අත්ඉඩිය සහන උදය වැඩිහිටි පුරවැසි සංවිධානය හා අත්ඉඩිය පුරවැසි සංවිධානය එක්ව වැඩිහිටි අවුරුදු උත්සවයක් සහන උදය වැඩිහිටි නිවාසයේදී පැවැත්වීය.
හැත්තෑ පස් හැවිරිදි ගුණවතී පෙරේරා, හැත්තෑ හැවිරිදි ජී එල් සෝමවතී හා 67 හැවිරිදි කේ ඩී ප්‍රනාන්දු මාතාවෝ එහිදී අවුරුදු කුමරියෝ වූහ.
ජීවිතයේ සැඳෑ සමය මෙම නිවාසයේ ගෙවන වැඩිහිටියන් අතර තවත් අවුරුදු තරඟ රැසක්ම පැවැත්විණි.
කරගම්පිටිය ශ්‍රාස්ත්‍රානන්ද පරිවේණාධිපති හපුතලේ පඤ්ඤාරාම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් අවුරුදු ආළෙල සංවිධානය කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන විදියට 'ළමා නිවාසය සහ මහලු නිවාසය' කුමක්ද කියා තෝරා බේරා ගන්න තරම් විචක්ෂණ බුද්ධියක් නැති පිරිසකුයි මෙය සංවිධානය කර ඇත්තේ. මම කිවුවේ මට හිතුණු දේ. තරහා ගන්න කාරි නැහැ. (නි)
අනේ පිටිගල, නුබේ අම්මත් මේ තරගෙට හිටියා නම් ඔහොම කියනවද? (නි)
අනේ හරිම හොඳ වැඩක්! එයාලගේ තරුණ කාලය මතක් වෙන්න ඇති.හිතේ තියෙන පාලුව දුක නැති වෙන්නත් ඇති. අවුරුදු කුමරියෝ තුන් දෙනාත් හරිම හැඩයි. (නි)
පිටිගල මිලානෝ, මම හිතන්නේ අර ලොකු පච්චයක් පිටේ කොටාගෙන මිලානෝ වල ඉන්න මානසික ලෙඩා ඔයා වෙන්න ඇති. (නි)
ගතින් වියපත් වුණත් සිතින් මේ අම්මලා තවම තරුණයි (නි)
ඉතා ඉහලින් අගය කල යුතු වැඩක්. මෙය සංවිධානය කරපු අයට බොහොම පින් !!! (ස)
මා වයසක දෙමව්පියන්ට සලකන්නේ මේ ආකාරයට අන්දවා 'රූප රැජිනි' තරග වලට පෝලිම් ගස්සවා, දෑත බැඳ බනිස් කන්න දීමෙන් නොවේ. ඔවුන්ව නාවා පිරිසිදු ඇදුම් අන්දවා, කවා පොවා, බේත් හේත් අරන් දී, සදහම් ධර්මය අසා කුසල් රැස් කිරීමට ඉඩ සලසා දීමෙනි. (නි)
පිටිගල මිලානෝ ඔයා ගොඩක් හොඳයි. අම්මට තාත්තට එහෙම සලකනවා නම්. ඒත් ඉතින් මේ ඉන්නේ අසරණ වූ දෙමාපියෝනේ. ඒ අයට මේ විදියට සතුටු වෙන්න උත්සවය සංවිධානය කරපු පින්වත් උදවියට පින්සිද්ද වෙන්න ඉතින් මේ අසරණ අය ගැන එහෙම කියන්න හොඳ නැහැනේ. (ස)
පිටිගල...ඔයාගේ සැළකිලි අපි නේ දන්නේ... ඔවා දෙණු පරහට තමා සම්මතයේ පිහිටා සිට...(ස)
පිටිගල බිවුවේ මවු කිරිද ? නැත්නම් පිටි කිරිද ? (නි)
එහෙනම් පිටිගල මොකටද නාකි විසේ ගෙටත් උසේ කියල කීවේ.ඒ වචන වලින්ම පේනවා ඔබ තුමාගේ කුසල් එකතු කරීමේ ක්‍රමය. (ස)
පිටිගල ල වගේ අය දෙතුන් දෙනෙක් හිටියම ලංකාවටම හොද කාලයක් යයි. (ස)
උතුම් වූ පින්බර අම්මලා හට..... අන්දවා පාට පාට චීත්ත පට.... කරවන මේ තැරග ඉසවු ටික ... දැක හැලුවෙමි නෙතින් කදුළු කැට..... (නි)
සියලු මව්පියන් හට සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන නිරෝගිමත්ව ජීවත්වීමට වාසනාව උදා වේවායි පතමි (නි)
ගොඩක් හොද වැඩක්. මම ඉහලින්ම අගය කරනවා (නි)
හොදයි (නි)
හරිම හොද වැඩක්. අසරණ දෙමුපියන්ට මොනතරම් සතුටක් ලැබෙන්න ඇද්ද? අවුරුදු උත්සවය කරපු අයට බොහොම පින්. බුදුසරණයි. (නි)
අනේ ඇත්තටම මොන තරම් සතුටු ඇතිද මේ අම්මලාට හැම දෙනාටම බුදු සරණයි....(නදී).
