ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවූ බව වතිකාන ආරංචි කියයි.
සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත් සංඥාවක් ලැබෙයි.
රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.
අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.
එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.
රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබිනි.
තෝරා පත් කර ගත් නව පාප්වහන්සේ තව මිනිත්තු කිහිපයකින් වතිකානුවේ රැස්ව සිටින ලක්ෂ ගණනක් ජනතාව ඇමැතීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුවත් නව පාප් වහන්සේ අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. (නි)
වාසනාවන්! අපේ පියතුමා පත්වේවා! (නි)
හරිනේ ඉතින් එහෙනම්... (නි)
මේ මොනවා සිදුවුණත් නැති බැරි අපි සැමදා දුකේ තමයි. (නි)
ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා, අපේ නව පාප්වහන්සේ... (නි)
ගියපාර පාප්තුමාට කළු දුම හතර පාරක් ගැහුවා. මේ පාර පාප්තුමාට ගැහුවේ දෙපාරයි. ඒ කියන්නේ අකමැති කට්ටිය අඩුයි. (නි)
නිවැරදි තොරතුරු එසැණින් ලබාදෙන ලංකාදීපයට තුති! (නි)
අපේ ජේසුස් උතුමාණන් වහන්සේ අසරණයින් වෙනුවෙන් දහදුක් වින්දා... (නි)
සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!
නව යුගයක ආරම්භයක්. (නි)
එතකොට ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ කියන කතාව මෙතනදි බොරු වෙනවා නේද? (නි)
මට නම් මේ දේවල් වලින් ඵලක් නැහැ. (නි)
විශ්වාස කරන්නේ කොහොමද ? (ස)
ඔබ අසතුටු වන්නේ නම් කරුණාකර අදහස් දැක්වීමෙන් වැළකී නිශ්ශබ්දව සිටින්න. (නි)
හේමසර හිමි ‘‘සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ‘‘ එතුමා කොහොමද ඒක කරන්නේ.. මෙතෙක් හිටපු හැම පාප්තුමාම ඕක කරන්න උත්සාහ කළා.. ඒත් යුද්ධ වැඩිඋනා මිස අඩු උනේ නම් නැහැ..!(නු)