IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ස්වාධීන උසාවි නැත්නම් ආයෝජනත් නැති වේවි‘

ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීණත්වයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙන් විදේශ ආයෝජන කෙරෙහි බලපෑමක් ඇතිවන්නේ යැයි ඇමෙරිකා රජය වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය බවත්, එය හිතකර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට එය පටහැනි බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වික්ටෝරියා නූලන් පැවසුවාය.

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව යුරෝපා හවුල හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලවත් කණස්සල්ල පළ කර ඇතැයි ද ඇය කීවාය.

 ප්‍රශ්නය - ශ්‍රී ලංකාව ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කරනවාද?

නූලන් - මේ බලන්න. ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්තවාදය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති වන බව අප හිතනවා. ඔවුනට ඒ තත්ත්වය මඟ හැර ගැනීම සදහා හොඳට මහන්සි වී වැඩ කරන්න වේවි.



අදහස් (0)

‘ස්වාධීන උසාවි නැත්නම් ආයෝජනත් නැති වේවි‘

සිල්වා Wednesday, 16 January 2013 03:27 AM

කපිල, ඔබ වැනි අධිරාජ්‍යවාදී ගැත්තන් මම හෙළා දකිමි. ඇමෙරිකාව ලොව කොයි රටටද හොදක් කරල තියන්නේ?   (නි)

:       0       0

ශාන් Wednesday, 16 January 2013 11:18 AM

ලංකාවට මේ මොනවද වෙන්නේ (ස)

:       0       0

රොහාන් Tuesday, 15 January 2013 07:36 PM

අපි නම් දැනගෙන හිටියා මේහෙම නියයි කියලා..!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 15 January 2013 07:37 PM

නමුත් අපට අයිඑම් එෆ් මුදල් ඉක්මනින්ම..!(නු)

:       0       0

කුෂාන් Wednesday, 16 January 2013 04:49 AM

ඇමරිකාව නැතිවුණත් අපිට චීනේ තියෙනවනේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 16 January 2013 11:33 AM

දේශප්‍රේමී දේශමාමක මහජනතාවනි,අපේ රටට ආර්ථික සම්බාධක දැම්මොත් හරි අපිට පිටින් එන තෙල් බෙහෙත් නැවත්තුවොත් හරි එහෙමත් නැත්නම් නය දෙන එක නැවත්තුවොත් හරි ස්වාධීනව ඉන්න පුළුවන් තත්වෙක අපේ රට අද තියෙනවද? එනිසා මේවගේ ප්‍රශ්න ගැන පටු විදියට හිතන්න එපා. (ස)

:       0       0

අපොන්සු Wednesday, 16 January 2013 04:58 AM

අපිට එපා ඇමරිකානු ඇගිලිගැසීම්. අපිට ඕනෑ ඇමරිකානු ණය ආධාර විතරයි. (නි)

:       0       0

niranjan Wednesday, 16 January 2013 05:02 AM

අද මේ වනවිට ඇමෙරිකාවත් බිලියන ගණනක් චීනයෙන් අරගෙනනෙ තියෙන්නෙ. (නි)

:       0       0

විමල් Wednesday, 16 January 2013 05:05 AM

අපි 2500 වසරක ඉතිහාසයක් තියෙන නිවහල් ජාතියක්. අපේ වැඩ වලට අධිරාජ්‍යවාදී ඇමරිකානු ඇගිලි ගැසීම් අවශ්‍ය නැහැ (නි)

:       0       0

සූරියප්පෙරුම Tuesday, 15 January 2013 07:44 PM

අපේ රටේ ආර්ථිකය, රුකියා විරහිතයන් ගේ වාර්තා සහ වර්ධන වේගය පිළිබදවත් කතා කළ යුතුයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 15 January 2013 07:52 PM

ඔවු ජනිත්, අපි දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉදිමු. (නි)

:       0       0

තස්ම්ල් Wednesday, 16 January 2013 11:48 AM

තුෂාර, ඔයා හරියි (ස)

:       0       0

නන්දන Tuesday, 15 January 2013 07:59 PM

නොකියා කියන්නේ ලංකාවේ අධිකරණ ස්වාධීන නැහැ කියලාද (දී)

:       0       0

කපිල Tuesday, 15 January 2013 07:57 PM

අපිට බොහොම ඉක්මණින් පාඩමක් ඉගෙගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

චන්න. Wednesday, 16 January 2013 11:50 AM

රට තුල ඕනෑම දෙයක් කරන්න පුළුවං රජයට.!(නු)

:       0       0

කමල් Tuesday, 15 January 2013 08:04 PM

ලංකාවේ අධිකරණ ස්වාධීනයි තමයි (දී)

