IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සරසවියට හමුදා පුහුණුව එපා

ගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් නොකළත් දෙසැම්බර් 27 වැනිදා සිට ඔවුනට බලෙන් හමුදා කඳවුරුවල නායකත්ව පුහුණුව දීමට යතියි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. මෙය සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරන, හීලා කර ගත හැකි පිරිසක් බිහි කර ගැනීමේ වෑයමක් බවත්, විශ්ව විද්‍යාල හමුදා කරණයට ලක් කිරීමේ වැඩ පිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක කිරීමක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. පාසල් හා විශ්ව විද්‍යාලවලින් මේ වැඩ පිළිවෙල වහා හකුලා ගන්නැයි ද ඔහු ප්‍රකාශ කරයි.



අදහස් (0)

සරසවියට හමුදා පුහුණුව එපා

විමුක්ති Thursday, 13 December 2012 11:29 PM

‘වඩා කාර්යක්ෂම පිරිසක් ඉදිරියේදී බිහිවීමට මෙය ඉතාම හොද වැඩක්.‘ අනේ මෙහෙමත් නොදන්න දේ කියන අය ඉන්න රටක අපිත් ඉපදුනානේ. (ත)

:       0       0

බුද්ධික Thursday, 13 December 2012 11:32 PM

මමත් විරුද්දයි ඒ වැඩේට. මොකද ළමයින්ව හමුදා නීතියෙන් හදන්න බැහැ (දී)

:       0       0

කීර්ති Thursday, 13 December 2012 11:28 PM

සරත් ෆොන්සේකා ඡන්දය ඉල්ලන්න යනකොට රට හමුදාකරණය කරන්නයි යන්නේ කියලා කියපු අය දැන් මොනවද මේ කරන්න යන්නේ? (ත)

:       0       0

ගිමාල් Friday, 14 December 2012 02:00 PM

දැන් ළමයි ගෙවල් වලට වෙලා අවුරුද්දකටත් වැඩියි. ඒවා ගැන නම් කතා මොකුත් නැහැ. (නි)

:       0       0

මිනු Friday, 14 December 2012 01:00 AM

මමත් පිලිගන්නවා ඒක (දී)

:       0       0

සේනක Friday, 14 December 2012 04:05 AM

හොද දෙයක්. පොතටම හිරවෙලා හිටපු තරුණ ළමයින්ගේ වෙනත් හැකියාවන් මේකෙන් දියුණු වේවි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 December 2012 04:42 AM

මේ හමුදා පුහුණුව කිසිම වැඩක් නැති එකක්. ගොඩක් දියුණු හැම රටකම හමුදා පුහුණුව අනිවාර්ය නැහැ. තමන් කැමැත්තෙන් යන්න පුළුවන්. මේක යෝජනා කරපු අය හිතාගෙන ඉන්නේ හැම ප්‍රශ්නයකටම විසඳුම හමුදාව කියල. හමුදාකරණයේ විපාක මේ රටේ මිනිස්සු දැන ගන්න කොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. (ත)

:       0       0

නිමල් Friday, 14 December 2012 06:17 AM

කියන ඕන දෙයක් හිතන්නෙ නැතිව කරන සමාජයක් හදන්න නම් හොදයි. ඒත් සිවිල් සමාජය ඒහෙම ඒකක් වෙලා පුලුවන් ද? (ත)

:       0       0

මාලක Friday, 14 December 2012 06:21 AM

මම හිතන්නේ මෙවන් පුහුණුවක් තුලින් ළමයින් වෙනස් කරන්න බැහැ (දී)

:       0       0

දහම් Thursday, 13 December 2012 05:59 PM

ඒ ශ්‍රේෂ්ඨ හමුදා විරුවාණන්ගේ නමට නිගා කිරීමක් නේද මේ කරන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නෙලුම් Friday, 14 December 2012 07:01 AM

එහෙම කියන්න එපා, මෙවැනි පුහුණුවක් අත්තාවශ්‍යයි (දී)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 07:03 AM

මම ඒ කතාව පිලි ගන්නේ නැත (දී)

