IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිමි දෙනමක් ගුටි කෙළියේ

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.

තමන් ශාසනාරක්ෂක බල මණ්ඩල සාමාජික ඉල්ලුමම්පත්‍රයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය විට එහි බෞද්ධ කටයුතු සාමාජික හිමි බෝතලයකින් හිසට පහරදුන් බව හම්බන්තොට කොවිල්ගොඩැල්ලේ පුරාණ විහාරාධිපති පහලගම ජිනරතන හිමි පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.

පහරදීම නිසා බෝතලය කැඩී ගොස් ඇතැයි ඒ හිමියෝ කීහ.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හිමියන්ගේ හිසට මැහුම් අටක් දැමූ බවයි.



අදහස් (0)

හිමි දෙනමක් ගුටි කෙළියේ

බණ්ඩා Sunday, 03 February 2013 07:06 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

තිසල් Sunday, 03 February 2013 07:38 PM

උත්තම පා තඹුරුවරු ඔක්කොම හාමුදුරුවරු දන් කෑමට ඉතා ගරු නිවන් පුරේ යාම බොරු.... (නි)

:       0       0

හෂාන් Sunday, 03 February 2013 07:47 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

හිල්ම් Sunday, 03 February 2013 07:59 PM

නියමයි, වෙන මොනවා කියන්නද (දී)

:       0       0

කුරුවිට Monday, 04 February 2013 03:48 PM

කෝ අර බොදු බල සේනා.(නදී)

:       0       0

ප්‍රසාද් Monday, 04 February 2013 09:51 AM

අනේ හාමුදුරුවනේ (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 04 February 2013 09:52 AM

මොනවද මේ වෙන්නේ (දී)

:       0       0

බණ්ඩා Monday, 04 February 2013 10:01 AM

මේවා නුසුදුසු වැඩ (නි)

:       0       0

බන්දුල Monday, 04 February 2013 10:10 PM

ලංකාදීප පත්‍රය පුරාම අදහස් දක්වන මුතුකුඩ නමින් සිටින අය බෞධයන්ට ගරහන බව අපට පෙනෙනවා. (නි)

:       0       0

දුලාර Sunday, 03 February 2013 08:42 PM

හාමුදුරුවනේ, කරාටේ වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

පාලිත-ඩුබායි Sunday, 03 February 2013 01:48 PM

අවුලක් නැහැ. හිමි දෙනමක්නේ. පැමිණිල්ල සාමදාන කරන්න.(නදී)

:       0       0

බුද්ධි Sunday, 03 February 2013 01:50 PM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වියහැකියි. (නි)

:       0       0

උපාලි Sunday, 03 February 2013 01:50 PM

අනේ මන්දා? (නි)

:       0       0

සිල්වා Sunday, 03 February 2013 01:54 PM

අනේ දැන් මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 02:05 PM

ලංකාවේ පැරණි සටන් ක්‍රම අභාවයට යන නිසා හිමිවරුන් විසින් මෙවන් සටන් ක්‍රම රගදැක්වීම වැදගත්. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 03 February 2013 02:09 PM

මෙන්න වැඩ. සාදු සාදු සාදු!!! මගේ අම්මෝ! මාව බේරගනියෝ, කෝ බල ‍‍සේනා? (නි)

:       0       0

බණ්ඩා Sunday, 03 February 2013 02:14 PM

හාමුදුරුවරු ඔක්කොම චණ්ඩි වෙලානේ. (නි)

:       0       0

සුසිල් Sunday, 03 February 2013 02:15 PM

මේ අර ධර්ම රාජ්‍යයමද? (නි)

:       0       0

රවී Sunday, 03 February 2013 02:16 PM

අනේ අපේ ලංකාද්වීපය බුදුන් වැඩිය රට. සුමිත් හිමිලා ගමේ ගහපු රට.(නදී)

:       0       0

මහින්ද Sunday, 03 February 2013 02:17 PM

බුදු බන සත්‍ය වේගෙන එනවා වගේ.(නදී)