:       0       0

හංසි Wednesday, 16 January 2013 07:12 AM

මොකුත් හිතන්න එපා, ඇත්ත නේද ඒ කතාව (දී)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 12:02 PM

අපිට ඕනෑ ඇති ඇමෙරිකාවක් නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 16 January 2013 07:21 AM

අපට ඇමෙරිකාවෙන් කිසිම වැඩක් නැත. ඒත් ග්‍රීන් කාර්ඩ් එකක් එහෙම තිබුණාට නම් කමක් නැත. (නි)

:       0       0

හේමසර Wednesday, 16 January 2013 07:29 AM

අපේ ජනාධිපතිතුමා ඔය කාටවත් බය නැති නිර්භීත පුද්ගලයෙක් බව අපි දන්නවා. (නි)

:       0       0

දිලංකා Wednesday, 16 January 2013 12:18 PM

නියමයි. ජය වේවා (ස)

:       0       0

ලක්මාල් Wednesday, 16 January 2013 12:32 PM

ඇමරිකාවට වගේම කැනඩාවටත් පුදුම ආදරයක් අපේ රටේ අධිකරණය ගැන තිබෙන බව පේනවා, යුද්ධය දිනපු එක ගැන ප්‍රකාශයක් කරන්න මැලි වුණමේ අය පැය 24 ක් යන්න කලින් ම??????? . වුණ දෙය කෙසේ වෙතත් කරපු විදිහේ වැරැද්දක් තියෙන බව පේනවා,. එත් අන්තිමේදී මේ දෙය කළ යුතුම වුණා කියල හිතෙනවා. (නි)

:       0       0

ප්‍රියසාද් Tuesday, 15 January 2013 08:30 PM

මම ඒ කතාවනම් 100% පිලි ගන්නවා (දී)

:       0       0

උපුලි Wednesday, 16 January 2013 08:01 AM

එයාලා නැත්නම් අපිට කන්න නැහැ ද (දී)

:       0       0

රත්නායක Tuesday, 15 January 2013 08:39 PM

බටහිරයන්ට වුවමනා ලෙස නටන දේශපාලන අනාථයිනි, ලැජ්ජා වෙයවු! (නි)

:       0       0

දර්ශන Wednesday, 16 January 2013 12:46 PM

රටට අහිතක් වෙන්න කලින් මේ ගැටළු නිරාකරණය කල යුතුයි. (දී)

:       0       0

තුල්සි Wednesday, 16 January 2013 05:33 PM

මේ වගේ විශාල ගැටළු නොසලකා අරින්න හොද නැහැ. (දී)

:       0       0

උපාලි Wednesday, 16 January 2013 08:10 AM

අධිරාජ්‍යවාදී ගැත්තනි,දෙපයින් නැගිට බලන්න . ඇමෙරිකාව ලොව කොයි රටටද හොදක් කරල තියන්නේ. (ස)

:       0       0

ආගිරිස් Wednesday, 16 January 2013 08:16 AM

එහෙම කොහොමද වෙන්නේ (දී)

:       0       0

අමා Tuesday, 15 January 2013 08:45 PM

ඇමරිකාව හරි (දී)

:       0       0

සන්ජීව Wednesday, 16 January 2013 08:33 AM

මට මේවා තේරෙන්නේ නෑ (ස)

:       0       0

බන්දුල Tuesday, 15 January 2013 08:46 PM

ඔයාලගෙ ආයෝජන ඔහෙලාම තියාගන්න .ඒ කාලේ පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය රටවල් අපෙන් හොරකම් කල සම්පත් පොලියත් සමග ආපසු දුන්නොත් හොඳයි . (ස)

:       0       0

චුලා Wednesday, 16 January 2013 08:39 AM

අපේ වැඩ අපිට බලා ගන්න පුළුවන් (දී)

:       0       0

නිලා Wednesday, 16 January 2013 08:38 AM

මේ කතාව බොරුයි කියන්නත් බැහැ (දී)

:       0       0

වසන්ත Tuesday, 15 January 2013 09:00 PM

කොහොමත් එයාලා අපි ගැන හරියට දුක්වෙනවා. (නි)

:       0       0

මාලක Wednesday, 16 January 2013 08:48 AM

"මහා බ්‍රිතාන්‍ය, කැනඩාව යුරෝපා හවුල හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලවත් කණස්සල්ල පළ කර ඇතැයි ද ඇය කීවාය." ඒක නම් එච්චර හොද නැහැ (දී)

:       0       0

සරත් Wednesday, 16 January 2013 08:49 AM

අපිට හොඳ ස්ථාවරයක් ඇති දාට මෙවැනි කියමන් නොසලකා හැරිය හැකිය (ස)

