ පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබූහ.
විදුලි කාර්මිකයකු වන එළුවාපිටියේ තරුණයා යක්කල මිතුරාද සමග මුලින්ම එම සල්ලි මුද්‍රණය කර ඇතැයි ද, ඉන් පසු සරසවි සිසුවා සහ ඔහුගේ සොයුරා සම්බන්ධ වී ඇතැයි ද, මුද්‍රණය කැරුණු දාහේ නෝට්ටු 75කින් 60ක් පමණ මාරු කර ඇතැයි ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.
අලුතෙන් මුද්‍රණය කළ නෝට්ටු තුනක් වේයන්ගොඩ හෝටලයකින් මාරු කරන්නට යද්දී පොලීසියට කොටු විය.
අඩක් සැකැසූ නෝට්ටු හයක් ද, පරිගණකයක් ද, මුද්‍රණ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගෑනීමට මුදල් නෑතුව ඈති ගුරු සිත නොරිදන ලමයෙක්.(නදී)
බී.එස්.සී(හොරනෝට්ටු) ද උපාධිය?(නදී)
හොර නෝට්ටු උපාධිදාරියෙක්ද? (නදී)
මේ වගේ අයගෙන් අපිට ගොඩක් වැඩ ගන්න පුළුවන්. හොද පැත්තට යොමු කිරීම තමයි වැදගත්ම.(නදී)
රොෂාන්, මේක බුද්ධියෙන් කරන වැඩක් නෙමෙයි. මෙයාලගෙන් රටට වැඩක් ගන්ක බැහැ. ස්කෑනර් එකක් තියෙනවා නම් ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන්.(නදී)
තාප්ප වල පෝස්ටර් ගහන්න සල්ලි නැතුව ඇති. විශ්ව විද්‍යාල ගියත් අවුරුදු ගානක් යනවා රකියාවක් හොයාගන්න වියදමට සල්ලි නැති නිසා කරන්න ඇති. අනේ පව් .(නදී)
ලංකාවේ හොර සල්ලි අච්චු ගහන හැටියෙන්ම පේනවා ජීවත්වෙන්න කොච්චර අමාරුද කියලා.(නදී)
සල්ලි අච්චු ගහන්න මෙච්චර වියදම් යන එකේ මෙයාලට දුන්නා නම් ඉවරනේ.(නදී)
හොර නෝට්ටුවක් මුද්‍රනය කරන්නත් හොද දැනුමක් තියෙන්න ඕනේ. මෙයලෙව මහ බැංකුවේ සල්ලි අචිචු ගහන්න දැමිම නමි හරි.(නදී)
තවත් ලංකාවේ ඓස්චර්යයක් පුදුමයක් වාගේ.(නදී)
ඉතින් කාටද කියන්නේ (දී)
ගෞරව උපාධියක්.(නදී)
චෞරවේදී ගෞරව උපාධියද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)
මෙකත් පුළුවන්නම් NDT අය කලා කියන්න (ස)
ඇයි ඔයාලගෙත් ජීවන විදම වැඩියිද ? (ස)