:       0       0

සමන් Sunday, 03 February 2013 02:18 PM

වැටත් නියරත් කණතොල කානම් තවත් මොනවද සමාජය ගැන කතාකරන්නේ.(නදී)

:       0       0

ෂෙරීෆ් Sunday, 03 February 2013 10:01 PM

අනේ අපේ ලංකාවට මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

ෂාපික් Sunday, 03 February 2013 02:21 PM

අනේ කාලේ වනේ වාසේ.(නදී)

:       0       0

හසිත Sunday, 03 February 2013 02:32 PM

ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

මහේල Sunday, 03 February 2013 02:34 PM

කෝ කෝ බොදු බල සේනාව? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 February 2013 10:16 PM

කුන්ෆු සටන් මුලින්ම පටන්ගත්තේ හාමුදුරුවරු නිසා එයාලට නැවත ඒක පණගන්වන්න හිතෙන්න ඇති. (නි)

:       0       0

අනුර Sunday, 03 February 2013 02:46 PM

නිකන් දෙන දානය කාලා ශාසනයත් කෙළෙසනවා. (නි)

:       0       0

රවී Sunday, 03 February 2013 02:47 PM

ධර්මද්වීපය.... හූ හූ හූ හූ... (නි)

:       0       0

සමන් Sunday, 03 February 2013 02:49 PM

දැන් පුලුවන් පාර්ලිමේන්තු එන්න. (නි)

:       0       0

මාරසිංහ Sunday, 03 February 2013 10:33 PM

සසරින් එතෙර වන්නට යැයි කියන මේ අය අනෙක් අකැප හැ‍මදේම කරනවා නම් මේක කළැයි කියලා මොකද? (නි)

:       0       0

සෑම් Sunday, 03 February 2013 02:56 PM

මුතුකුඩ, ඔබ ෂරියා භක්තිකයෙක් වශයෙන් මේ ගැන සතුටුවීම ගැන අපට පුදුම නැත. (නි)

:       0       0

සිරිවර්ධන Sunday, 03 February 2013 02:57 PM

ශාසනය කවදා හෝ විනාශ කරනු ඇත්තේ ශාසනයේම මහණ වූ කෙනෙකු විසිනි. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 03 February 2013 10:58 PM

සෑම්, (ෂරියා හෝ ෂරි) මම එක එක්කෙනාට කඩේ යන්නෙ නැහැ. නමුත් හරි දේ කරන නිවැරදි මනුෂ්‍යායා වෙනුවෙන් කඩේ යාමට මා පසුබට වන්නේද නැත. (නි)

:       0       0

පිටිගල Sunday, 03 February 2013 03:00 PM

දෙන්නාවම අල්ලලා උපැවිදි කරන්න. (නි)

:       0       0

ක්‍රිස්ටෝපර් Sunday, 03 February 2013 03:02 PM

ඔන්න බොදු බල සේනාවට ක‍රන්න පුළුවන් වැඩක්. ශාසනේ ආරක්ෂා කොරන්න? (නි)

:       0       0

රාමා Sunday, 03 February 2013 03:05 PM

කෝ කෝ බොදු බල සේනාව? (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 03 February 2013 03:08 PM

හිමිනමක් වූ පමණින් තමන්ගේ සියලු කෙළෙස් දුරුකරලා නැහැනේ. (නි)

:       0       0

ලලිත්-කටාර් Sunday, 03 February 2013 03:08 PM

හිමි නමක් වු තරමටම සියළු කෙලෙස් දුරුකරලා නැහැ. ඉරිසියාව, තන්හාව, තියෙනවා. මෙහෙම දේවල් වලට මහනායක හාමුදුරුවන්ගේ මත විමසා නීතියෙන් කටයුතු කළ යුතුයි.(නදී)

:       0       0

සේනක Sunday, 03 February 2013 03:11 PM

ශාසනේ ඉවරයි. බුදුහාමුදුරුවො ඇදපු සිවුරට අපි වැන්දට දැන්නම් වදින්න වට්න හාමුදුරුවො ඉන්නේ ටික දෙනයි. අපේ ශාසනේ ආරක්ශා කරගමු.(නදී)