:       0       0

සකු Wednesday, 16 January 2013 08:47 AM

ඇමරිකාව අපේ වැඩ වලට ඇගිලි ගහන්න එන්න එපා (දී)

:       0       0

සුධීර Wednesday, 16 January 2013 08:48 AM

මාලක , කියන්නා කෙසේ කියුවත් අපි සිහිබුද්දියෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

ජීවන් Wednesday, 16 January 2013 08:49 AM

ඇමරිකාව හරි කියනවා නොවෙයි, නමුත් ඒ කතාව අපි හොදින් හිතේ තියා ගන්න ඕනේ (දී)

:       0       0

සුධීර Wednesday, 16 January 2013 08:50 AM

ඇමරිකාව කියපු ඒ කතාවානම් ඇත්ත (දී)

:       0       0

කුමුදු Wednesday, 16 January 2013 01:25 PM

මේ වගේ ප්‍රශ්න දරුණු වෙන්න කලින් විසඳ ගන්න ඕනේ. (දී)

:       0       0

සේන Wednesday, 16 January 2013 08:54 AM

ඇමරිකාව කියන කියන ලෙස අපි නටන්නේ නැහැ (දී)

:       0       0

කුමාර Tuesday, 15 January 2013 09:21 PM

ඇත්ත......... (දී)

:       0       0

තුෂාර Wednesday, 16 January 2013 09:04 AM

ළමයි නේ, රත් වෙන දියේ නටන කකුළුවෝ වගේ වෙන්න එපා. අපි අනා ගන්න දිනය වැඩි දුර ක නෙමෙයි තියෙන්නේ. බොරුවට ලොකු කම් කියන එක නෙමෙයි දක්ෂ කම. ප්‍රශ්නේ දිහා මධ්‍යස්ත ව හිතලා තීරණ ගන්න එකයි දක්ෂ කම. (ස)

:       0       0

අතුල Wednesday, 16 January 2013 01:38 PM

තනි පුද්ගලයෙකු වටා බලය ගොනුවිය යුතු නැත. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 16 January 2013 09:14 AM

ඇමරිකාවට බණින අය අසනීපයක් හැදුණහම දුවන්නේ මොන රෝහල් වලටද කියලා අපි දන්නවා. (නි)

:       0       0

දර්ශන Wednesday, 16 January 2013 09:16 AM

සධාරයක් නැති උනාම හැම දෙයක්ම එන හිටිනවා (දී)

:       0       0

කිර්ති Wednesday, 16 January 2013 09:19 AM

ඒ කතාවට මම 100% එකඟයි (දී)

:       0       0

කිර්ති Wednesday, 16 January 2013 09:16 AM

ඇත්ත, එතකොට කවුද ආයෝජනයට එකඟ වෙන්නේ (දී)

:       0       0

අචල Wednesday, 16 January 2013 09:23 AM

ඇමෙරිකාවට බැනල තියෙන්නේ අනිවාර්යෙන්ම මනෝ ලෝකවල ඉන්න කට්ටියද නැත්නම් .......... (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 15 January 2013 09:59 PM

කෝ දැන් මෙච්චරකල් කෑගහපු කට්ටිය? (නි)

:       0       0

ලලිත් Wednesday, 16 January 2013 09:30 AM

ඒ කතාව අපි හොදින් මතක තාබා ගත යුතුයි (දී)

:       0       0

අජිත් Wednesday, 16 January 2013 09:31 AM

කවුද කැමති වෙන්නේ ආයෝජනය කරන්න (දී)

:       0       0

විරාජ් Tuesday, 15 January 2013 10:57 PM

ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න. අපි අ‍පේ පාඩුවේ ඉන්නම්. (නි)

:       0       0

උපාලි Tuesday, 15 January 2013 11:15 PM

ඒ ගොල්ලන්ගේ රටවල මීට වැඩිය දේවල් වෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 15 January 2013 11:26 PM

අල්ට්‍රා සුපර් ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයි. (නි)

:       0       0

ජය Wednesday, 16 January 2013 09:57 AM

ඒ කතාව හරියටම හරි (දී)

:       0       0

අරුණ Tuesday, 15 January 2013 11:35 PM

අපි ඇමරිකාවට කොච්චර බැන්නත් ඒ කතාවනම් හරි (දී)

:       0       0

අචිනි Wednesday, 16 January 2013 10:02 AM

ඒ කතාවනම් ඇත්ත (දී)

:       0       0

සේනක Tuesday, 15 January 2013 11:42 PM

ඕක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි (දී)

:       0       0

අරුණ Tuesday, 15 January 2013 11:43 PM

මේ බුදුන්ගේ දේශයයි. නිවැරදි කරු සෑම විටම ජය ගන්නවා (දී)

