සෙංකෝලය රැගෙන ඒමෙන් පසු පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඇරැඹේ.
කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් අද පාර්ලිමේන්තුව අරැඹිණි.
තේරීම් කාරක සභාවේ නම් කතානායක ඉදිරිපත් කරයි ්දි
නේෂ් ගුණවර්ධන
එස් බී දිසානායක
නිමල් සිරිපාල
මහින්ද සමරසිංහ
විමල් වීරවංශ
ලක්ෂ්මන් කිරිඇල්ල
මනෝ ගනේෂන්
රිෂාඩ් බදුර්දීන්
පාඨලී චම්පික රණවක
මාවෙයි සේනාධිරාජා
විජිත හේරත්
තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බැවින් තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
කතානායකවරයා ව්‍යවස්ථා විරෝධී කතානායකවරයකු යැයි කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකට චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේ ඝෝෂා
ලක්ෂ්මන් කිරිඇල්ල - පාර්ලිමේන්තුවේ අගමැතිවරයකු නැතැයි ඔබ ප්‍රකාශයක් කර තිබෙනවා. ආණ්ඩුව කියන අයට මම කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියලා. ඔවුන් තවම බහුතරය පෙන්වලා නෑ. බහුතරය පෙන්නුවොත් අපි බලතල දෙනවා.
තේරීම් කාරක සභාවට තමාගේ පක්ෂයටත් අවස්ථාවක් අවශ්‍ය බව ඩග්ලස් දේවානන්ද කියයි.
බන්දුල ගුණවර්ධන - අපේ රජය පාර්ලිමේන්තුවේ පිළිගන්න.
අනුර කුමාර දිසානායක - හඳපානේ ජනාධිපති ඇවිත් අගමැති ගෙනත් ආණ්ඩු හදන ඒවා තමයි කැලෑ නීති. මේ තේරීම් කාරක සභාව ගැන ප්‍රශ්නයක් තිබේ නම් පාර්ලිමේන්තුවේ තමයි තීරණය ගත යුත්තේ. ඒ සඳහා නමින් ඡන්දයක් ඕනෑ.
කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව හැසිරෙන බව කියනවා නම් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන එල චෝදනා කරන පිරිසට කියනවා.
විමල් වීරවංශ - පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යේාජනාවක් සම්මත වෙලා නෑ. විශ්වාස භංගයක් හඬින් සම්මත කරන්න බෑ.
කතානායකගේ තීරණයට එකඟ නොවන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියයි
විමල් වීරවංශ කතානායකට මූලාසනාරූඩ මන්ත්‍රී ලෙස ආමන්ත්‍රණය කරයි.
අපි මේ පාර්ලිමේන්තුව අත හැර යන බව විමල් වීරවංශ කියයි.
සභාවේ ඝෝෂා
අජිත් පී පෙර්රා - පාර්ලිමේන්තුව පාලනය විය යත්තේ ස්ථාව නියෝග අනුවයි . නම් ලැයිස්තුවේ ආණ්ඩුව විපක්ෂය කියලා නෑ. මෙය ස්ථාවර නියෝගවලට එකඟයි.
ලක්ෂ්මන් කිරිඇල්ල - කතානායකතුමනි නමින් ඡන්දයක් ගන්න
සභාවේ ඝෝෂා
නමින් ඡන්දය විමසීමන බෙදුම් සීනුව නාද කරන්නැයි කතානායක දැනුම් දෙයි
කතානායක - ඡන්දය ගන්නේ ඉලෙට්‍රෝනික් ක්‍රමයට
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යයි.
කතානායකට විරෝධය දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව යති.
ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඡන්දය ලබා ගැනීම ඇරැඹේ.
ඉලෙක්ට්‍රෝනික් ක්‍රමය වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරුන් ළඟට නිලධාරීහු ගොස් සහාය දෙති.
ඉලෙට්‍රෝනික ක්‍රමයට බැරි වූ මන්ත්‍රීහු වාචිකව ඡන්දය දෙති.
තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ යෝජනාව ගැන ඡන්ද විමසීම අවසන්.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය.
තවත් වරක් නමින් ඡන්දයක් පවත්වන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළේය. නමුත් එය ප්‍රතික්ෂේප විය.
පාර්ලිමේන්තුවෙන් ආණ්ඩුවක් නැතැයි තීරණයක් දී තිබිය දී ජනමාධ්‍ය ආණ්ඩුපක්ෂ්ය යැයි භාවිතා කිරීම වැරදි බව මන්ත්‍රීවරයෙක් පැවසීය.
පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව විජිත හේරත් මහතා ඉදිරිපත් කරයි.
එය ස්ථිර කරමින් අනුර කුමාර දිසානායක මහතා කතා කරයි
මෙම අස්ථාවර බව ඕපපාතිකව නිර්මාණය වුණේ නෑ. මෙම අස්ථාවර බව දේශපාලන කුමන්ත්රණයක ප්‍රතිඵලයක්. ඔක්තේාබර් 26 වැනි දා පැහැදිලිවම දේශපාලන කුමන්ත්රණයක්ක්රියාත්මක වුණා.
