රුපියල් ලක්ෂ හතරක් පමණ වටින ලැප් ටොප් පරිගණක උපාංග සහ යුද හමුදාව පරිහරණය කරන රම්බෝ වර්ගයේ පිහියක් නාවික හමුදාව හාවිතයට ගන්නා රිවෝල්වරයක් සමග කොළඹ උසස් පාසලක සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
අපොස උසස් පෙළට සුදානම් වන වන මොහු ළඟ තිබී උපත් පාලන කොපු පැකටි විස්සක් පමණ හමු වු බව පවසන පෙලිසිය සැකකාර සිසුවා ගණිකා ඇසුරට තදින් ඇබ්බැහි වුවෙකියි සැක මතුවෙන බව පවසයි.
ඔහු රත්මලාන දෙහිවල ගල්කිස්ස යන ප්‍රදේශ රැසක මංකොල්ල කෑමේ නිරත වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. ගල්කිස්ස පොලිස් අධිකාරි රවින්ද්‍ර කරවිට මහතාගේ අධික්ෂණයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට යන තත්වය එච්චර හොද නැහැ (දී)
මොනවද මේවට අපි කියන්න ඕනේ (දී)
මෙයාට බොහෝ සුදුසුකම් තියෙන පාටයි ඉස්සරහට යන්න (ස)
කොහොමද වැඩේ, හිතා ගන්නවත් පුලුවන්ද (දී)
මේ කොළුවා නමි මාර ළමයෙක්. මුතුකුඩට පුළුවන්නම් මේ ළමයට ගොඩ එන්න සහයෝගයක් දෙන්න.(නදී)
මට හිතෙන්නේ පොඩි එකා ජාතිය වදවීමේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න උත්සාහ කරන්න ඇති. (නි)
උදය, ඔයාද මේ කොල්ලව ඇල්ලුවේ? අතහැරදාපන්.(නදී)
මුතුකුඩ අමුතුම වැදි බන කියන කෙනෙක්. හරිම බර වචන පාවිච්චි කරලා වෙන පැත්තකට ඇගිල්ල දික්කරනවා. ඔහොම හිටියා ඉන්ද්‍රජිත් කියලා කෙනෙකුත්. උදේට එකක් කියනවා. හවසට තව එකක් කියනවා. හැබැයි බර වචක ගොඩයි. ගත යුත්තක් නැහැ. වෙනත් කෝනයකින් බලන කෙනෙක් විදියට පේනවා.(නදී)
අපේ ප්‍රතිචාර පලවන්නේ නැති නිසා ප්‍රතිචාර නැත්තේ.(නදී)
මේවා නම් කැත වැඩ. (නි)
ලොකු ලොකු පුතාලා කරන වැඩ කරන්න ගිහින්නේ මේ පුතත (ස)
මේ පොඩි කොල්ලා පස්සේ ලොකු කොල්ලොත් ඉන්නවා අනිවාර්යෙන්ම තනියෙන් ඔය වගේ දෙයක් කරන්න බෑ මේවට දෙමාපියෝ 90% විතර වගකියන්න ඕනි (ස)
මේක මේ තනි ළමයකුට ඇගිල්ල දික් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. (මම ඒ ළමය හරි කියනවා නෙමෙයි.) දවස් 365 පුරාම පැය 24 පුරාම රූපවාහිනියෙන් මාධ්‍යය මගින් වපුරන්නේ අඩනිරුවත් සංස්කෘතිය. මේ දරුවන් ඒ සංස්‌කෘතියේ අතුරු ඵලයක්. මේ රටේ හැම දෙයක්ම කුණුවෙලා. කවදාවත් මේ රට හදන්න බැහැ. කාටවත් ඒකට ඕනෑකමකුත් නැහැ. (නි)
කොහොමද වැඩේ , තවම ඉස්කෝලේ යන පොඩි එකා (දී)
දැන් කවුද සිල්පද ඔක්කොම රකින්නේ (දී)
මම කියන්නෙත් ජගත් මහතා හරි කියලා. මොකද ඔය ළමයි ඉපදෙන කොටම ඔය ගති අරන් එන්නෙ නැහැ. ඔය උදේ පාන්දරින්ම පිරිත් දාන බණ දාන පෝයට රහත් වෙලා වගේ ඉන්න අය දාල වැඩ පෙන්නන ටීවී චැනල්ම තමයි අනිත් වෙලාවට පුලුවාන් තරං අඩනිරුවත අඩු වැඩියෙන් හොඳ පදමට යොදාගෙන මේ දරුවන්ගෙ මනස වනසන්නේ. දැන් බලන්න ඔය ටීවී චැනල් වල සම්මාන උත්සව වල අතර මැද පෙන්නන තරුණ ගෑනු ළමයි දාල දිය රෙදි වගේ ඇඳුම් අන්දල කරවන නැටුම් වල පෙන්නන්නෙ ඒ ළමයිගෙ සිරුරු වල ඉතාම පෞද්ගලික තැන් මිසක් ශිල්පීය නැටුම් නෙමෙයි නේද? (ස)