:       0       0

ජයන්ත Sunday, 03 February 2013 03:13 PM

අලුතෙන්ම සොයා ගත්තු නිවන් මගද දන්නේ නැහැ නේද අපේ හාමුදුරෙවෝ. මේවට අදහස් පලකරලා අපටත් පවු සිදුවෙනවා. කමක් නැහැ අපේ හාමුදුරෙවෝ මේ ක්‍රමයෙන් හෝ නිවන් දකිනවනම්. හිමි නමකට උචිත වැඩද මේවා. අනේ අම්මපා මේවගේ දේවලුත් අහන්න සිදු උනානේ අපටත් පඬු හලියයි, සාසනයයි දෙකම කම්මුතුයි .(නදී)

:       0       0

තිලක් Sunday, 03 February 2013 11:40 PM

චීවරධාරීන් මානසික රෝගයකින්වත් ‍පෙළෙනවාද? (නි)

:       0       0

අමිත් Sunday, 03 February 2013 11:53 PM

නොයෙක් අරමුණු ඉටු කරගැනිමට සසුනෙ රැදෙන්නන් බොහොමයක් වෙයි. සසුනට නොගැළපෙන නොමනා පුද්ගලයන් පැවිදි වු විට ඔහොම තමයි. ඔය වගේ අය බුදුහාමුදුරුවන් වැඩසිටි කාලයෙත් හිටියා. මහනායක හාමුදුරුවරු ඇස් වසාගෙන හිටියොත් මේවා අනාගතයේදි සංකීර්ණ වේවි. මොකද? මේ වගේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන බොහො පිරිසක් ඉන්නවා. (නි)

:       0       0

දෝහා Sunday, 03 February 2013 03:26 PM

අපේ නායක හාමුදුරුවනේ, මේ මොකක්ද ශාසනයට වෙන්න යන්නේ? (නි)

:       0       0

සේනක Sunday, 03 February 2013 03:26 PM

බුදුහාමුදුරුවො ඇදපු සිවුරට අපි වැන්දට දැන්නම් වදින්න වටින හාමුදුරුවො නැහැ. (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 03:27 PM

මේවා අහද්දී සසර කළකිරෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 03 February 2013 03:33 PM

වෙන මොනවා කියන්නද මම?(නදී)

:       0       0

සමන් Sunday, 03 February 2013 03:38 PM

ගහලා තියෙන්නේ අපවත් වෙන්න. වෙලාවට මැහුන් අටෙන් බේරුනේ. ගිහියන්ගේ බන හාමුදුරුවෝ අහලා වෙන්න ඇති. පන්සල හරියේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාද දන්නේ නැහැ.(නදී)

:       0       0

තිලක් Sunday, 03 February 2013 03:41 PM

රටේ මෙතෙක් අහන්න දකින්න නොලැබුන එකම දේත් දැන් සිදුවුනා. කනගාටුයි.(නදී)

:       0       0

ප්‍රැන්සිස් Sunday, 03 February 2013 03:47 PM

මේ අර ධර්ම රාජ්‍යයමද? බුදුහාමුදුරුවො ඇඳපු සිවුරට අපි වැන්දට දැන්නම් සමහර හාමුදුරුවරුන්ට වදින්න වටින්නේ නැහැ.(නදී)

:       0       0

මාලා Sunday, 03 February 2013 04:19 PM

බුදු දහමෙන් අනුමත නොකරන ලද රැකියා කිරීම, ඡන්දය ඉල්ලීම, ශරීර වර්ධන ව්‍යායාම කිරීම වැනි දේ හාමුදුරුවරු කරනවා නම් ගහ ගත්තාම මොකද? (නදී)