එක මැතිවරණයක සිට තවත් මහ මැතිවරණයක් වෙනකම් කාලයේ දී අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා බහුතර කැමැත්ත අනුව ආණ්ඩුවක් තෝරාගන්න.
ආණ්ඩු පෙරළීම සඳහා පිළිගත හැකි ක්‍රම තුනක් තිබෙනවා. 26 වැනි දා සිදුවූයේ එවැනි දෙයක් නොවෙයි.
මේසෙක දෙපැත්තක හිටගෙන මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා උඹ අගමැති මම ජනපති කියලා. මෙය දේශපාලන කුමන්ත්‍රණයක්
ලෝකයේ මෙවැනි රටක මෙවැනි ආණ්ඩු පෙරලීම් වුණා නම් එය ලේ වැගිරීම්වලිනුයි නවතින්නේ. අපේ රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා.
මෙවැනි පක්ෂයේ ආණ්ඩු පෙරලි පොදුජනතාවගේ මහා ලේ ගංගාවක් වීම වලක්වන්න බෑ. ජීවිත දෙක්ක අහිමිවී තිබෙනවා. අතවමත් මෙය අවසන් වෙන්නේ කෙසේදැයි තවම කියන්න බෑ.
අපි මේ කුමන්ත්‍රණය පිළිගන්නවා නම් නැවත කුමන්ත්‍රණයක් සිදු විය හැකියි. මේ කුමන්ත්‍රණය පරාජයට පත් කළ යුතුයි කියන ස්ථාවරයේ ජනතා විමුක්ති පෙරමුණේ අපි හිටියා.
බලයෙන් බලය හරහා බහුතරය නිර්මාණය කර ගන්න කටයුතු කළා. තමන්ට තිබෙන මනාප ගණන සහ පාර්ලිමේන්තුවේ සිටි කාලය අනුව ගණන තීරණය කර වෙන්දේසි වුණා. පනින් විතරක් නෙමෙයි, නවතින්නත් සල්ලි ගත්තා.
අපේ රටේ අශිෂ්ඨත්වයට පත් දේශපාලන ක්‍රමය වෙනස් කරන්න දිගුකාලීනව ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.
බලහත් කාරයෙන් බලය හදාගෙන, බිය ගන්වමින් මේ අශුද්ධ ක්‍රියාවලිය පන් ගත්තා. එය ජයගන්න ජනපතිට හැකියාව තිබුණේ නෑ. පාර්ලිමේන්තුව කල් තියලා වෙන්දේසිය පටන් ගත්තා. ඒත් බැරිවුණු තැන පාර්ලිමේන්තුව විසිරෙව්වා.
පාර්ලිමේන්තුව තෝරා ගත්තේ එක ජනවරමකින්. ජනපති තේරෙුණේ තවත් ජනවරමකින්. එක ජනවරමක් විසින් තවත් ජනවරමක් යටත් නොකළ යුතුයි.
අපේ ව්‍යවස්ථාව යටතේ එක් ජනවරමක් ඉවත් කරන්න ජනපතිට හැකියාව තිබුණා. ජේආර් ජයවර්ධන කළ වැඩේ අපි දන්නවා. ඒ ඒකාධිපතිත්වය ඉවර වුණේ උතුරෙත් දකුණෙත් ජීවිත විශාල ගණනක් අවසන් වෙලා. උතුරේ ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණටත් විශාල වගකීමක් තිබෙනවා.ප්රජාතන්ත්ර විරෝධී සටනට විරුද්ධව නැගී සිටින්න.
2015 ජනවාරි අට වැනි දා ජනවරම ලැබුණා විධායක ජනාධිපතික්රමය ඉවත් කරන්න. 19 සංශෝධනයේ හරය තමයි ජනපතිගේ බලයෙන් පාර්ලිමේන්තුව යටපත් නොකළ යුතුයි කියන එක. ජනපති පාර්ලිමේන්තුව විසිරෙව්වේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමිනුයි.
ජනාධිපතිට තමන්ගේ ඔළුවේ ඇතිවන මනස්ගාතවලට රටක් පාලය කරන්න බෑ. ජනාධිපතිට රට පාලනය කළ හැකි සීමා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාව කඩලා තිබෙනවා.මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවට එරෙහිව අපි අධිකරණයට ගියා. සියවස් දෙකකට වැඩි ඉතිහාසයක් අපේ අධිකරණ පද්ධතියට තිබෙනවා.
විධායකයේ බලයෙන් පාර්ලිමේන්තුව නිහඬ කර තිබෙනවා. විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් එකට ගැට ගැහුණු නඩුවක් මෙය.
ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවමින් ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. ඉන් පසු අපි කිව්වා කුමන්ත්රණයේ දෙවැනි පියවර පාර්ලිමේන්තුවේදී පරාජය කරන බව අපි කිව්වා.
14 වැනි දා දිනය ඉතාමත් තීරණාත්මක දිනයක් වීමට තිබුණා.
