තේ කිලෝවේ සෙස් බද්ද රුපියල් දහයේ සිට 22 දක්වා වැඩි කිරීමෙන් ශ්‍රී ලංකා තේ සඳහා ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ගිළිහී ගොස් ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියයි. ගිය ජනවාරි 23 වැනිදා සිට මේ බද්ද වැඩි කැරිණි.
සෙස් බද්දක් පැනවීමේ අරමුණ වනුයේ එම බදු ආදායම එම කර්මාතයේ දියුණුවට යොදා ගැනීම වුවත් තේ කර්මාන්තය සම්බන්ධයෙන් එසේ වී නැතැයි ද, මෙතෙක් රුපියල් කෝටි 400ක් පමණ සෙස් බදු වශයෙන් තේ කර්මාන්තයෙන් අය කර ගන්නා බවත් ඔහු කියයි.
මේ හදිසි තීරණය නිසා තේ අපනයනකරුවන්ට පාඩු විදීමට සිදුවී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක අපි තමයි, හැමතිස්සෙම තැලෙන්නේ (දී)
ඉස්සර තේවලට ලංකාව පලවෙනියා. දැන් පලවෙනියා අපේ යාළුවා චීනය, දෙවනියා කෙන්යාව, තුන්වෙනියා ලංකාව.(නදී)
ඔහු තේ කෝප්පයේ කිඹුලෙක් බලනවා.(නදී)
වැඩි වෙච්ච ඇමතිලගේ වියදම හොයන්නත් එපැයි.(නදී)
අපිට තමයි හැම දේකින්ම අමාරු වෙන්නේ (දී)
අනේ අහිංසක අපි (දී)
කොහොම කොහොම හරි ඉතින් ජිවත් වෙන්න බැරි වෙන එක තමයි වෙන්නේ (දී)
තේ වලට මේ ජාතියේ බද්දක් ඇයි. එය වාජීකරන ඖෂධයක්ද?(නදී)
රුවිනිට වැරදිලා. පළමුව චීනය. දෙවනුව ඉන්දියාව. තෙවනුව කෙන්යාව. හතරවෙනුව තමයි ලංකාව. (නි)
හැමදේටම මොනවා හැරි නමින් බද්දක් ගහලා ආන්ඩුවට සල්ලි හොයන එක ඉලක්කයක්?(නදී)