ගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් නොකළත් දෙසැම්බර් 27 වැනිදා සිට ඔවුනට බලෙන් හමුදා කඳවුරුවල නායකත්ව පුහුණුව දීමට යතියි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. මෙය සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරන, හීලා කර ගත හැකි පිරිසක් බිහි කර ගැනීමේ වෑයමක් බවත්, විශ්ව විද්‍යාල හමුදා කරණයට ලක් කිරීමේ වැඩ පිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක කිරීමක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. පාසල් හා විශ්ව විද්‍යාලවලින් මේ වැඩ පිළිවෙල වහා හකුලා ගන්නැයි ද ඔහු ප්‍රකාශ කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ළමයින්ට මිටවඩා හොද ක්‍රමයක් හදුන්නලා දුන්නා නම් හොදයි (දී)
මේ හමුදා පුහුණුව කිසිම වැඩක් නැති එකක්. ගොඩක් දියුණු හැම රටකම හමුදා පුහුණුව අනිවාර්ය නැහැ. තමන් කැමැත්තෙන් යන්න පුළුවන්. මේක යෝජනා කරපු අය හිතාගෙන ඉන්නේ හැම ප්‍රශ්නයකටම විසඳුම හමුදාව කියල. හමුදාකරණයේ විපාක මේ රටේ මිනිස්සු දැන ගන්න කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. (ත)
කියන ඕන දෙයක් හිතන්නෙ නැතිව කරන සමාජයක් හදන්න නම් හොදයි. ඒත් සිවිල් සමාජය ඒහෙම ඒකක් වෙලා පුලුවන් ද? (ත)
මම හිතන්නේ මෙවන් පුහුණුවක් තුලින් ළමයින් වෙනස් කරන්න බැහැ (දී)
එහෙම කියන්න එපා, මෙවැනි පුහුණුවක් අත්තාවශ්‍යයි (දී)
මම ඒ කතාව පිලි ගන්නේ නැත (දී)
හමුදාවයි විශ්වවිද්‍යාලයි එකට ගන්න එපා (දී)
සරසවි තවත් නැති කරන්න නම් හොදයි (දී)
ඒ කතාව ඇත්ත (දී)
මෙය ඉතාම හොද වැඩක්. ‘නොදන්න කමට මොනවාද මේ කියන්නේ. මෙයට කලින් ගිය අයගෙන් සොයා බලන්න. මේක හමුදා පුහුණුවක් නෙමෙයි. ලීඩර්ෂිප් ට්‍රේනින් එකක්. ඒක ඉතාම හොදයි. (නි)
දැන් කාලේ ළමයින්ට ඕන වෙලා තියෙන්නේ වෙන වෙන පුහුණු සහ නවක වදය විතරයි (ස)
හොද දෙයක්. පොතටම හිරවෙලා හිටපු තරුණ ළමයින්ගේ වෙනත් හැකියාවන් මේකෙන් දියුණු වේවි. (නි)
ඒක මම දකින්නේ මුදල් නහස්තියක් ලෙස (දී)
අපොස(සාපෙළ)ට එනකොට ඉස්කෝල වලට ඇතුලු වුණු අයගෙන් කාලක් හැලිලා. ඒකෙන් බාගයයි අපොස(උසස් පෙළ)කරන්නෙ. ඒකෙනුත් අරික්කාලයි කැම්පස් යන්නෙ. එයාලගෙ විතරද ඔළු හදන්න තියෙන්නෙ. අනිත් එක ඔය පුහුණු අයට නායකත්ව පුහුණු දෙන්නේ පරම චේතනාවෙන්මද? බහුතර අපේ රටේ අධ්‍යාපන ඇගයීම් ක්‍රම වල ඇති වැරැද්ද නිසා හැලෙන අයගේ මානසිකත්වයත් සළකා බලන්න. අද ඉච්ඡාභංගත්වයට පත්වුණු බහුතර තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන් එහෙම වෙලා ඉන්නේ ඔවුන් අදක්ෂයන් නිසා නොවේ. ඔවුනුත් දක්ෂයි,නිර්මාණශීලී. පරම චේතනාවෙන් ඕවා කරනවා නම් අන්න එයාලටත් යමක් කරන්න. ආධුනිකත්ව පාඨමාලා කරවලා අන්තිමේ අතරමං කරලා දානවට වඩා හොද දෙයක්. (නි)