අශිෂ්ඨ, ජනවරමට විරෝධී කුමන්ත්‍රණයට විරුද්ධව ශිෂ්ඨත්වය බලාපෙරෛාත්තු වෙන්න එපා කියලා අපි ජනාධිපතිට කියනවා.
පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ගැන අපි හොඳ ඇගයීමට ඉන්නවා. පාර්ලිමේන්තුවෙන් සියල්ල විසඳා ගතයුතු කියන තැන අපි නෑ. අපි උත්සාහ කරමින් සිටිනවා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ ස්ථාවර නියෝග රැකගන්න.අපි ඔබේ හෝ කාර්ය මණ්ඩලය බාධා කළේ නෑ.
අපි ස්ථාව නියෝග සකස් කරද්දි දවසක විවාදයක් තිබ්බා. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම අනුමත කළා. ඒ ස්ථාවර නියෝගයි දැන් තිබෙන්නේ. අද රටේ පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන්න ජනාධිපති පෙළඹිලා තිබෙනවා.
ස්ථාවර නියෝගවල 135 වගන්තියේ පැහැදිලිව තිබෙනවා ස්ථාවර නියෝග අත්හිටුවන්න පුලුවන් කියලා. පාර්ලිමේන්තුවේ යේාජනාවක් ගන්න පුලුවන් වෙන විදියට ස්ථාවර නියෝග කිහිපයක් අත්හිටුවන යෝජනාවක් සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙනාවා.
ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව හරියට සම්මත වුණා. ඊට කවුරුත් විරෝධය දැක්වුවේ නෑ.
ඉන් පසු විශ්වාස භංගය මම යෝජනා කළා. විජිත හේරත් මහතා ස්ථිර කළා. විශ්වාස භංගය තමයි පාර්ලිමේන්තුවේ විවාද කළ යුත්තේ කියා අපි පිළිගන්නවා. ස්ථාවර නියෝග අනුව අපි යෝජනාව ඉදිරිපත් කළා. ඊට විවාදයක් අවශ්‍යයි. අපි කැමැත්තෙන් හිටියා විශ්වාස භංග යේාජනාව විවාදයට ගන්න. මා ඉදිරිපිටස තමයි මහින්ද රාජපක්ෂ මහතා වාඩි වෙලා හිටියා. මඩ කාලාන්තරයක සිට අවශ්‍යතාවක් තිබ්බා ඔගේ ක්‍රියාකාරකම් ගැන ඔහුගේ ඉදිරිපිටම කතා කරන්න.
ජනවාරි මාසේ 8 ප්‍රතිඵලය එජාප ශඛ්යතාවයෙන් පමණක් ගත්තු එකක් නෙමෙයි. ලක්ෂ 62ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ එජාපෙ උවමනාවම නෙමෙයි. එදා ජනවාරි අට වැනි දා 62 ලක්ෂයක ජනවරමේ අපේක්ෂාවක් තිබ්බා.ජනවරමෙන් දින 50ක් යද්දි බැඳුම්කර මංකොල්ලය සිදු කළා.
ඉන් පස්සේ විනාශකාරී ආර්ථික ප්රතිපත්තියකට ගියාවිශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ මාෂ 18ක් වහලා තිබ්බා. රාජිත සේනාරත්නගේ පෞද්ගලික උවමනා මත තමයි සයිටම් ප්රශ්නය ඇදිලා ගියේ.
සිංගප්පූරු ගිවිසුම අත්සන් කරද්දි සාකච්ඡා කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නෑ. හිටපු අගමැතිගේ හෝ මලික් සමරවික්‍රමගේ පෞද්ගලික දේපොළ නෙමෙයි මේ. පෞද්ගලික දේපොල නම් හඳපානේ කළත් කමක් නෑ. හම්බන්තොට ගිවිසුම අත්සන් කළේ තක්කඩි විදියටයි.
විශ්වාස භංග යේාජනාවට විධිමත් විවාදයක් දෙනවා නම් රනිල්ගේ ආණ්ඩුව ගැනත් ඔහුටත් ඇහෙන්න ලොකු වුවමනාවක් තිබ්බා එදාටත් සිහිබුද්ධියෙන් අහයි කියලා අපි හිතුවා.හැබැයි අපිට විවාදය කර ගන්න බැරි වුණා. කතානායකතුමා අවස්ථා තුනකදී කියනවා නමින් ඡන්දය ගන්න.
14, 15, 16 කතානායකතුමා ගත් තීන්දුව ගැන අපි පැසසුමට ලක් කරනවා.
විශ්වාස භංගය හරියට වුණාද නැද්ද කියලා කියන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට තියෙන අයිතිය මොකද්ද ?
පාර්ලිමේන්තුවේ තීරණය ගන්නේ කතානායකතුමා.
ඔබතුමා 15 වැනි දා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා විශ්වාස භංගය සම්මත වූ නිසා ආණ්ඩුවක් නොමැති බව.
ජනාධිපතිට පොලොන්නරුවේ කුඹුරක් වගා කරන්න පුලුවන් හිතුණු විදියට. නමුත් ජනාධිපතිකම කරන්න බෑ හිතුණු විදියට. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට යටත්.
ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා ආණ්ඩුව විසිරුවන්න පුලුවන් ක්‍රමය. ඊයෙත් කැබිනට් මණ්ඩලය රැස්වුණා. ව්‍යවස්ථාවේ තිබෙනවා විශ්වාස භංගයක් සම්මත වූ වහාම අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා කියා.
ඉන් පසු අග්‍රාමාත්‍යවරයා සහ ඇමැතිවරුන් පත් කළ යුතුයි. ජනාධිපතිට පැවරී තිබෙන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමයි.
එතුමාට ඕන නම් රාජපක්ෂ මහත්තයා එක්ක හුරතල් වෙන්න. ආයෙත් අගමැති විදියට දිවුරුම් දෙන්න පුලුවන්. දින 10ක් තිස්සේ දැන් ආණ්ඩුවක් නෑ.
මේ අරාජිකත්වය ඇති කළේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා තමන්ගේ කාර්ය භාරය දැන් ඉටු කරන්නේ නෑ.
මේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන කිසිම තීන්දුවක් ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ රටේ ව්‍යවස්ථාව රකින්න හැම රාජ්‍ය සේවකයකුම බැඳලා ඉන්නවා. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නන්ගේ ආරක්ෂාවටයි පොලිසිය සහ හමුදා තිබෙන්නේ.
මේ රටේ ආරක්ෂක හමුදාවන්ටත් විශාල කාර්ය භාරයක් තිබෙනවා ව්‍යවස්ථාව කඩන ලද කණ්ඩායමක් ආරක්ෂා නොකරන්න.
ජනාධිපතිවරයා එක එක්කෙනාට ගිල්වන ලණු ජනතා විමුක්ති පෙරමුණට ගිල්වන්න බෑ කියලා මම කියනවා.
ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයාට එරෙහිව ගන්න පුලුවන් ක්‍රියාමාර්ගත් ව්‍යවස්ථාවේ තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගවලින් ගන්න පුලුවන් කවර යෝජනාවද කියා අපි හිතලා බලනවා.
ගමේ ඉන්න ළමයකුටවත් ලේන්නු අඹ කාලා ඉතුරු වෙච්ච කොටේ දෙන්නේ නෑ. එහෙම තියෙද්දි මේ අගමැති ගත්තේ කොටේ. අගමැති කොටේ ගන්න ඇයි පෙළඹුණේ? පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්ය දෙකක් තිබෙනවා.
එකක් නීති හදන එක. අනිත් එක මූල්‍ය පරිපාලනය. මේ කාර්යයන් දෙකම මහින්ද රාාපක්ෂගේ කණ්ඩායමට කරගන්න බෑ. අාණ්ඩුවට බහුතරයක් නෑ.
අබ්බගාත ආණ්ඩුවක් බාර ගත්තේ ඇයි?
මේ පාර්ලිමේන්තුව ඔවුන්ට තවත් මර්දනකාරී දේශපාලනයේ එක මධ්‍යස්ථානයක් විතරයි. මුදල් පරිපාලනයක්, නීති සම්පාදනයක් ඔවුන්ට පාර්ලිමේන්තුවේ කර ගන්න බෑ. එහෙම තියෙද්දි ආන්ඩුවක් හදාගත්තේ ඇයි? අධිකරණයේ නඩු ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂට නඩුවක් තිබෙනවා.
ගෝඨාභයට එරෙහිව ඇවන්ගාඩ් නඩුව තිබෙනවා. මහජන මුදලින් මැදමුලනේ සොහොනක් හැදීම ගැන නඩුවක් තිබෙනවා.
ගාමිණී සෙනරත්ලා ගෙවල්වල හංග හංග හිටපු විදිය අපි පස්සේ කියන්නම්. ගෝඨාභයට එරෙහි ඊළඟ නඩුවට දින නියම කරලා තියෙනවා.
බැසිල්ට නඩු දෙකයි. විමල් වීරවංශට හා බිරියට නඩු දෙකයි. රෝහිතට, මහින්දානන්දට නඩුවක්. පෙබරවාරි මාසයට කලින් මේ නඩු ඔක්කොම තිබෙනවා.
මේ ආණ්ඩුව හැදුවේ අධිකරණයේ තිබෙන නඩු නිසා. මේ සතියේ විමල් වීරවංශයට තිබ්බ නඩුව ලබන වසරේ මැයි වලට කල් ගියා.
මහින්ද රාජපක්ෂ මහතා දැනගෙන හෝ නොදැනගෙන පය තිබ්බේ නඩුවල චූදිතයන් බේරා ගන්නයි.
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ නෑ කියලා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබ්බා. ඇයට එෆ්සීඅයිඩියෙන් කටඋත්තර ගන්න එන්න කිව්වාම හිටපු කතානායකගේ නිල නිවසට ගෙන්වාගෙන කටඋත්තර ගත්තේ.
