ශ්රී ලංකා අධිකරණයේ ස්වාධීණත්වයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙන් විදේශ ආයෝජන කෙරෙහි බලපෑමක් ඇතිවන්නේ යැයි ඇමෙරිකා රජය වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය බවත්, එය හිතකර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට එය පටහැනි බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වික්ටෝරියා නූලන් පැවසුවාය.
මහා බ්‍රිතාන්‍ය, කැනඩාව යුරෝපා හවුල හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලවත් කණස්සල්ල පළ කර ඇතැයි ද ඇය කීවාය.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාව ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කරනවාද?
නූලන් - මේ බලන්න. ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්තවාදය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති වන බව අප හිතනවා. ඔවුනට ඒ තත්ත්වය මඟ හැර ගැනීම සදහා හොඳට මහන්සි වී වැඩ කරන්න වේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව අපේ වැඩ වලට ඇගිලි ගහන්න එන්න එපා (දී)
ඇමෙරිකාවට බැනල තියෙන්නේ අනිවාර්යෙන්ම මනෝ ලෝකවල ඉන්න කට්ටියද නැත්නම් .......... (ස)
ඇත්ත, එතකොට කවුද ආයෝජනයට එකඟ වෙන්නේ (දී)
ඒ කතාවට මම 100% එකඟයි (දී)
සධාරයක් නැති උනාම හැම දෙයක්ම එන හිටිනවා (දී)
ඇමරිකාවට බණින අය අසනීපයක් හැදුණහම දුවන්නේ මොන රෝහල් වලටද කියලා අපි දන්නවා. (නි)
ළමයි නේ, රත් වෙන දියේ නටන කකුළුවෝ වගේ වෙන්න එපා. අපි අනා ගන්න දිනය වැඩි දුර ක නෙමෙයි තියෙන්නේ. බොරුවට ලොකු කම් කියන එක නෙමෙයි දක්ෂ කම. ප්‍රශ්නේ දිහා මධ්‍යස්ත ව හිතලා තීරණ ගන්න එකයි දක්ෂ කම. (ස)
ඇමරිකාව කියන කියන ලෙස අපි නටන්නේ නැහැ (දී)
ඇමරිකාව කියපු ඒ කතාවානම් ඇත්ත (දී)
ඇමරිකාව හරි කියනවා නොවෙයි, නමුත් ඒ කතාව අපි හොදින් හිතේ තියා ගන්න ඕනේ (දී)
මාලක , කියන්නා කෙසේ කියුවත් අපි සිහිබුද්දියෙන් වැඩ කරන්න ඕනේ (දී)
ඒ කතාව අපි හොදින් මතක තාබා ගත යුතුයි (දී)
අපිට හොඳ ස්ථාවරයක් ඇති දාට මෙවැනි කියමන් නොසලකා හැරිය හැකිය (ස)
"මහා බ්‍රිතාන්‍ය, කැනඩාව යුරෝපා හවුල හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලවත් කණස්සල්ල පළ කර ඇතැයි ද ඇය කීවාය." ඒක නම් එච්චර හොද නැහැ (දී)
මේ කතාව බොරුයි කියන්නත් බැහැ (දී)
අපේ වැඩ අපිට බලා ගන්න පුළුවන් (දී)
මට මේවා තේරෙන්නේ නෑ (ස)
එහෙම කොහොමද වෙන්නේ (දී)
අධිරාජ්‍යවාදී ගැත්තනි,දෙපයින් නැගිට බලන්න . ඇමෙරිකාව ලොව කොයි රටටද හොදක් කරල තියන්නේ. (ස)