:       0       0

කොස්වත්ත Thursday, 13 December 2012 06:06 PM

ලෝකයේ දියුණු රටවල් හමුදාපුහුණුව අත්‍යාවශය කර ඇත..මම නම් කියන්නේ මෙය ඉතා වැදගත්..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 13 December 2012 06:07 PM

පහු වෙලා හරි තේරුම් ගැනීමට ලැබීම ගැන ස්තුති වෙනවා..!(නු)

:       0       0

මාලක Friday, 14 December 2012 07:35 AM

හමුදාවයි විශ්වවිද්‍යාලයි එකට ගන්න එපා (දී)

:       0       0

ගාමිණි Thursday, 13 December 2012 06:14 PM

මේ පුහුණු පාඨමාලාව ඉතා වැදගත්. බබාලා වගේ හැදුණූ සමහර ළමයින්ට මේ පාඨමාලාව අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

අල්විස් Friday, 14 December 2012 07:53 AM

සරසවි තවත් නැති කරන්න නම් හොදයි (දී)

:       0       0

දමිත Thursday, 13 December 2012 06:45 PM

මම නම් කියන්නේ මේක ඉතාම වැදගත්..!(නු)

:       0       0

ශාන්ති Thursday, 13 December 2012 06:45 PM

එස්.බී මහත්තයා මොනවා කරන්න හදනවාද මන්දා...(නු)

:       0       0

සරත් Thursday, 13 December 2012 06:39 PM

බහුතරයක් පාසල්වලින් එලියට එන ළමයි ශාරීරිකව දුර්වල වේගනයි එන්නේ.. ඔවුන්ගේ ජවය ඇති කර රටට වැඩදායී කිරීම ඉතාම හොදයි.!(නු)

:       0       0

හේරත් Friday, 14 December 2012 08:08 AM

ඒ කතාව ඇත්ත (දී)

:       0       0

සමිත Thursday, 13 December 2012 06:45 PM

එස්.බී. ඇමතිතුමා මොනවාද කරන්න හදන්නෙ..!(නු)

:       0       0

දම්මි Thursday, 13 December 2012 06:45 PM

මොනවාද මේ කියන්නේ..!(නු)

:       0       0

සමන්ති Thursday, 13 December 2012 06:39 PM

නිද්‍රාශීලි සමාජයක් බිහිවනවාට වඩා කාර්යක්ෂම පිරිසක් ඉදිරියේදී බිහිවීමට මෙය ඉතාම හොද වැඩක්..!(නු)

:       0       0

උපාලි Friday, 14 December 2012 08:32 AM

මෙය ඉතාම හොද වැඩක්. ‘නොදන්න කමට මොනවාද මේ කියන්නේ. මෙයට කලින් ගිය අයගෙන් සොයා බලන්න. මේක හමුදා පුහුණුවක් නෙමෙයි. ලීඩර්ෂිප් ට්‍රේනින් එකක්. ඒක ඉතාම හොදයි. (නි)

:       0       0

උපුල් Friday, 14 December 2012 08:39 AM

දැන් කාලේ ළමයින්ට ඕන වෙලා තියෙන්නේ වෙන වෙන පුහුණු සහ නවක වදය විතරයි (ස)

:       0       0

ජනක Thursday, 13 December 2012 06:52 PM

නවක වදය ඕනෑ කියන අයියලට නම් මේක දෙන්නම ඕනෑ. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 13 December 2012 07:03 PM

දැන් 2011 විභාගේ තිබිලා මාස 16!විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න තවත් මාස 4 ක් වත් යයි එයාලට ඒවා ගැන ගානක් වත් නෑ වැඩිපුර සිසුන් ගන්න ගොඩනැගිලිවත් හදන්න් නෑ වැඩකට නැති නායකත්ව පුහුණුවක් අල්ල ගෙන (නු)

:       0       0

සිසිර Thursday, 13 December 2012 07:04 PM

ජානක තමා ඊළග අධ්‍යාපන ඇමති..!(නු)

:       0       0

සරත් Friday, 14 December 2012 08:45 AM

මම හිතන්නේ ළමයින්ට මිටවඩා හොද ක්‍රමයක් හදුන්නලා දුන්නා නම් හොදයි (දී)