ඒ කතාව ඇත්ත, මමත් පිලි ගන්නවා (දී)
ලංකාවේ පාලකයෝ කරන්නෙම අවශ්‍ය දේවල් ඉවත් කරලා අනවශ්‍ය දේවල් වලට ප්‍රමුඛස්ථානය දෙන එක. (නි)
එහෙම කියන්න එපා හමුදා පුහුණුවක් තුලින් ඕනෑම කෙනෙක්ගේ විනය හැදෙනවා (දී)
ඒ හමුදාවේ අය නොවෙයි, ළමයි ඉන්නේ (දී)
මමත් විරුද්දයි ඒ වදෙව්ට නම් (දී)
විමුක්ති , සමන්ති, මම ඔබ සමග එකගයි. (නි)
දැන් ළමයි ගෙවල් වලට වෙලා අවුරුද්දකටත් වැඩියි. ඒවා ගැන නම් කතා මොකුත් නැහැ. (නි)
දැන් 2011 විභාගේ තිබිලා මාස 16!විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න තවත් මාස 4 ක් වත් යයි එයාලට ඒවා ගැන ගානක් වත් නෑ වැඩිපුර සිසුන් ගන්න ගොඩනැගිලිවත් හදන්න් නෑ වැඩකට නැති නායකත්ව පුහුණුවක් අල්ල ගෙන (නු)
ලෝකයේ දියුණු රටවල් හමුදාපුහුණුව අත්‍යාවශය කර ඇත..මම නම් කියන්නේ මෙය ඉතා වැදගත්..!(නු)
පහු වෙලා හරි තේරුම් ගැනීමට ලැබීම ගැන ස්තුති වෙනවා..!(නු)
මේ පුහුණු පාඨමාලාව ඉතා වැදගත්. බබාලා වගේ හැදුණූ සමහර ළමයින්ට මේ පාඨමාලාව අත්‍යවශ්‍යයි. (නි)
මම නම් කියන්නේ මේක ඉතාම වැදගත්..!(නු)
එස්.බී මහත්තයා මොනවා කරන්න හදනවාද මන්දා...(නු)
බහුතරයක් පාසල්වලින් එලියට එන ළමයි ශාරීරිකව දුර්වල වේගනයි එන්නේ.. ඔවුන්ගේ ජවය ඇති කර රටට වැඩදායී කිරීම ඉතාම හොදයි.!(නු)
එස්.බී. ඇමතිතුමා මොනවාද කරන්න හදන්නෙ..!(නු)
මොනවාද මේ කියන්නේ..!(නු)
නිද්‍රාශීලි සමාජයක් බිහිවනවාට වඩා කාර්යක්ෂම පිරිසක් ඉදිරියේදී බිහිවීමට මෙය ඉතාම හොද වැඩක්..!(නු)
නවක වදය ඕනෑ කියන අයියලට නම් මේක දෙන්නම ඕනෑ. (නි)
ඒ ශ්‍රේෂ්ඨ හමුදා විරුවාණන්ගේ නමට නිගා කිරීමක් නේද මේ කරන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ජානක තමා ඊළග අධ්‍යාපන ඇමති..!(නු)
හැමදේටම අකුල් හෙළන්නත් එපා. ගොඩක් දියුණු රටවල හමුදා පුහුණුව අනිවාර්යයයි. (නි)
මම නම් කියන්නෙ විද්වත් මණ්ඩලයකින් මේක අවශ්‍යද කියලා සොයා බලන්න ඕනෑ. දැන් කෙරෙන්නෙ දේශපාලකයන්ට අවශ්‍ය දේනේ. (නි)
ඉදිරියේදී හොද හොද දේවල් තියෙයි. (නි)
අනේ මං දන්නෙ නැහැ තවම විශ්වවිද්‍යාලවලට තෝරගෙන නැතත් ලියුමක් නම් එවල තියෙනව ලීඩර්ෂිප් ට්‍රේනින් එකට 27දා එන්න කියල. ගියපාරත් එහෙමමයි තෝරගත්ත කෝස් එක දන්නෙ නැතුව කොහොමද අපි ඔකට යන්නෙ? (අ)
‘වඩා කාර්යක්ෂම පිරිසක් ඉදිරියේදී බිහිවීමට මෙය ඉතාම හොද වැඩක්.‘ අනේ මෙහෙමත් නොදන්න දේ කියන අය ඉන්න රටක අපිත් ඉපදුනානේ. (ත)
මමත් විරුද්දයි ඒ වැඩේට. මොකද ළමයින්ව හමුදා නීතියෙන් හදන්න බැහැ (දී)
සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලන්න යනකොට රට හමුදාකරණය කරන්නයි යන්නේ කියලා කියපු අය දැන් මොනවද මේ කරන්න යන්නේ? (ත)
මමත් පිලිගන්නවා ඒක (දී)