ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේ පැවැත්වෙද්දී නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගැස් ගැසීය.
ක්‍රීඩකයන් ආරක්ෂිත ලෙස පිටියෙන් ඉවත් කළහ.
ගැටුමෙන් 20 දෙනෙක් තුවාල ලැබූහ. සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ වෙන්නේ... ? (ස)
ජිනීවා වල වැඩක්ද දන්නෙ නැහැ. (නි)
කදුළු ගෑස් ගහන්න තරම් දෙයක් වුණාද? (නි)
ආනන්ද නාලන්ද කියන්නේ සහෝදර කැළක්. ඇතිවුණු පොඩි ගැටුම දුරදිග ගියේ පොලිසියේ මැදිහත්වීම නිසා කියලයි මම නම් කියන්නේ. (නි)
තමන්ගේ පාසල් වල ඇත්ත තත්ත්වය හෙළිවනකොට සමහරුන්ට දුකයි. හිත රිදෙනවා. (නි)
කෝ නැද්ද අපේ සේනාව? (නි)
ඔන්න හොද හැදිච්ච ළමයි. කියන්නේ නම් ලංකාවේ හොදම ලොකුම පාසල් කියලනේ... (නි)
කදුළු ගෑස් ගහන්න තරමට වැඩේ දුරදිග ගියාද? (නි)
සුලෝහිත සංග්‍රාමය යුද්දයක් වෙලා (දී)
හැමතැනම අද මෙහෙම අය ඉන්නවා. (නි)
මේවා එකමොහොතින් නවත්වන්න පුළුවන්.. පිටියට අරක්කු ගෙනියන එක නවත්වන්න. රටට කීර්තිමත් මිනිසුන් බිහි කරන පාසල් වලට මොකටද අරක්කු ?
පාසල් ගෞරවය නැති කරන්න එපා. කොතන ගියත් හොඳ හැදියාවක් පෙන්වන සිසුන් තමයි මෙම විදුහල් දෙකේ ඉන්නේ.. ඒක කිලිටි කරන අයට දඬුවම් කළ යුතුයි.. (ස)
සිංහල පාසල් වලට මොනවද උනේ ? කෝ අපේ බොදු බල සේනාව. ඉස්සර මේවා හදලා ඉන්න අනිත් ඒවට අත දාන්න. (ස)
බොදු බල සේනාවට ගොඩක් දේවල් කරන්න පුළුවන් බව තමයි අදහස්වලින් තේරෙන්නේ... (ස)
මෙතනත් ඇමති පුතෙක් නැතිවෙන්න බැහැ. (නි)
කොතන ගියත් හොඳ හැදියාවක් පෙන්වන සිසුන් තමයි මෙම විදුහල් දෙකේ ඉන්නේ.. (ස)
කවම දාකවත් වෙලා නැහැ මෙහෙම වැඩක් (දී)
මේකට එකග නොවෙන අය ඉන්නවා නම් ඒ අයගේ ආච්චිලා , සීයලා ඇතිනේ. ඒ අයගෙන් අහලා බලන්න අතීතයේදී පාසල් වල තිබුණු විනයේ තරම. (නි)
ෂාන්, බොදු බල සේනාව අනන්ද නාලන්ද වලට සම්බන්දයක් නැහැ. ඒවා වෙනත් අයගේ අතකොලු.. (ස)
ජිනීවා, බොදු බල සේනා කිය කියා මෝඩ අදහස් දාලා තියෙන අයියලා ජීවිතේට බිග් මැච් එකකට ගිහින් නැති අය බව ලියලා තියෙන දේ වලින් පේනවා. මොනවා කරන්නද ඔය වගේ අයත් මේ සමාජයේ ඉන්න එපායැ. සුබ අනාගතයක්! (නි)
දැක්කද දැන් පාසල් ළමයිගේ විනයේ තරම . (දී)
කවදාවත් ආනන්දයින් නාලන්දියන් ලා මෙවැනි දේ කරලා නැහැ (දී)
සංග්‍රාමය යුධ පිටියක් වෙලා (දී)
ක්‍රීඩාවට අවනම්බු කරන්න එපා (දී)
මමනම් කියන්නේ දෙගොල්ලන්ගේම වරද (දී)
අපි නාලන්ද මාතාවගේ දරුවෝ (දී)
විනයක් නැති කම තමයි (දී)
සිදු වුණේ මොකක්ද කියල හරියටම දන්නෙ නැහැ. එහෙත් ආනන්ද නාලන්ද ගැටුමක් නම් වෙන්න තියන ඉඩ කඩ අඩුයි. වුණත් අනිවා ඒක එදායින් ඉවරයි. (නි)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
මොකක්ද මේ බෞද්ධ ළමයින්ට වුනේ.(නදී)
මේ වගේ උසස් පාසැල් වල ඉගෙනගන්නේ මේ වගේ අයද?(නදී)