හොදයි අපේ පොලීසිය (ස)
අපරාදේ ඇල්ලුවේ. අනාගතයට හොඳ දේශපාලකයෙන් වෙන්න හිටපු කොලුවෙක් (ස)
මාර ළමයෙක්නේ! (නි)
චන්දිමා හරියටම හරි .ඒත් අපේ අදහසට සවන්දෙන පාලකයෝ අපි පත්කරලා නෑ. ඔක්කොම මුදලට යටත්වෙච්ච රටක් මේක (ස)
ෂුවර් එකටම මහජන නියෝජිතයෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඕනි (ස)
මෙයාට සල්ලි තියෙන්නෙ අවි ආයුධ බිස්නස් එකකින් වෙන්න ඕනේ.ඒ නිසා තනියම කරන වැඩක් වෙන්න බෑ.සල්ලි වැඩි උනාම අනික් දේවල් වලට යන එක පුදුමයක් නෙවෙයි.ක්‍රම සහ විධි වලින් මෙයා ගෙ අනික් අයත් අල්ල ගන්න. (ස)
ඇත්තටම මේ ළමයගේ මොලේ හොඳ දේකට යොදවලා තිබුණානම් අද ලංකාවට හොඳ සම්පතක් . ඒත් මොහු ගිය පාර වැරදියි (ස)
දැන් මේව ගැන හොයන්නෙත් ට්‍රැෆික්ලද ? (ස)
හොඳ දෙයක් වෙනුවෙන් ඔය මොලේ පාවිච්චි කරන්න ළමයිනේ (ස)
නියමයි පොලිස් ,හැබැයි ඔයිට වඩා ලොකු හොරු තාම නිදැල්ලේ (ස)
අනිවාර්යයෙන්ම එයාගේ කව්රුහරි දේශපාලනයට සම්බන්ද කෙනෙක් ඇති.(නදී)
අමමයි, තාත්තයි ගෙන්නලා අහන්න ඕනේ මේ ඔයාලගේ ළමයද කියලා.(නදී)
මේ බඩු ටික අල්ලන්න මෙච්චර කට්ටියක්. අරයගෙ සිනහව දෑක්කහම මට මංජුල තිලකරත්නව මතක් උනා.(නදී)
අපරාදේ කොල්ලා අහුවුනේ. අනාගතය පැහැදිලිව දැකපු කොල්ලෙක් නේද මේ? (නදී)
මොන පන්සිල් පදද කඩල තියෙන්නෙ? මට නමි තේරුම්ගන්න අමාරුයි.(නදී)
විශ්වාස කරන්නත් අමාරුයි (දී)
800 ක් 900 ක් බලලා තියෙනවා. කෝ ප්‍රතිචාර?(නදී)
වානේ පන්නරය ලැබූ හැටි.(නදී)
මෙයත් එක්ක තව කට්ටියක් ඇති. කල්ලියම අල්ලල උපරිම දඩුවම් දෙන්න.(නදී)
උපත් පාලන කොපු ලග තබා ගැනීම නීතියෙන් තහනම්ද? දන්නේ නැති නිසයි ඇහුවේ. අනික හොරකමට නිසි දඩුවම් දෙන්න.(නදී)
නියම සුජාත පුතෙක්.(නදී)
අපේ ලොකු උගත් මිනිසුන් පන්සිල් පද පහම කඩන එකේ ඔය දෙකක් කැඩුවම සොනවා වෙනවද?(නදී)
අපි නොසිතුවාට පාසල් ළමයි එදා හැදිච්ච ළමයි වගේ නොවෙයි (දී)
මේ වගේ අය කෙලින්ම හිරේට දාන්න තියෙන්නේ.(නදී)
මට නිකන් පිස්සු වගේ (දී)
උපත් පාලන කොපු ගැන ඔහුට චෝදනා කිරීමට පෙර සිසුන් අතරට ඒවා යන්නේ කොහොමද කියල හොයල බැලුවනම්.(නදී)
මේවාට සම්පුර්නයෙන් වග කියන්න ඕනේ ධාර්මිකව ජීවත් වන හැටි කියා දෙන්න ඉන්න පැවිදි පක්ෂයයි.(නදී)
මේවා ඉතින් දෙමවිපියන්ගෙන් ලැබෙන අභාස තමයි. කව්රු උනත් දෙමවිපියෝ ලොකු බලවතෙක් වෙන්න ඇති.(නදී)
ඇස් අදහා ගන්න බහ මේ කතාව (දී)
කොහොමද තාරුණ්‍යයේ දියුණුව (දී)
මතක තියා ගන්න තවම මේ පොඩි ළමයෙක් , මේ වයසට මෙහෙමනම් ලංකා නාමය නැති කරන්න පුළුවන් මේ ළමයා ලොකු වෙනකොට (දී)
රට යන අත නම් කියන්න බැහැ (දී)
අපේ ලමයිවත් ඉස්කෝලේ යවන්න බය හිතෙනවා මේ කතා ඇහුවහම (දී)
දැන් හැදෙන ළමයිගේ තරම කොහොමද (දී)
මේක වෙන්න බැහැ..... මේක වෙන්න බැහැ..... (දී)
මට නම් මේ කතාව පිලි ගන්න බැහැ (දී)