එයාලා නැත්නම් අපිට කන්න නැහැ ද (දී)
අපේ ජනාධිපතිතුමා ඔය කාටවත් බය නැති නිර්භීත පුද්ගලයෙක් බව අපි දන්නවා. (නි)
අපට ඇමෙරිකාවෙන් කිසිම වැඩක් නැත. ඒත් ග්‍රීන් කාර්ඩ් එකක් එහෙම තිබුණාට නම් කමක් නැත. (නි)
ලංකාවට මේ මොනවද වෙන්නේ (ස)
මේ වගේ විශාල ගැටළු නොසලකා අරින්න හොද නැහැ. (දී)
තනි පුද්ගලයෙකු වටා බලය ගොනුවිය යුතු නැත. (නි)
මේ වගේ ප්‍රශ්න දරුණු වෙන්න කලින් විසඳ ගන්න ඕනේ. (දී)
රටට අහිතක් වෙන්න කලින් මේ ගැටළු නිරාකරණය කල යුතුයි. (දී)
ඇමරිකාවට වගේම කැනඩාවටත් පුදුම ආදරයක් අපේ රටේ අධිකරණය ගැන තිබෙන බව පේනවා, යුද්ධය දිනපු එක ගැන ප්‍රකාශයක් කරන්න මැලි වුණමේ අය පැය 24 ක් යන්න කලින් ම??????? . වුණ දෙය කෙසේ වෙතත් කරපු විදිහේ වැරැද්දක් තියෙන බව පේනවා,. එත් අන්තිමේදී මේ දෙය කළ යුතුම වුණා කියල හිතෙනවා. (නි)
නියමයි. ජය වේවා (ස)
අපිට ඕනෑ ඇති ඇමෙරිකාවක් නැහැ. (නි)
රට තුල ඕනෑම දෙයක් කරන්න පුළුවං රජයට.!(නු)
තුෂාර, ඔයා හරියි (ස)
දේශප්‍රේමී දේශමාමක මහජනතාවනි,අපේ රටට ආර්ථික සම්බාධක දැම්මොත් හරි අපිට පිටින් එන තෙල් බෙහෙත් නැවත්තුවොත් හරි එහෙමත් නැත්නම් නය දෙන එක නැවත්තුවොත් හරි ස්වාධීනව ඉන්න පුළුවන් තත්වෙක අපේ රට අද තියෙනවද? එනිසා මේවගේ ප්‍රශ්න ගැන පටු විදියට හිතන්න එපා. (ස)
මොකුත් හිතන්න එපා, ඇත්ත නේද ඒ කතාව (දී)
අපිට ඇගිලි ගහන්න එපා. හැබැයි අපිට ණය නොදී ඉන්න නම් එපා. (නි)
සුද්දෝ නාවනම් මේ පාසල්, පාරවල්, පාලම් අපිට අද තියෙයිද? (නි)
ඔය 2500 මතුරන එන දැන්වත් නවතවන්නකෝ. (නි)
අපිට ලෝකෙන් ණය එපා. රස්සාත් එපා. ආධාරත් එපා . ආයෝජනත් එපා .ලංකාවේ වැඩ වලට ඇඟිලි ගහන්නත් එපා (ස)
අපිට ලැබෙන ආධාර ටිකත් නැතිවුණොත් පොළවේ පස් තමයි කන්න වෙන්නේ. (නි)
නැති කරන එක නොවෙයි වැඩේ ඇති කරන එක. (දී)
ඒ කතාවනම් ඇත්ත (දී)
ඒ කතාව හරියටම හරි (දී)
කවුද කැමති වෙන්නේ ආයෝජනය කරන්න (දී)
නොකියා කියන්නේ ලංකාවේ අධිකරණ ස්වාධීන නැහැ කියලාද (දී)
ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න. අපි අපේ පාඩුවේ ඉන්නම්. (නි)
කෝ දැන් මෙච්චරකල් කෑගහපු කට්ටිය? (නි)
ඇත්ත......... (දී)
කොහොමත් එයාලා අපි ගැන හරියට දුක්වෙනවා. (නි)
ඔයාලගෙ ආයෝජන ඔහෙලාම තියාගන්න .ඒ කාලේ පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය රටවල් අපෙන් හොරකම් කල සම්පත් පොලියත් සමග ආපසු දුන්නොත් හොඳයි . (ස)
ඇමරිකාව හරි (දී)
බටහිරයන්ට වුවමනා ලෙස නටන දේශපාලන අනාථයිනි, ලැජ්ජා වෙයවු! (නි)