:       0       0

අල්විස් Friday, 14 December 2012 08:57 AM

ඒක මම දකින්නේ මුදල් නහස්තියක් ලෙස (දී)

:       0       0

රංජිත් Friday, 14 December 2012 08:58 AM

අපොස(සාපෙළ)ට එනකොට ඉස්කෝල වලට ඇතුලු වුණු අයගෙන් කාලක් හැලිලා. ඒකෙන් බාගයයි අපොස(උසස් පෙළ)කරන්නෙ. ඒකෙනුත් අරික්කාලයි කැම්පස් යන්නෙ. එයාලගෙ විතරද ඔළු හදන්න තියෙන්නෙ. අනිත් එක ඔය පුහුණු අයට නායකත්ව පුහුණු දෙන්නේ පරම චේතනාවෙන්මද? බහුතර අපේ රටේ අධ්‍යාපන ඇගයීම් ක්‍රම වල ඇති වැරැද්ද නිසා හැලෙන අයගේ මානසිකත්වයත් සළකා බලන්න. අද ඉච්ඡාභංගත්වයට පත්වුණු බහුතර තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන් එහෙම වෙලා ඉන්නේ ඔවුන් අදක්ෂයන් නිසා නොවේ. ඔවුනුත් දක්ෂයි,නිර්මාණශීලී. පරම චේතනාවෙන් ඕවා කරනවා නම් අන්න එයාලටත් යමක් කරන්න. ආධුනිකත්ව පාඨමාලා කරවලා අන්තිමේ අතරමං කරලා දානවට වඩා හොද දෙයක්. (නි)

:       0       0

සුනිල් Friday, 14 December 2012 08:53 AM

ඒ කතාව ඇත්ත, මමත් පිලි ගන්නවා (දී)

:       0       0

ලලිත් - කටාර් Thursday, 13 December 2012 07:14 PM

හැමදේටම අකුල් හෙළන්නත් එපා. ගොඩක් දියුණු රටවල හමුදා පුහුණුව අනිවාර්යයයි. (නි)

:       0       0

සුජී Thursday, 13 December 2012 07:24 PM

මම නම් කියන්නෙ විද්වත් මණ්ඩලයකින් මේක අවශ්‍යද කියලා සොයා බලන්න ඕනෑ. දැන් කෙරෙන්නෙ දේශපාලකයන්ට අවශ්‍ය දේනේ. (නි)

:       0       0

අජිත් Thursday, 13 December 2012 07:50 PM

ඉදිරියේදී හොද හොද දේවල් තියෙයි. (නි)

:       0       0

පාලිත Friday, 14 December 2012 10:34 AM

ලංකාවේ පාලකයෝ කරන්නෙම අවශ්‍ය දේවල් ඉවත් කරලා අනවශ්‍ය දේවල් වලට ප්‍රමුඛස්ථානය දෙන එක. (නි)

:       0       0

උදාර Friday, 14 December 2012 10:34 AM

එහෙම කියන්න එපා හමුදා පුහුණුවක් තුලින් ඕනෑම කෙනෙක්ගේ විනය හැදෙනවා (දී)

:       0       0

උදය Friday, 14 December 2012 10:50 AM

ඒ හමුදාවේ අය නොවෙයි, ළමයි ඉන්නේ (දී)

:       0       0

සලාබින් Thursday, 13 December 2012 09:14 PM

අනේ මං දන්නෙ නැහැ තවම විශ්වවිද්‍යාලවලට තෝරගෙන නැතත් ලියුමක් නම් එවල තියෙනව ලීඩර්ෂිප් ට්‍රේනින් එකට 27දා එන්න කියල. ගියපාරත් එහෙමමයි තෝරගත්ත කෝස් එක දන්නෙ නැතුව කොහොමද අපි ඔකට යන්නෙ? (අ)

:       0       0

සහන් Friday, 14 December 2012 11:29 AM

මමත් විරුද්දයි ඒ වදෙව්ට නම් (දී)

:       0       0

අල්විස් Friday, 14 December 2012 11:39 AM

විමුක්ති , සමන්ති, මම ඔබ සමග එකගයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 1 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 77 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 273 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 565 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 424 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3614 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site