කා කොටා ගන්නේ නැතිව ප්‍රශ්ණ විසද ගන්න දන්නෙම නැහැ වගෙයි. විභාග ප්‍රතිථල මිසක් මිනිස්කම අගය නොකරණ අධ්‍යාපන පද්ධතියක ප්‍රතිඵලයයි මේ.(නදී)
මේ පාසැල්වල ඉන්නේ කොහොමත් දැන් මේ මගේ අයනේ.(නදී)
ඉතින් සුලෝහිතව පොලිසයෙන් එලෙව්වේ නැද්ද?(නදී)
මේවා මෙනෙවද? අපේ ඇමති පුතාලාගේ වැඩවල හැටියට.(නදී)
බොරු කතා කියන්න එපා. මෙතන ආනන්දේ අයයි නාලන්දෙ අයයි ගහගත්තේ නැහැ. සහෝදරකම එදා වගේම අදත් තියෙනවා.(නදී)
කදුලු නිසයි කදුලු.(නදී)
ඉස්කෝලවලට වැරදියි කියන්න එපා. බිග් මැච් එකට පිටිටනියට පැන්නට කදුලු ගෑස් ගහන්න ඕනේ නැහැ. මම ආනන්ද හෝ නාලන්ද නොවෙමි. නමුත් මම මේ ඉස්කෝල දෙකටම විශේෂ ගෞරවයක් තියෙනවා.(නදී)
ආනන්ද, නාලන්ද අන්ද මන්ද.(නදී)
ජනාධිපති තර්ස්ටන් එකේ නිසා නිකන් මඩ ගාන්න එපා.(නදී)
බොදු බල සේනාවට බැරිද මේකට මුකුත් කරන්න?(නදී)
හරිම කනගාටු තත්වයක්. ලංකාවේ ප්‍රධානම පාසැල් දෙකටම අන්තිමට ඉතුරු වුනේ කලු පැල්ලමක්. දැන් කාටවත් ඇගිලි දික්කරලා වැඩක් නැහැ.(නදී)
මේ සැරේ කදුලු ගෑස් එකතු වෙලා. ඉස්සරහට ටී-56 එකතු නූනොත් තමයි පුදුමේ. සුද්දන්ගේ ක්‍රීඩාව නොහික්මුනු මිනිස් පුත්‍රයින් අතට පත් වුනාම ඔහොම තමයි.(නදී)
මේක පාසල් වල ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒ නිසා අනවශ්‍ය විවේචන වලින් ඵලක් නැහැ. (නි)
නායකයන්ගේ දරුවෝ දෙන ආදර්ශ අපේ ළමයි අරන් , කරුණාකරලා ළමයින්ට බනින්න එපා, (නදී)
අපේ පාසැලට බනින්න එපා. මේවා සාමාන්‍ය දේවල්. මේ තරුණ ළමයි. ඕවා ඔහොම තමයි.(නදී)
සමහර අයට මේ පාසැල්වලට බනින කොට රිදෙනවා. දක්ෂ ක්‍රීඩනයෝ වුනාට හැසිරීම බින්දුවයි.(නදී)
මම ආනන්දීයෙක්. අපි, ආනන්දීයන් සහ නාලන්දීයන්, කවදාවත් ගහගත්තෙ නෑ. හොඳටම පැහැදිලියි මේ වෙනත් කණ්ඩායමක්. අජන්තගේ හා දනුකගේ සටහන් වලට මගේ ප්‍රනාමය.(නදී)
කෝ අපේ සේනාව? (නි)
මම කමල්ගේ කීමට කැමතියි. (නි)
ක්‍රීඩාව විතරක් නෙවෙයි මුළු රටම දැන් යන්නේ එක පැත්තකට. (නි)
දාලා තියෙන ප්‍රතිචාර වලින් සමහර අයගේ කුහක කම් ඉරිසියාව පෙනෙනවා.(නදී)
මෙතැන බැනල තියෙන්නේ බිග් මැච් එකක්වත් නැති ගොඩේ පාසැලක කටිටිය. පොලිසිය සහ මාධ්‍ය එය උළුප්පා පෙන්නනවා. ඒකයි ඇත්ත. පැහැදිලි ඊරිසියාව. ලමයි රණ්ඩු වෙනවා. ඒක කඳුළු ගෑස් ගහන්න තරම් දෙයක් නෙමෙයි. ඇත්ත කතාව නම් ආනන්දෙයි, නාලන්දෙයි දෙකම එකතුවෙලා පොලිසියට එරෙහිවයි සටන ගිනිච්චේ. දවස අවසානයේ එයාලා සහෝදරයෝ වගේ වුනා.(නදී)
කොල්ලෝ ටික ගහගත්තට, පොලිසිය කඳුළු ගෑස් ගහද්දි දෙගොල්ලොම කළේ රංඩුව පැත්තකින් තියලා ගෑස් බෝම්බ ටික ඇහිඳලා ආපහු ගහපු එක. ප්‍රතිචාර දාන අයටයි කිව්වේ.(නදී)
කොල්ලො වුණහම ගහ ගන්නවා කිව්වෙ ඇමති කෙනෙක්ම නේද? ඇයි මේ කොල්ලො නෙවෙයිද? කඳුළු ගෑස් නැතුව මේක පාලනය කරගන්න බැරි වීම නොහැකියාව පෙන්වීමක්. දැන් මේකත් අර මානව හිමිකම් කල්ලි වලට හොඳ ආයෝජනයක් වෙයි. (නි)