තිබුණු ජාතික ආණ්ඩුවට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණේ නෑ. බලපොරයක නිරත වුණා. මේ නොපැහෙන විවාහය සිද්ධ වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නැවත සිහසුනේ හිඳගැනීමේ වුවමනාව හා මහින්ද මහත්තයාගේ නඩු වසා ගැනීමේ උවමනාව.ජනාධිපතිවරයාම කිව්වා ජනවාරි අට වැනි දා පොල්වත්තක හැංගිලා හිටියේ කියලා. කාට බයේද? බස්සන්ට බයේද? ඒ මහින්ද රාජපක්ෂ මහත්මයට බයේ. මහින්ද බලයට පත් වුණොත් අඩි හයක් පොළොවේ යටට යනවා කිව්වා. එහෙම කිව්ව මේ දෙන්නා එකතු වීමේ සූත්‍රය කුමක්ද?මෛත්‍රීගේ නමට, හැසිරීමට අපි අගෞරව කරලා නෑ. නමුත් රාජපක්ෂ කඳවුර උපයෝගී කරගත්තේ හිටං, හුටං, පඹයා වැඩි අවාදයි. ඒ කදවුරත් එක්ක මෛත්‍රීපාල සිරිසේන යළි විවාහ වෙන සූත්‍රය කුමක්ද?
මහින්ද රාජපක්ෂ අගමැති වීම නිසා අමන්දානන්දයට පත් වුණා අයගෙන් මම අහන්නේ. ඡන්දෙන් පස්සේ ඊට පහුවදා බහුතරය ගත්ත අයට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැමති නෑ කියලා වෙනත් පාර්ශ්වයක් පත් කළොත් මේ විදියටම මොකද කියන්නේ?
ඡන්දවලින් ආණ්ඩු පිළිගන්නේ නැතිනම් මැතිවරණ තියන්නේ ඇයි? පාර්මේන්තුව විසිරුවා හැරීමේ තීරණය ගත්තොත් හිතුණු හිතුණු විදියට පාර්ලිමේන්තුව විසිරුවයි.
මේ මූලධර්ම උල්ලංඝණය කරලා තිබෙනවා. ඒක රාජපක්ෂ මහතා සතුටට පත් කරලා තිබුණත් මේ කඩුව ඔහුටත් එල්ල වෙයි කියලා කියන්න පුලුවන්ද?
මේ කුමන්ත්‍රණය නැවත සිදු නොවීමට ඉඩ නොදිය යුතුයි.
එජාපය ජනතාවගෙන් ඈත් වෙලා හිටිය නිසා කුමන්ත්‍රණය හරියට පරාජය කරන්න ඔවුන්ට බෑ. ඔවුන් එක්ක ජනතාව හිටියා නම් අද මොවුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි, ජනාධිපතිගේ ගෙදර වටේ.
මේ පාර්ලිමේන්තුවට දැන් සුජාත භාවයක් නෑ. 2015 තෝරා ගත් පිළිබිඹුව දැන් නෑ. මේ පාර්ලිමේන්තුවේ කවුරු 113 ගත්තත් ඉදිරියට ආණ්ඩු කරන්න යුක්ති සහගත නෑ. සල්ලිවල කට්ටිය අරගෙන ආණ්ඩු කරන්න බෑ. කුමන්ත්‍රණය පරාජය පත් කිරීමෙන් පසුව අනිවාර්යෙන් පාර්ලිමේන්තු මැතිවරණයට යා යුතුයි. අපිට ලැබෙන පංගුව නෙමෙයි වැදගත්, ජනතාවගේ ජනවරම විකෘති වෙලා ඉදිරියට යන්න බෑ.
මේ කුමන්ත්‍රණය පරාජය පත් කර පාර්ලිමේන්තුව විසිරුවීමේ යේාජනාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරනවා.
කතානායකවරයා පිටවී නියෝජ්‍ය කතානායකවරයා මූලාසනයට පැමිණෙයි.
මරික්කාර් මන්ත්‍රීවරයා - රජයේ නාලිකාවල සජීව පෙන්වනවා ඒකාබද්ධයේ මාධ්‍ය හමුව. ඒ නිලධාරීන් වරප්‍රසාද හමුවට කැදවන්න.
නියෝජ්‍ය කතාකායක - ඒ ගැන කතානායකගේ අවධානයට යොමු කරන්නම්.
සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය හේතුකොට ගෙන අද රට අරාජික වෙලා. එක පුද්ගලයකුගේ හීනමානය නිසා මිලියන 22ක ජනතාවගේ අනාගතය අවිනිශ්චිතතාවකට පත් වෙලා තිබෙනවා. අපේ මුළු ආර්ථිකයම පසුගිය සති තුනේ භයානක අර්බුදයකයකට තල්ලු වෙලා.
අද ඩොලරය එකසිය අසූ ගණනකට වැඩි වෙලා. අපි ඩොලයර 173 ස්ථාවර කරගෙන ඉන්දි බන්දුල ගුණවර්ධනලා කිව්වා අපිට දුන්නා නම් අඩු කරනවා කියලා. දැන් කියනවා 200ට ගියත් කරන්න දෙයක් නෑ කියලා.
මේ වන විට මේ රටේ නීත්‍යනුකූල රජයක් නෑ. නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයෙක් නෑ. ව්‍යවස්ථාවේ 148 වලන්තියේ තියෙනවා මූල්‍ය පරිපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා.