මෙවැනි තරඟයක් මගේ ජීවිත කාලයේදී දැක්ක පලවෙනි වතාව. සංවිධායක මණ්ඩලයට ගොඩක් පින්! අම්මල වැඩිහිටි නිවාසයට ඇතුල් කල දූ දරුවන් කම්පා වෙත්වා!(නදී)
හරිම.හොද.වැඩක්.අසරණ.දෙමුපියන්ට.මොන..තරම්.සතුටක්.ලැබෙන්න.ඇත්ද.අවුරුදු උත්සවය කරපු අයට බොහොම පින් බුදුසරයි..! (ස)
නාකි විසේ ගෙටත් උසේ! (ස)
පිටිගල-ඔයාගේ වයස කියාද?මට මගේ ගෙදර ඉන්න 82 වයසැති අම්ම මතක් වුණා ,දු පුතුන්ගේ වරදින් මේ මාතාවන් වැඩිහිටි නිවාස වල හිටියත් බලන්න ඒ ය ඉන්න සුන්දර මොහොත.ඕ අම්මටත් අපි ගෞරව කලයුතුයි පිටිගල මහත්තයා (අ)
පිටිගල මහත්තයෝ ඔයා මනුස්සයෙක් ද හැබැටම .(අ)
පිටිගල....අපූරු තරුණයා ..පෙන්ෂන් යන කාලෙත් පහුවෙලා. මෙයා ආතා කෙනෙක්. පිටිගලත් මේ අම්මලාගේ වයසටත් පොඩ්ඩක් විතර වැඩි. අපි මේ වැඩිහිටියන්ගේ සතුට දැකලා සතුටු වෙමු. ඔවුන්ට ගරහන්නේ නැතිව. (අ)
ඔන්න සුභම සුභ අවුරුද්දක් .ජයෙන් ජය ලැබේවා! (නි)
සතුටක් එක්ක දුකක් ? කෝ මේ අම්මලා ගේ දරුවෝ ? අම්මා වැඩිහිටි නිවාසයක තියන්න තරම් දරුවෝ ඇයි පිරිහුනේ ????? (නි)
පිටිගලට අම්මා කෙනෙක් නැද්ද ? (නි)
ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා! (නි)
අම්මා පෙව් කිරි කදුලින් මේ ලොව මෙතරම් හැඩ උනේ ! (අ)
කිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු සිරුරේ ලේ වැල් මල් දැරුවා ඒ බිවු කිරි වල පව් අර වන්නට අම්මේ මදි අපි පින් කෙරුවා ඉන්නා තැනක ඉද පුතා කියා මට අමතන්න එන්නම් සොයා .....(නදී)
මෙවැනි තරඟයක් මගේ ජීවිත කාලයේදී දැක්ක පලවැනි වතාව. සංවිධායක මණ්ඩලයට ගොඩක් පින්! අම්මලා වැඩිහිටි නිවාසයට ඇතුල් කළ දූ දරුවන් කම්පා වෙත්වා. (නි)
අනේ ගොඩක් හොද වැඩක්. මේ අම්මලාගේ දරුවෝ දරුවෝද? මගේ සියා නැතිවෙලා මාස 2ක් වෙනවා. මමත්,මගේ පවුලේ අයත් ගොඩාක් දුක් වුණා. අපි එයාට ගොඩක් ආදරෙයි. මම සහ මගේ මව දුක් වුණා සීයාගේ මිනියවත් බලන්න නැති වුණ එකට. ලංකාවේ සියලුදෙනාට මේ අම්මලාටත් ලංකාදීප කතෘ මණ්ඩලයටත් ලැබූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මුවගට නැගුනු හසරැලි වාසනාවන් කිරට හැරුණු රතු ලේ වාසනාවන් හදේ පුරුණු සෙනෙහස වාසනාවන් අම්මේ නුඹේ දැක්මත් වාසනාවන්... (නි)
අනේ කොච්චර දෙයක්ද...මොනා නමුත් අනර්ග වැඩක්.(නදී)
''උකුලට නාවත් එදා වගේ මා පොඩි දුව අම්මේ.. දුර ඈත රටක උන්නත් මා ඔබේ ආදර දුව අම්මේ... දරුවෝ ඇයි දෙමව්පියන්ට නොසලකන්නේ.. අම්මල අපි පොඩි කාලේ ළමා සුරැකුම් මධයස්ඨාන වල දාල තිබ්බද නෙහැ නේ.. ගොඩාක් අගය කල යුතු දෙයක්.. මේ අම්මල පාලුවෙන් තනිකමින් ඉන්න ජීවිතේට පොඩි වෙලාවක් හරි සතුටක් දීල... ලොකු පිනක්..මහගු කාර්යක්.මේ අම්මල මතු බුදු වේවා.. මගේ අම්මිටත් දීර්ගායුෂ ලැබේවා..තෙරුවන් සරණයි... (එක්සත් රාජදානියේ සිට.)(නදී)
මමත් මේ අවුරුදු උත්සවේ දැකලා හරියට සතුටු වුණා. . (නි)