හෙයියන්තුඩුවේ රාජා හස්ථියා මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ වසර දහයකට ආසන්න කාළයක් නොකඩවා ශ්‍රී දළදා කරඩුව වැඩම කරවා 2012 දී මිය ගියේය.
‘‘හෙයියන්තුඩුවේ රාජා හස්ති රාජයාගේ අස්ථි පද්ධතිය එකලස් කොට කෙළඹ කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරීය,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, ඌව පළාත් මහ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඊට එක් වූහ.
1945 දී හම්බන්තොට කට්ටකඩුවාවට කැලයෙන් අල්ලා ගත් මේ ඇතා හෙයියන්තුඩුවේ ඩබ්ලිව්.ආර්. ගුණසේකර රෙජිස්ට්‍රාර් රාළහාමි විසින් 1945 දී මාර්තු 06 දින හම්බන්තොට කච්චේරියේදී ප්‍රසිද්ධ වෙන්දෙසියකදී රුපියල් දසදහස් පන්සීයකට මිලට ගෙන ඔහුගේ බාල පුත්‍රයා වන හෙන්රි ගුණසේකර මහතාට මෙම ඇතා පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් පංකාදුයි. (නි)
මේ දළ දෙක කන්ගැට්ටාට නම් පෙන්නන්න එපා..!(නු)
මේක හොද වැඩක්. මොකද, අනාගත්යේදී ඇත්තු බලන්න වෙන්නෙ කෞතුකාගාරයෙදි විතරයි. (ස)
හෙයියන්තුඩුව ඇතා හිටියෙ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි වැදගත් මහත්තයෙකුටයි..!(නු)
මැරිච්ච සතායවත් ඉන්න දෙන්නේ නෑනේ (ස)
පිළිකුල් භාවනාවට හොඳයි (ස)
ලංකාවේ කවදාහරි ඉතුරු වෙන්නේ සැකිලි ඇතුන් විතරයි. (නි)
මේ දළ දෙක වෙනස්. කෘතිම ඒවනම් කමක් නෑ (ස)
මේක තියලා තියෙන තැන තව ටිකක් පිළියෙළ කළා නම් මේකෙ වටිනාකම තවත් වැඩිවෙනවා. (නි)
හෙයියන්තුඩුවෙ ඇතා ගම්පහ ප්‍රාදේශිය සභාවේ මහත්තයකුට අයිති පිංවත් ඇතෙක්.. අයිතිකරුවන් ගැනත් සදහන් කලානම් හරි අගෙයි..!(නු)
දළ පොඩ්ඩක් වෙනස් නේද ? (ස)
මේ තියෙන්නේ දළ දෙකක්. පින් සිද්ධවෙයි ජීවත්වෙලා ඉන්න අලි ඇතුන් මරන්න එපා (ස)
මෙයා අපේ අහවල් මහත්තයාගෙ ලාංඡනය වෙයිද? (නි)
සියල්ල අනිත්‍ය බව තේරුම්ගන්න පින්තූර බැලුවහම වුණත් පුලුවන්. (නි)
විශිෂ්ට මතක සටහන් (දී)
මොනවා වුණත් ගරු කළ යුතු අයට ගරු කරන්න පුරුදු කිරීමට මේක හොද නිදසුනක්. හොද වැඩක්. (නි)
වෙනම මුරකරුවෙකුත් පත් කළා නම් නේද හොද? (නි)
මහ පින් ඇති හස්ති රාජයෙක්. කළ දේ නම් උතුම්. නමුත් දළ දෙකේ නම් මට පොඩි වෙනසක් පෙනෙනවා. (නි)
මේ දළ ගන්න ආයේ කන්ගැට්ටෙක් පනීවිද දන්නේ නෑ (ස)
දළ වල දිග....... (ස)
මම මේ දැක්කමයි අලි සැකිල්ලක් (ස)
අනේ මම මැරුනහමත් මගේ ඇටසැකිල්ල කටුගෙයි තැන්පත් කරන්න පුළුළුන්ද ? (ස)
රාජා යළි ඉපදුණු එක නම් හුගක් වටිනවා. (නි)
මේක දැක්කහම සසර කළකිරෙනවා. අපි කොච්චර ඇඳුම් ඇඳගෙන සැන් පව්ඩර් දාලා හිටියත් මැරිලා දියවෙලා ගියාට පස්සෙ අපිත් ඔය වගේමයිනෙ. (නි)
හෙට අනිද්දා වෙද්දී මේ ඇත් දළ දෙකටත් කුඩ්ඩෙක් ගේමක් නොදුන්නොත් තමයි පුදුමේ. (නි)
දළ දෙක පරිස්සම් කරගන්න. (නි)
හොඳ වැඩක් , අගය කල යතුයි. හැබැයි බලාගෙන ආයේ හොරු එන්න පුළුවන් (ස)
මතු බුදුන් දැක නිවන් ලැබීමට හේතු වාසනා වේවා! (නි)
මෙයාගේ ලස්සන දළ දෙකත් අරන් යාවිද දන්නේ නෑ හොරු (ස)
කැළේ හිටපු සතාට කැළේම ඉන්න දුන්නා නම් ඉවරනේ... (නි)
ඉතාම හොද වැඩක්. (නි)