:       0       0

චූලා Sunday, 03 February 2013 04:20 PM

හාමුදුරුවරු රැකියා කරද්දී, ඡන්දේ ඉල්ලද්දී, ශරීර වර්ධන ව්‍යායාම කරන ස්ථාන වලට ගොස් කරාටේ ගහගත්තාම මොකද වෙන්නේ.(නදී)

:       0       0

නිමලා Sunday, 03 February 2013 04:21 PM

හාමුදුරුවරු ඡන්දෙ ඉල්ලන එකේ රැකියා කරන එකේ ඇයි වාහන එලවන්න තහනමි, ගහගන්න තහනම්? (නදී)

:       0       0

ගාමිණී Sunday, 03 February 2013 04:32 PM

ක්ෂනයකින් පහරදුන් බෝතලයේ ලේබලයත් සමගම රස පරික්ෂකට යැව්වා නමි එතුමා කියයි ඇතුලේ පිරිත් පැන්ද සැර පැන් ජාතියක්ද තියෙන්නේ කියලා.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 03:07 AM

ඔය හාමුදුරු දෙපල ගහගන්නකොට ගිහියෝ බලාගෙන හිටියා. ඒත් ඒ අය කෑ ගැහුවා. හා. හා. හා. හාමුදුරුවනේ ගහගන්න එපයි කියලා. නමුත් ඇහුවායෑ? (නි)

:       0       0

සජිත් Sunday, 03 February 2013 05:02 PM

කොහොමද හාමුදුරුවනේ තව කෙනෙකුට ආදර්ශයක් වෙන්නේ (දී)

:       0       0

සුමිත් Monday, 04 February 2013 05:44 AM

මේක අන්තර් ජාතික බලවේගයක ප්‍රතිපලයක්. (නි)

:       0       0

සමරසේකර Monday, 04 February 2013 06:18 AM

භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවක් ඇසු පමණින්ම තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන සමහර අබෞධයො පුරුදු විදියට එම භික්ෂුන් වහන්සේලාට උපැවිදි වෙන්න කියනවා. සමහර බෞධයො උපහාසයෙන් අදහස් පල කරනවා. ගුටි ඇන ගැනීම වරදක් උවත් ඒක භික්ෂුත්වය නැති වන අන්දමේ පාරජිකාවක් වෙන්නේ නෑ. පරිඝකකය ඉස්සරහ ටයිප් කරන්නේ දෑතක්, හිතන්න හිතක් විතරක් තිබීම මදි . නිසි පරිදි පාවිච්චි කරන්න මොලයකුත් ඕනෑ. අන්තර්ජාලය පාවිච්චි කරලා ත්‍රිපිටකය පෙරලලා විනය පිටකය හොයා ගෙන දැනට වසර 2550 කට පෙර බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී සමහර භික්ෂුන් වහන්සේලා කල නොපනත්කම් දෙස බලන විට අද හැසිරීම මේ තරමින් තිබීමත් පුදුමයි. කොහොම උනත් භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු තිබෙන බව මෙයින් පෙනෙනවා. මට සිතෙන්නේ 5 වන ධර්ම සංගායනාව පැවැත්වීමට කාලය පැමිණි ඇති බවයි.(නදී)

:       0       0

ආනන්ද Sunday, 03 February 2013 06:24 PM

ශාසනෙත් අවසානයි වගේ. (නි)

:       0       0

අමිල Sunday, 03 February 2013 06:37 PM

තුන්වරක් නෙමෙයි සියවරක් බුදුන් වැඩියත් ඉන්න මිනිස්සු බුද්ධ දේශනාව අනුව ජීවත් වෙන්නෙ නැත්නම් ඵලක් නැහැ. (නි)

:       0       0

ෂමිල් Monday, 04 February 2013 08:35 AM

කව්රුත් ඔය හැටි අපහාස කරන්න එපා. කාටත් වරදිනවා.(නදී)

:       0       0

පද්මි Sunday, 03 February 2013 06:39 PM

බෝතලය හිස් වේගෙන යනකොට තරහා යන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1364 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 831 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2097 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 713 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1773 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site