මම මුදල් ඇමැතිවරයා විදියට දෙසැම්බර් 31 වෙනකම් මුදල් වෙන්කර වරෙන්තුව අත්සක් කර තිබුණත් 31න් පස්සේ මුදල් වෙන් කරන්න පුලුවන් වෙන්නේ නීත්‍යනුකූල අයවැයක් හෝ අතුරු සම්මත ගිනුමක් තිබ්බොත් විතරයි.
හොර කැබිනට් එකෙන් අතුරු සම්මත ගිනුමක් පාස් කර ගත්තත් පාර්ලිමේන්තුවේ එය පාස් කර ගන්න බෑ. ජනාධිපතිවරයාට මුදල් වෙන් කරන්න පුලුවන් වෙන්නේ අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් නැතිව ඡන්දයකට ගිහින් ඒ ඡන්දෙන් පස්සේ මාස තුනක් වෙනකම් විතරයි.
නීත්‍යනුකූල රජයක් තිබ්බා නම් අතුරු සම්මත ගිනුමක්වත් ඉදිරිපත් කරන්න තිබ්බා. තවමත් අපි ප්‍රමාද නෑ.
මම විශේෂයෙන් ජනාධිපතිට කියනවා මේ රටේ ජනතාවගෙන් පිළිගන්න එපා කියලා. එතුමාට ඔළුවේ තියෙන මදිපුංචිකං නිසා රටක් පාවා දෙන්න එපා.
එතුමාට දැනුත් පුලුවන් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැතිමණ්ඩලයක් පත් කරන්න.
අපි අයවැය හදාගෙන තියෙන්නේ. එය අපට ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන්න.අතුරු සම්මත ගිණුම හෝ අයවැය දෙසැම්බර් 31ට කලින් සම්මත කර නොගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ජනවාරි 10 විදේශ ණය ගෙවන්න තිබෙනවා. පසුගිය වසර තුනේදි අපි ණය ගෙවීම විනාඩියකින්වත් කල් දැම්මේ නෑ. භාරකාර අරමුදලින් මුදල් නිකුත් වෙන්නත් නීත්‍යනුකූල මුදල් ඇමැතිවරයකුගේ අත්සන යටතේ විතරයි. මම ජනාධිපතිවරයාගෙන් යළිත් ඉල්ලන්නේ නීත්‍යනුකූල රජය පත් කරන්නට කටයුතු කරන්න කියලයි.
සභාව දිවා ආහාරය නැතිව සවස 6 දක්වා කර ගෙන යෑමට අනුමැතිය ලැබේ.
ජවිපේ නායකතුමා හොඳ කතාවක් කළා. දැනට රටේ ඇති තත්ත්වයට පසුබිම් වූ කරුණු එහි සඳහන් වුණා.
අගමැතිවරයා කියන කෙනා මේ සභාවේ විශ්වාසය දිනාගෙන තිබෙනවද කියන එක සරල දෙයක්. ඔහුට විශ්වාසය නැතිනම් ඔහු මේ රටේ අගමැති නෙමෙයි.
සියලුම ප්රජාතන්ත්රවාදී රටවල සම්ප්රදාය එයයි.
සියලුම ප්රජාතන්ත්රවාදී රටවල සම්ප්රදාය එයයි. ඔක්තෝබර් 26 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අගමැති කර තිබුණත් ඔහු මේ සභාවේ විශ්වාසය දිනාගෙන නෑ.
අපිට මෙහිදී අල්ලස් දීම, තර්ජනය කිරීම මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගන්න සෘජු ක්‍රමයක් ලෙස සලකන්න බෑ.
ඔක්තෝබර් 26න් පස්සේ රටේ සිදු වෙන දේ අපි දන්නවා. නොවැම්බර් 16 වැනි දා මේ රට අවමානයට පත් වුණා. පාර්ලිමේන්තුව අවමානයට පත් වුණා සමර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා. කතානායකට එතුමාගේ ආසනයේ අසුන් ගන්න අවස්ථාව ලැබුණේ නෑ.පාර්ලිමේන්තු මන්ත්‍රීට පහර දුන්නා. මේ මන්ත්‍රීවරුන්මයි එසේ කළේ. මේ සියල්ල කළේ මේ සභාව බලය නිහඬ කිරීමටයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කළ යුතුයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උල්ලංඝණය කළ නොහැකියි. අපි මන්ත්‍රීවරුන් ලෙස බැඳී සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමට.
මේ පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති පුද්ගලයකුට අගමැති ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ.
තරුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ ඇති වෙලා තියන තත්ත්වය සම්බන්ධයෙන් මට කණගාටුයි.
අද පැහැදිලි වුණා බහුතරය තිබෙන්නේ කාටද කියලා. 120ට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂට එරෙහිව තිබෙන බව අපි මුල ඉදන්ම කිව්වා.
ප්රජාතන්ත්රවාදය ලැබුණු දා සිට ඇතිවූ කළුම පැල්ලම ඇති වුණේ එදා පාර්ලිමේන්තුවේ.
මේ රටේ ප්රජාතන්ත්රවාදය මුල්ලකට දාලා ප්රචණ්ඩත්වය පාර්ලිමේන්තුවේ ඇති කරන්න මහින්ද ප්රමුඛ කණ්ඩායමට හැකි වුණා.
නියෝජ්‍ය කතානායකවරයා ඉවත් වී නියෝජ්‍ය කාරක සභා සභාපති මූලාසනයට පැමිණෙයි.
විජිත හේරත් මන්ත්‍රීවරයාගේ යෝජනාව ගැන කතා කරන්න ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.පසුගිය ඔක්තෝබර් මාසයේ ජපානයේ නිල කටයුත්තකට ගිහින් ඉන්දි ආරංචි වුණා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බව.
27 වැනි දා මම නිල කටයුත්තට යන්න සූදානම් වෙද්දි මට දුරකතන ඇමතුමක් ආවා මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන්. ඔහු මට කිව්වේ අලුතින් බිහිකරන ආණ්ඩුවට ඇවිත් කැබිනට් ඇමැතිධුරයක් බාර ගන් කියලා. ඉන් පසු ලංකාවට ආවට පස්සේ ආයෙත් දුරකතන ඇමතුමක් ආවා. ප්‍රධාන පුරවැසියා මට කිව්වේ හම්බෙමු, මේ අාණ්ඩුවට සම්බන්ධ එන්න කියලා. මම මගේ අකමැත්ත සෘජුවම ප්‍රකාශ කළා.මේ ව්‍යසනකාරී තත්ත්වය ඇති කරලා රටේ ප්‍රධාන පුරවැසියා මාධ්‍ය හමුවය ඇවිත් පාර්ලිමේන්තුව විසිරුවන්න හේතු කිව්වා.
මන්ත්‍රීවරුන් මිල ගණන්වලට විකිණීම නිසා පාර්ලිමේන්තුව විසිරුවන්න වුණා කිව්වා. මෙවැනි තත්ත්වයක් ඇති කළේ මේ රටේ ජනාධිපතිතුමා.
ඔහුගේ තීරණය නිසා මන්ත්‍රීවරුන්ට කතා කළා. එස්බී නාවින්න මහතා අනිත් පැත්තට යනවා කියලා ආරංචි වෙලා අපි එස්බී නාවින්න හමුවෙන්න ගියා. මේ කපුකම කළ පුද්ගලයා මට දිගින් දිගටම කතා කළා රුපියල් කෝටි 50ක මුදලක් ඇමෙරිකන් ඩොලර්වරලින් මට ගෙදරට ඇවිත් දෙන්න කතා කළා.
නාවින්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් සහ යෝජෂිත රාජපක්ෂගේ ලේකම්වරයකු කියන පුද්ගලයා මට කතා කළා. ඔවුන් මට කතා කළ හඬපට මම ඉදිරිපත් කළා.එස්බී දිසානායකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන නවීන් කියන පුද්ගලයා මට කතා කළා. කෝටි 50ක මුදලකුත් අරගෙන මහාචාර්යවරයෙකුත් එක්ක මගේ නිවසට එන බව තව කෙනෙක් කිව්වා.මේ රටේ උගත් කියලා සම්මත අය තමයි මහාචාර්යවරු. ඒ මහාචාර්යවරයෙක් තමයි මන්ත්‍රීවරයන් මිලදී ගැනීමේ කටයුතු කළේ. මන්ත්‍රීවරයන් අලෙවි කරන තත්ත්වය පත් කළේ ජනාධිපතිවරයා ගත් අමනෝඥ ක්‍රියාකාරිත්වය නිසා.
මේ තොරතුරු මා සතුව තිබෙනවා. අවශ්‍ය නම් මේ සභාවේ ක්‍රියාත්මක කර පෙන්වන්න පුලුවන්.
පාලිත රංගේ බණ්ඩාර මහතාට කෝටි 50ක් දීමට ලබා දුන් දුරකතන ඇමතුම් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරද්දී මූලාසනයේ සිටින නියේාජ්‍ය කාරක සභා සභාපතිවරයා ඊට අවස්ථාව ලබා නුදුන්නේය.
නැවතත් පාලිත රංගේ බණ්ඩාර මහතා කතාව අරඹයි
2005 දි ජනාධිපතිවරණය දිනුවේ එල්ටීටීයට ඡන්දය දීලා කියලා මේ පාර්ලිමේන්තුවේදී ශ්‍රීපති සූරියආරච්චි මහතා කිව්වා. ඔහුට වැඩිකල් ජීවත් වෙන්න ලැබුණේ නෑ. මගේ ජීවිතයටත් මොනාව වෙයිද දන්නේ නෑ.
ආණ්ඩුවක් මුවාවෙන් පවත්වාගෙන යන මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට අද ඡන්දයත් විශ්වාස භංගයක් වුණා. අද තිබුණ ඡන්දයත් විශ්වාස භංගයක් විදියට සලකන්න පුලුවන්.
ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කතානායකවරයා ගත් තීරණය අගය කළ යුතුයි.ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව අගමැති පත් කළ හැකි වුවත් අගමැති අයින් කරන්න ජනපතිට බෑ. අගමැති අයින් කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට.
ඒ අනුව අගමැති විතරක් නෙමෙයි ආණ්ඩුවත් විසිරිලයි තියෙන්නේ.රජයේ සේවකයන්ට මම කියන්නේ ආඥාවන් පිළිපදිනවා නම් ඒ නියෝග නීත්‍යනුකූලදැයි බලන්න. ලෝක ඉතිහාසය දිහා බලන්න. අද හෙට නෙමෙයි කවදා හරි ප්‍රතිඵල ලැබෙනවා.ජනපතිකම් බලෙන් අල්ලං හිටපු අය දශක ගණනකට පස්සේ හිරේ ගොස් තිබෙනවා. ඒ අණ පිළිපැද්ද අයටත් ඒකම වුණා.මෙහෙත් අද හෙට නොවුණත් කවදා හරි ඒ දේම වෙන්න පුලුවන්.
මේක පාර්ලිමේන්තුව. මේකේ වරප්‍රසාද අපිට තිබෙනවා. නමුත් අනිත් අයට හිරිහැර කරන්න අවස්ථාව අපට නෑ. පොලිසිය මෙතනට ආවේ කතානායගේ නියෝගයට.පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. කම්මුල්පහර දුන්නා. පාර්ලිමේන්තුව ඇතුළේ හිටියත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
වරප්‍රසාද වලින් රටේ නීතිය අක්‍රීය වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා අපි රටේ නීතියට ඉහළින් නෙමෙයි ඉන්නේ.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
අපි දැක්කා මන්ත්‍රීවරුන් රාජ්‍ය දේපොළ විනාශ කරන හැටි. සාමාන්‍ය පුද්ගලයකු වාහනයක් පැදගෙන ගිහින් ලයිට් කණුවක හැප්පුනොත් ඒකත් වැරදි. පාර්ලිමේන්තුවට ඇවිත් මහජන දේපොළ විනාශ කළාට විශේෂ නීතියක් නෑ.
පොත් පත් ආයුධ කරගෙන පොත්පත්වලින් ගහනවා අපි දැක්කා. පොත්පත් කියවපු නැති අය ඉන්නවා ඇති. ඒත් පොත්පත්වලට අගෞරව කරන්න එපා. ඇඟේ හයියෙන් පාර්ලිමේන්තුවක් ගෙනියන්න බෑ. මොළේ හයියෙන් තමයි පාර්ලිමේන්තුව ගෙනියන්න ඕනෑ. මේ දේවල් කරන්නේ රාජපක්ෂවරුන්ට නඩු දාලා තියෙන නිසයි.
අපේ ආණ්ඩුවෙත් අඩුපාඩු තිබුණු බව අප පිළිගත යුතුයි.
අනුර කුමාර දිසානායක මහතා කිව්වා රාජපක්ෂ රජයේ චූදිතයන් ආරක්ෂා කළා කියලා. එහෙම කරලා තියෙනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හොරකම් කළා නම්, බැඳුම්කර හොරකම් වුණා නම් ඒවා ගැනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අපි නීතිපතිට කියනවා ඒ සම්බ්නධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕනෑ.
පාර්ලිමේන්තුවේ වැඩි විස්තර සඳහා අපගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සල්ලිවලට මහින්දගේ ආණ්ඩුවට කතා කළ උදවිය ගැන රංගේ බණ්ඩාර මැතිසබේදී හෙළි කරයි
sam Friday, 23 November 2018 07:06 AM
මේ කිසිම පක්ෂයකට මේ යන විදිහට මේ පාර්ලිමේන්තුවෙන් රටට සේවයක් කරන්න බැහැ. හැමදෙනාම හදන්නේ තමන්ට සේවයක් කරගන්න. ඒ නිසා කරුණාකර ඡන්දයකට ගිහින් ජනතාවට අවශ්‍ය නියෝජිතවරුන් තෝරාගන්න ඉඩ දෙන්න.
සනත් ඉතාලිය Friday, 23 November 2018 10:53 AM
මහින්ද මහත්තයා අඩියක් පසුපසට අරගෙන මේ අයට ආණ්ඩුව කරන්න දියයුතුයි.. තවත් 15ක් කණ්ඩායමේ උගුලට අසු නොවී ඊළඟ මැතිවරණයට සූදානම් විය යුතුයි. තවමත් ඔබ ප්‍රමාද නැහැ. මේ රටට ආදරේ ජනතාව ඔබ සමගයි. මේක අල්ලගෙන ඉන්න. ඒ ජනතාව නැතිවෙන එකයි වෙන්නේ... රටට හිතැති සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් සියලු ජාතින් එකමුතු පැහැදිලි බහුතරයකට අමතන්න. තමන්ගේ ජාතිය පමණක් හිතන පක්ෂවල අතකොලුවක් නොවී....
Sunil3860 Friday, 23 November 2018 03:36 PM
හරි ජවිපය... අපි ඔබලාව බලාගන්නම්... ඡන්දයට එන්න.