ඉතා දුර්ලභ ගනයේ ජීවී කොරල් පර විසිහතරක් සහ බෙල්ලන් දෙදෙනෙකු රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක දී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීහු පවසති.
වන සත්තව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ කොරල පර සහ බෙල්ලන් ආරක්ෂා කොට ඇති බව රේගුව කියයි.
සැකකරුවෝ අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 0866 දරණ ගුවන්යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මත්තල ගුවන්තොටුපොළේ වැඩකටයුතු සඳහා තමන් මෙරටට පැමිණි බවත් මෙම කොරල්පර හික්කඩුව මුහුදු තීරයෙන් කඩා ගත් බවත් සැකකරුවෝ රේගුවට පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්වන චූලා ජයසුන්දර, උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන අසංක ප‍්‍රියදර්ශන, ලලිත් දුෂ්‍යන්ත, ඞී. අමරසිංහ යන නිලධාරීහු සිදු කරති.
මේ පිළිබඳ රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා විසින් සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද එහේ පුරුද්දයි.(නදී)
චීනාට අයිතියක් තියෙනවා මේවා අරන් යන්න චීන නය චීන ගුවන් තොටුපොළ චීන පාලමි චීනාට ගිය රට.(නදී)
වරාය විනාශ කරපු චීන්නු දැං රටම විනාශ කරනවා..!(නු)
චයිනා පටාස්.(නදී)
මේත මත්තල ගුවන්තොටුපොළෙන් හරි අගේට පන්නන්න තිබුනනේ. ඒක චීනුන්ගේ ගුවන්තොටුපොළනේ. (නදී)
ලංකාවේ සුන්දරත්වය නැති කරන්න එපා (දී)
ස්වභාව ධර්මය ගන්න එකතු වෙන්න (දී)
අපේ රට විනාශ කරන්න කාටවත් දෙන්න එපා (දී)
ඔන්න ආයෙත් චීන්නු.(නදී)
චීනා නියමයි. ජයවේවා !(නදී)
කොරල්පර අල්ලපු 4 දෙනෙක් දාලා. එතනොල් අල්ලපු කව්රුවත් නැහැ.(නදී)
මේක නම් කරන්න ඇත්තේ නොදනුවත් කම නිසා. නැත්නම් ඕවා කටුනායක හරහා ගිනියන්නේ නැහැ. මොකද ඕක හොරට කරානම් චීනගේ වලිගේ තමයි අල්ලන්න වෙන්නේ. මේවා ලස්සන නිසා ගෙදර ගිනියන්න හිතන්න ඇති. (නදී)
චීනට ජයවේවා!, චීන කිරුළ ගමිමානයක් බිහි වේවා!(නදී)
චීන්නු අලි හොරු වෙලා වගේ. මෙයාලා අටමස්ථානත් ගලවගෙන පනියිද දන්නේ නැහැ.(නදී)
මෙතෙක් කල් සද්‍ද නැතුව මේව කළේ සුද්දො.දැන් චීනා පටන් ගත්තද? (නදී)
මේ අය ටික ටික ලංකාවේ කෑලි කඩාගෙන අරගෙන යනවා. එහෙම බැළුවොත් දැන් ලංකාවේ ඉන්න චීන ජනගහනය ඇති අවුරුද්දකින් ලංකාව චීනෙට පටවන්න.(නදී)
ඕවා ගාළු කොටුවේ විකුනන්න ඕනාතරම් තියෙන්නේ. කාගේවත් බඩට ගහනවා නෙමෙයි. පොඩි දේ වුනත් හොරකමක් නම් හොද නැහැ. මහා පරිමාණ ඒවා අල්ලන්න බලන්න.(නදී)