අනුරාධපුර හෝටල හිමියකුගෙන් පහර කෑ පාරිභෝගික අධිකාරියේ නිලධරයෝ දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. අනුරාධපුර සිංහ කණුව අසල හෝටලයක කල් ඉකුත් වූ බීම බෝතලයක් වැඩි මිලට විකිණීම ගැන සොයන්නට ගිය අවස්ථාවේ පහර කෑමට ලක් වූ බව කියනුයේ අනුරාධපුර ස්ථාන භාර නිලධාරී සමින්ද පී පෙරේරා සහ විමර්ශන නිලධාරී ප්‍රදීප් ලියනගේ යන දෙදෙනායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් සිද්ධ වෙන එක නවත්තන්න ඕනේ. (දී)
කවුද දන්නේ (දී)
ලංකාවෙ ඔක්කොම චන්ඩි.(නු)
මෑරකම, දූෂණය තුරන් කළ යුතුයි. ජොන්ස්ටන් ඇමතිතුමනි, මුලු ශ්‍රී ලංකාවේම කල් ඉකුත්වූ ආහාර විකුණන අයට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න. එය රට වෙනුවෙන් කළ යුතු ඔබගේ යුතුකමයි. දඹුල්ලේ ප්‍රාදේශිය සභාපතිතුමනි, කුණු අල වලින් කෑම හදා මහජනයාට විකුණපු කුණු ආපන ශාලා වටලපු ඔබතුමාට විදේශගත අපගේ ප්‍රණාමය! මෙවෑනි පාඨක ප්‍රතිචාර වලට ඉඩක් දෙන ලංකාදීපයටත් මගේ ප්‍රණාමය! (නි)
ලොකු දේශපාලන බලයක් එයාගේ පිටිපස්සෙන් ඇති. (නි)
ඕවා ගොඩින් බේරගන්න පුලුවන්නේ. ඇයි මේ රණ්ඩු සරුවල් කරගන්නේ? (නි)
මාර චන්ඩියෙක් නේ (දී)
අර නීතිඥවරුන්ට ගහපු මැරයොද? ආ ඒ අය ඇල්ලුවෙත් නැහැනෙ. (නි)
ඒ පුදබිමත් කෙළෙසන්නද දන්නෙ නැහැ යන්නේ? (නි)
චන්ඩිකම නැතුව අද බිස්නස් කරන්න බෑනේ .ගුටිකාපු අයත් චන්ඩිකම් පෙන්නුවද දන්නේ නෑ (ස)
බෝතලේ ඇන්ටික් වැලිව් එක හින්දා ගාන වැඩි වෙන්න ඇති. හොඳ වැඩේ අඩුවට ඉල්ලන්න ගියාට. (නි)
කැළණියෙන් ගිය කට්ටියක්ද දන්නේ නැහැ හෝටලේ දාලා තියෙන්නෙ? (නි)
හොද ප්‍රතිචාරයක් නොදුන්නොත් ඔය වැඩේ දිගටම කරයි. (නි)
සමාවෙන්න. මේක තමයි දැන් අපේ රටේ තත්ත්වය. (නි)
මෙයාට කවුරුහරි පාඩමක් උගන්වන එක හොදයි. නියම චණ්ඩියෙක්. (නි)
මේ තරම් දරුණු වුණේ, මුදලාලි කාටහරි කප්පම් ගෙවන නිසාද? (නි)
මට මැවිලා පේනවා (දී)
අද කාලේ චන්ඩින්ට තමයි තැන තියෙන්නේ . (ස)