මම ඒ කතාවනම් 100% පිලි ගන්නවා (දී)
ලංකාවේ අධිකරණ ස්වාධීනයි තමයි (දී)
අපිට බොහොම ඉක්මණින් පාඩමක් ඉගෙගන්න පුලුවන් වේවි. (නි)
ඒ ගොල්ලන්ගේ රටවල මීට වැඩිය දේවල් වෙනවා. (නි)
ඔවු ජනිත්, අපි දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉදිමු. (නි)
අපේ රටේ ආර්ථිකය, රුකියා විරහිතයන් ගේ වාර්තා සහ වර්ධන වේගය පිළිබදවත් කතා කළ යුතුයි. (නි)
නමුත් අපට අයිඑම් එෆ් මුදල් ඉක්මනින්ම..!(නු)
අපි නම් දැනගෙන හිටියා මේහෙම නියයි කියලා..!(නු)
අපිට ඕවායින් වැඩක් නැත. (නි)
ඇයි එයාලට අපි ගැන මෙච්චර ආදරයක්? (නි)
දැනටමත් එය වෙලා..!(නු)
වෙවි කියන්න දෙයක් නැහැ වෙලා ඉවරයි..!(නු)
ප්‍රකාශක තුමා ඒකට හොද උත්තරයක් දුන්නනේ..!(නු)
රටක් ගොඩ ගන්න සියල්ලෝ එක් විය යුතුයි (දී)
අපි 2500 වසරක ඉතිහාසයක් තියෙන නිවහල් ජාතියක්. අපේ වැඩ වලට අධිරාජ්‍යවාදී ඇමරිකානු ඇගිලි ගැසීම් අවශ්‍ය නැහැ (නි)
අද මේ වනවිට ඇමෙරිකාවත් බිලියන ගණනක් චීනයෙන් අරගෙනනෙ තියෙන්නෙ. (නි)
අපිට එපා ඇමරිකානු ඇගිලිගැසීම්. අපිට ඕනෑ ඇමරිකානු ණය ආධාර විතරයි. (නි)
ඇමරිකාව නැතිවුණත් අපිට චීනේ තියෙනවනේ. (නි)
කපිල, ඔබ වැනි අධිරාජ්‍යවාදී ගැත්තන් මම හෙළා දකිමි. ඇමෙරිකාව ලොව කොයි රටටද හොදක් කරල තියන්නේ? (නි)
මම ඒ කතාවනම් පිලිගන්නවා (දී)
ඇමරිකාව කියන දේවල් වලත් ඇත්තක් තියෙනවා (දී)
ඇයි, උසාවියට ආයෝජනය කරන්නද මේ අය බලාගෙන ඉඳලා තියෙන්නෙ? (නි)
ඇමරිකාවේ උදවු නැතුව අපිට නැගිටින්න බැරිකමක් නැහැ. (නි)
මේ ප්‍රකාශකර තියෙන්නේ ඉතාම බරපතල දෙයක්. යුරෝපා සංගමයේ ආයොජකයින් පිටුපෑවොත් අපට ඉතුරු වෙන්නෙ බහුතරයක් චීන සහ ඉන්දියානු ආයෝජකයින් විතරයි. නමුත් මම නම් හිතන්නෙ නැහැ විදේශීය ආයෝජකයින් මෙම සිද්‍ධිය එතරම් බරපතල ලෙස ගණන් ගනීවි කියලා. මීට වඩා අසන්තුලිත රට වල විදේශ ආයෝජන ඕනෑ තරම් දකින්න පුළුවන්. (නි)
මොනවා නැතිවුනත් අර ණය මුදල නම් නැතිකරන්න එපා..!(නු)
ස්වාධින උසාවි නැත්තනම් නීතියක් නැති රටක් වේවි (දී)
කියන්නත් දෙයක්ද (දී)
රටක් හරි මාර්ගයේ යන්න නම් ස්වාධින අධිකරණයක් අවශ්‍යයි (දී)
ස්වාධින අධිකරණයක් තමයි රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ (දී)
ලංකාව සුද්දගේ අතකොළුවක් වෙලා (දී)
මේ බුදුන්ගේ දේශයයි. නිවැරදි කරු සෑම විටම ජය ගන්නවා (දී)
ඕක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි (දී)
අපි ඇමරිකාවට කොච්චර බැන්නත් ඒ කතාවනම් හරි (දී)
අල්ට්‍රා සුපර් ප්‍රජාතන්ත්‍රවාදය යනු මෙයයි. (නි)