:       0       0

පද්මිණි Tuesday, 15 January 2013 11:58 PM

ලංකාව සුද්දගේ අතකොළුවක් වෙලා (දී)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 12:12 AM

ස්වාධින අධිකරණයක් තමයි රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 16 January 2013 12:16 AM

රටක් හරි මාර්ගයේ යන්න නම් ස්වාධින අධිකරණයක් අවශ්‍යයි (දී)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 01:01 AM

කියන්නත් දෙයක්ද (දී)

:       0       0

කොටා Wednesday, 16 January 2013 01:07 AM

ස්වාධින උසාවි නැත්තනම් නීතියක් නැති රටක් වේවි (දී)

:       0       0

මධු Wednesday, 16 January 2013 01:29 AM

රටක් ගොඩ ගන්න සියල්ලෝ එක් විය යුතුයි (දී)

:       0       0

සුනිල් Tuesday, 15 January 2013 06:35 PM

මොනවා නැතිවුනත් අර ණය මුදල නම් නැතිකරන්න එපා..!(නු)

:       0       0

නිලංග Wednesday, 16 January 2013 01:46 AM

මේ ප්‍රකාශකර තියෙන්නේ ඉතාම බරපතල දෙයක්. යුරෝපා සංගමයේ ආයොජකයින් පිටුපෑවොත් අපට ඉතුරු වෙන්නෙ බහුතරයක් චීන සහ ඉන්දියානු ආයෝජකයින් විතරයි. නමුත් මම නම් හිතන්නෙ නැහැ විදේශීය ආයෝජකයින් මෙම සිද්‍ධිය එතරම් බරපතල ලෙස ගණන් ගනීවි කියලා. මීට වඩා අසන්තුලිත රට වල විදේශ ආයෝජන ඕනෑ තරම් දකින්න පුළුවන්. (නි)

:       0       0

ඉන්දු Wednesday, 16 January 2013 10:33 AM

නැති කරන එක නොවෙයි වැඩේ ඇති කරන එක. (දී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 15 January 2013 06:45 PM

ප්‍රකාශක තුමා ඒකට හොද උත්තරයක් දුන්නනේ..!(නු)

:       0       0

බුද්ධික Wednesday, 16 January 2013 02:08 AM

ඇමරිකාවේ උදවු නැතුව අපිට නැගිටින්න බැරිකමක් නැහැ. (නි)

:       0       0

ගයාන් Tuesday, 15 January 2013 06:51 PM

වෙවි කියන්න දෙයක් නැහැ වෙලා ඉවරයි..!(නු)

:       0       0

ගැමුණු Tuesday, 15 January 2013 06:51 PM

දැනටමත් එය වෙලා..!(නු)

:       0       0

ජීව Wednesday, 16 January 2013 02:16 AM

ඇයි, උසාවියට ආයෝජනය කරන්නද මේ අය බලාගෙන ඉඳලා තියෙන්නෙ? (නි)

:       0       0

සුමුදු Wednesday, 16 January 2013 02:16 AM

ඇමරිකාව කියන දේවල් වලත් ඇත්තක් තියෙනවා (දී)

:       0       0

ලාරා Tuesday, 15 January 2013 07:04 PM

ඇයි එයාලට අපි ගැන මෙච්චර ආදරයක්? (නි)

:       0       0

මාලා Wednesday, 16 January 2013 10:59 AM

අපිට ලැබෙන ආධාර ටිකත් නැතිවුණොත් පොළවේ පස් තමයි කන්න වෙන්නේ. (නි)

:       0       0

ජනිත් Tuesday, 15 January 2013 07:09 PM

අපිට ඕවායින් වැඩක් නැත. (නි)

:       0       0

සුක්‍රියා Wednesday, 16 January 2013 11:00 AM

අපිට ලෝකෙන් ණය එපා. රස්සාත් එපා. ආධාරත් එපා . ආයෝජනත් එපා .ලංකාවේ වැඩ වලට ඇඟිලි ගහන්නත් එපා (ස)

:       0       0

ෂීලා Wednesday, 16 January 2013 11:02 AM

ඔය 2500 මතුරන එන දැන්වත් නවතවන්නකෝ. (නි)

:       0       0

ශාමා Wednesday, 16 January 2013 02:44 AM

මම ඒ කතාවනම් පිලිගන්නවා (දී)

:       0       0

චූලා Wednesday, 16 January 2013 11:03 AM

සුද්දෝ නාවනම් මේ පාසල්, පාරවල්, පාලම් අපිට අද තියෙයිද? (නි)

:       0       0

සේන Wednesday, 16 January 2013 11:02 AM

අපිට ඇගිලි ගහන්න එපා. හැබැයි අපිට ණය නොදී ඉන්න නම් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 64 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 241 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 79 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 51 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 228 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site