
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉස්ලාම් ආගමට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදියේ මරණ දඬුවම නියමව සිටින අනෝජන් සිවරාසාට ඔහු රඳවා සිටින සිර මැදිරියේදී සීරීම් තුවාල සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
තවත් සිරකරුවකු සමග අැතිවූ බහින්බස්වීමකින් පසු මෙලෙස සීරිම් තුවාල සිදුව ඇති බවද හෙතෙම කීවේය
තානාපති නිලධාරීන් එම බන්ධනාගාරයට ගොස් එහි ප්‍රධානියා හමුවී කරැණු විමසා අැති අවස්ථාවේදී ඔහුගේ ජීවිතයට තර්ජනයක් නැතැයි එම ප්‍රධානියා එහිදී දැනුම්දී ඇති බව අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් සිවරාසා වෙනත් සිර මැදිරියකට මාරුකර යවා ඇතැයිද විජිත හේරත් මහතා පැවැසීය.
ඔහුගේ ආරක්ෂාවට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව බන්ධනාගාර ප්‍රධානීන් තානාපති නිලධාරීන්ට දැනුම්දී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු සම්බන්ධයෙන් අද හෝ හෙට ශේරෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කරන බව පැවසු අමාත්‍යවරයා සිවරාසා වෙනුවෙන් සහනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බවද ප්‍රකාශ කළේය.
මේ නීතිමය කටයුතු සඳහා ජනාධිපතිවරු නීතිඥවරුන් තිදෙනෙකු එහි ගොස් සිටින බවත් මේ අවස්ථාවේදී දේශපාලන අරමුණු පසෙකලා ඔවුන් බේරා ගැනීමට අවංක අරමුණින් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන දිනය ලබන 17 බවද ඔහු කීවේය.
මෙහිදී එම නීති කටයුතුවලට අදාල ලියකිවිලි කිහිපයක් අමාත්‍යවරයා සභාගත කළේය.
අභියාචනයේ පිටපත පසුව ඉදිරිපත් කරන බව කී විජිත හේරත් මහතා
නීති කටයුතු අවසන් වනවාත් සමගම ඔහුට සමාවක් ගැනීමට මැදිහත් වන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd