IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘හොර‘ වීඩියෝව එපා

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය චැනල් ෆෝර් නාලිකාව වීඩියෝ පටය විකාශය කිරීම නවතන ලෙස ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගිස් ඇචිලියස් හෙන්සල් මහතාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ යුද සමයේදී සිදුවූ බව කියන සිදුවීම් අලලා විනාඩි 90ක කාලයක් දිවෙන ලෙස සැකසූ ”නෝ ෆයර් සෝන්” වීඩියෝ පටය මාර්තු 01 වැනිදා මානව හිමිකම් සමුළු සැසිවාරයේදී එහි සාමාජිකයින්ට පෙන්වීමට සැලසුම් කර තිබෙන බවත්, එය නිරවද්‍ය බවට තහවුරු නොකළ වැඩසටහනක් හෙයින් එය ප‍්‍රචාරය කිරීමට ඉඩ සැලසීමෙන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීමක් වන බවත් අර්යසිංහ මහතා මානම හිමිකම් කවුන්සිල සභාපතිට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

 



අදහස් (0)

‘හොර‘ වීඩියෝව එපා

පියල් Tuesday, 26 February 2013 11:58 PM

ලංකාවට දැන් කරන්න තියෙන්නේ 1983 නේ ඉඳලා කොටි සාමාන්‍ය ජනතාවට , දේපොළ වලට කරපු හානිය ගැන තියෙන නිවුස් වීඩියෝ වලින් හොඳ වීඩියෝ එකක් හදල විරුද්ධ රටවල් ටිකේ කට්ටියට හොල්මන් වෙන්න පෙන්නන්නයි. ටීවී නිවුස් වලින්ම මේ වීඩියෝ එක හදන්න පුළුවන්. හරිම ලේසියි. එතකොටවත් මේ විරුද්ධවාදීන්ට තේරෙයි රටේ සාමාන්‍ය ජනතාව කොටි හින්දා මොන තරම් කාලයක් දුක් වින්දද කියලා. (නි)

:       0       0

පාර්වතී Thursday, 28 February 2013 08:33 AM

ශ්‍රීමතී, රටකට අළුතෙන් ගිය කෙනෙක් ඒ රටේ භාෂාව කතා කළ යුතු එක ඇත්ත. ඉන්දියාවේ ප්‍රශ්න ඇති නිසා එය එරට ආදර්ශමත් නැත. කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය දෙස බලන්න. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව නිසා අපිට ඒක කතා කිරීම ප්‍රශ්නයක් නැහැ.(නදී)

:       0       0

පාර්වතී Thursday, 28 February 2013 08:36 AM

කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තේ විතරක් ප්‍රධාන භාෂාව ප්‍රංශ. ඉන්දියාවේ භාෂා හැට ගානක් තියෙන නිසයි හින්දි ප්‍රධාන භාෂාව වුනේ. ඒක නිසාම තමයි ඉන්දියාව ඇතුලේ දැනටමත් ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. එහෙමත් නැතිනම් චීනය දිහා බලන්න. එහේ දැන් තියෙන චීන භාෂාව මාවෝ සේතුන් විසින් කෘතිමව නිර්මාණ කරපු එකක්.(නදී)

:       0       0

ජෝයි Wednesday, 27 February 2013 04:31 AM

අපෙ රටේ කොටි කරපු විනාශ ලෝකයට පෙන්නන්න තිබෙන අවස්ථාවන් අනන්තවත් නැතිකර ගැනීම් එමටයි. රටවල් 10 සහභාගි වුණ එම සමුලුවට ආරාධනා යවලත් කවුරුත් සහභාගි වුණේ නැහැ. අපි අපේ රටට ආදරෙයි. එදා කොටි කළ උපක්‍රම අද අපි කළයුතුයි. නමුත් කණගාටුවට කරුණ ළගින්ම ඉන්න අය මුදලට යටවී අපේ කකුල් වලින් ඇදීමයි. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 27 February 2013 04:52 AM

ජිනීවා ජාත්‍යන්තර ච්ත්‍රපට උළෙලට අපේ රටිනුත් එකක් ඉදිරිපත් කරන්නේ නැතිනම් නොගිහින් හිටියට කමක් නැහැ.(නදී)

:       0       0

චාමර Thursday, 28 February 2013 08:41 AM

මාලක, එහෙනම් මේ රට කාගෙද? (නි)

:       0       0

චාමර Thursday, 28 February 2013 08:43 AM

පාර්වතී, දැන් අහගත්තා ඇද්ද? තවත් මදි නම් තවත් කියලා දෙන්නම්. (නි)

:       0       0

දිසානායක-කැනඩාව Wednesday, 27 February 2013 05:06 AM

සමන්, ප්‍රදීපා මම ඔයාව අනුමත කරනවා.(නදී)

:       0       0

නුවන්ගි Wednesday, 27 February 2013 02:31 PM

තරයේ ප්‍රතික්ෂේප කරමු (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 27 February 2013 05:27 AM

අප කල යුත්තේ මේක පෙන්නන එකට විරුද්ධ වෙන එකට වඩා අප මානව හිමිකම් කඩ නොකළ බවත්, මානව හිමිකම් වලට ගරු කරමින් කටයුතු කරමින් යන බවත් පෙන්නා දීම නේද?(නදී)

:       0       0

මුරුගන් Wednesday, 27 February 2013 06:58 PM

සුදේශ් ඔය නීතියට කියන්නේ මයි,මයි වේ නෝ වේ කියලා.(නදී)

:       0       0

ශ්‍රීමතී Wednesday, 27 February 2013 07:02 PM

දෙමළ  මුස්ලිම්  අය  වෙනත්  රටක  ඉපදුනාම  කිසිම  අයිතිවාසිකමක්  නැත. ඔහේ  ඒ  රටේ  විදිහට  ජිවත්වන්න  සිදුවේ. තමන්ගේ   පුද්ගලික ආගම  ජාතිය  තමන්තුල  තබාගෙන  ඒ  රටේ  නීතියට  ඒ  රටේ  ජාතියට  ගරුකරමින්  ජීවත්වේ. එහම  නොවේනම්  ඒම  රටවල  ජීවත්වීමට  අපහසුය. දෙමළ, හෝ  මුස්ලිම්  අය  මේ රටේ  ඉපදුනානම්  ඒ  අයට  මේ  රටතුල  ජීවත්වීමට  අවසර ඇත. එය  වෙනත්  රටවල  මෙන්ම  අපේද   නිතියවේ . අපි  ලෝකයේ  කොහේ  ඉපදුනත්  ඒ  රටේ  භාෂාවට  ආගමට  ගරු  කිරීමට  අපට  සිදුවේ. එත්  එය  ලංකාවට  පමණක්  වෙනස්  කරන්නට  කියා  මානව  හිමිකම්  ඉල්ලීම්  කරන  ඔය  වෙනත්  රටවල  පදිංචි  අය හොදට  දන්නා  දෙයක් ඇත.,  ඒ  රටවල  පදිංචි  ශ්‍රීලන්කන්  හැමෝම  කතාකරන්නේ  එම  රටවල  භාෂාවයි. අදින්නේ  පලදින්නේ  එමරටවලට  ගැලපෙන  ලෙසයි. බොහෝදෙනා  කෑම  බිම  පවා  කැමට ගන්නේ ඒ  රටවලට විදිහටය. නමුත්  මෙහෙදී  සිංහල  භාෂාව  ඉගනගෙන  බෞද්දගමට  ගරු  කර මේ  රටේ  ජිවත්වීමට  අකමැතිය. ඔව්න්  හැමතිස්සෙම  උත්සහ  කරන්නේ  මහජාතිය  සිංහල  අයට  ප්‍රශ්න  ඇතිකරන්න්ටය. සමහරවිට  ඔය පිට  රටවල  ඉදන්  දීමට  බැරි  ඉල්ලීම්  ඉල්ලන්නේ  තව  දුරටත්  ඒ  රටවල  රැදී  සිටින්නට  තුරුම්පුවක්  ලෙස විය  හැකිය. මෙහේ  ඉන්න  දෙමළ  අහිංසක  මිනුසුන්ට  සමගියෙන්   මේ රටේ  ජිවත්  වෙන්න  නොදී  වයිරය  නැවත  නැවත  ඇතිකර, එයින් ඔව්න්  තමන්ගේ  මඩිය තර කරන්  ජිවත්වෙන්න  උත්සහ  කරන්නෝ ඔය  ඩයස්පෝරාවමය. (නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 06:33 AM

ඇයි අපි කොටි කරපු මහා මිනිස් ඝාතන ලෝකෙට පෙන්නන්නේ නැත්තේ. ඒවා තානාපතිවරුන් විසින් කළ යුතු දේවල්. කොටි එහේ ඉදන් ප්‍රචාරය කළා අපිට විරුද්ද දේ. ආණ්ඩුකරන අයයි තානාපතිවරුයි මේවට වගකිවයුතුයි.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 07:24 PM

පාර්වතීගේ හැදුනුම් පත සිංහලෙන් ලියලා නිසා කරගන්න බැරිවෙච්ච රාජකාරිය මොකක්ද? අපේ ආසන්නම රට වන ඉන්දියාව භාෂා බොහොමයක් තියෙන රටක්. ඒ වුනාට පාර්ලිමේන්තුවේ වැඩකරන්නේ හින්දියෙන්. අපේ රටේ පාර්ලිමේන්තවේ භාෂා තුනෙන්ම කතාකරන්න පුලුවන්. ඔයාලා වගේ හිතන අය ඉන්න නිසා තමයි කොටි සංවිධානයේ තරුණයෝ ජීවිත අහිමිකර ගත්තේ.(නදී)

:       0       0

මාලක Thursday, 28 February 2013 10:14 AM

අපේ රටේ නියම උරුමක්කාරයෝ ඇත්තටම කොහෙද ඉන්නේ? (නි)

:       0       0

සංජිව Thursday, 28 February 2013 10:18 AM

වහා නවතා ගනු (දී)

:       0       0

ශ්‍රියන්ත Wednesday, 27 February 2013 02:52 PM

ලංකාවේ ප්‍රතිරූපය නැති කරන්න හදන ඒවා විනාශ කරමු (දී)

:       0       0

සමරසිංහ Wednesday, 27 February 2013 08:22 AM

ඒ නිතියානුකූල හමුදාවක් නෙමෙයි.(නදී)

:       0       0

ශීලා Wednesday, 27 February 2013 08:25 AM

මෙයින් ගැලවීමට එකට එක කර හරියන්නේ නැහැ. ගිය වතාවේ පොරොන්දු වුන කිසිදෙයක් ආණ්ඩුව කළේ නැහැ. මෙයාලා කියන්නේ දෙමළ ජනතාවට තියෙන අයිතිය කටින් විතරක් නොකියා ව්‍යවස්ථාවෙන් ලියලා පෙන්නන්න කියලා. කැනඩාවේ, දකුනු අප්‍රිකාවේ , නවසීලන්තයේ වගේ තාමත් ලංකාවේ බෞද්ධ නොවන කෙනෛකුට ජනාධිපති වෙන්න බැහැ. ජාතික ගීය සිංහලෙන් පමණයි. නමුත් ලංකාවෙන් පැනල ගිය දෙමළ අයෙක් වරක් සිංගප්පූරුවේ ජනාධිපති වුනා.(නදී)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 08:27 AM

ඔයාලා මෙතන දෙමළ ජනාතාවට කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වට කොහෙද අපේ අයිතීන් ලියලා තියෙන්නේ. තාම හැදුනුම් පත, උප්පැන්නේ, අනෙකුත් සියළු දේවල් සිංහලෙන්. එක්කෝ සිංගප්පූරුවේ වගේ දෙමළත් නොවන සිංහලත් නොවන ඉංග්‍රීසි පොදු භාෂාව කරන්න. එතකොට තැලෙන්නේ දෙගොල්ලම, අපි විතරක් නෙමෙයි.(නදී)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 08:33 AM

මේ වීඩියෝ එක හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ දෙමළ මිනිස්සුන්ට වෙන රටවල් වලට ගිහින් මේවා කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව අපට ඇහුම්කන් දෙන්නේ නැති නිසා. මෙතන අදහස් දාන කීදෙනෙකුට දෙමළ කතා කරන්න ලියන්න පුළුවන්ද? ඔබ බහුතරයකට බැරි දේ ඇයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Wednesday, 27 February 2013 08:41 AM

ජිනීවා, ජිනීවා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල.(නදී)

:       0       0

ජගත් Wednesday, 27 February 2013 08:47 AM

අපි වැරදි කලේ නැත්නම් මොකටද බයවෙන්නේ. අපි යවමු සරත් මහත්තයයි, කරුණවයි, කේ.පී වයි. අපි පෙන්නමු ගාමිණී චිත්‍රපටිය.(නදී)

:       0       0

අනුර Tuesday, 26 February 2013 04:13 PM

මේක නෙමෙයිනේ මානව හිමිකම් එකේ පෙන්නන්න ඕන ප්‍රභාකරන් මරපු මිනිස්සුන්ව. ආගමක් දහමක් නැතිව කළ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන අපේ රටට බුදු සරණයි..!(නු)

:       0       0

කුරුව්ට Wednesday, 27 February 2013 09:12 AM

කව්ද අප්පා ලස්සන වැඩක් කලේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 27 February 2013 09:25 AM

විරුද්ධ පක්ෂය සිතානොබලා කරන සමහර වැඩත් මේ ප්‍රශ්නයට බලපානවා. (නි)

:       0       0

සමන් ප්‍රදීපා Tuesday, 26 February 2013 04:33 PM

ළගදි උසාවිය ගාව මැරයෝ ඇවිල්ලා පහර දුන්නා පොලිසිය බලාගෙන හිටියා.. ඒකත් පෙන්නයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 09:27 AM

සද්භාවයෙන්ම ආණ්ඩුව යමක් කරන්නට උත්සහ කලත් හාමුදුරුවෝ ඉඩදෙන්නේ නැහැ. මේක හරියට අයර්ලන්තයේ තත්වය වගේ. ඇයි අපි මේවට මේතරම් කල් මරන්නේ.(නදී)

:       0       0

අමරේ Wednesday, 27 February 2013 09:32 AM

ඕක පෙන්නුවොත් කරන්න තියෙන්නේ ශ්‍රී ලංකා රජය කොටි කරපුව අල්ලලා වීඩියෝ එකක් පෙන්නන එක. ත්‍රස්තවාදීන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටවපු රජයකට ඒ අයිතිය තියෙනවා. ඇමෙරිකාව හා බටහිර රටවල් කරන මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන බලවත් රටක් ලවා වීඩියෝ එකක් පෙන්නන්න ඕනෑ ඊට අමතරව.(නදී)

:       0       0

චූලා Wednesday, 27 February 2013 09:29 AM

මම නම් කියන්නේ ලංකාවට උරුම කල්මැරීම, අකාර්යක්සමතාවය, කියන දේ කෙලින් නොකීම වගේ දේවල් නිසා මේ ප්‍රශ්නේ මේ තරම් උග්‍ර වෙලා.(නදී)

:       0       0

සුපුන් Wednesday, 27 February 2013 09:34 AM

අපි මෙතන මොනවා කිවුවත් ලෝකය ඉදිරියේ අපි දුර්වල ජාතියක්. (නි)

:       0       0

මාලක Wednesday, 27 February 2013 09:33 AM

අපේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්න උදවිය නොවේ..මේ දවස් වල උනත් කොයිතරම් ආගම් වාදියෝ බිහිවෙලාද..මෙහෙම අය 83 කරපුව නිසා තමයි අපිට තාම රටවල් ගහන්නේ..(ස)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 03:08 PM

මුරුගන්, එයාලත් ළගදීම පටන් ගනීවි. (නි)

:       0       0

රානි Wednesday, 27 February 2013 09:33 AM

කෝ සේනාව...(ස)

:       0       0

රීටා Wednesday, 27 February 2013 09:39 AM

තවමත් මේ අදහස් දාන අය කියන්නෙම මේක සිංහල බෞද්ධයින්ගේ රට කියලා. ඒත් ජාතිකත්වය මත නිර්මාණය වූ රටක් තවම ලෝකයේ කොහේවත් නැහැ. (නි)

:       0       0

නාමල් පෙරේරා Tuesday, 26 February 2013 04:48 PM

ඕනැ ඔනෑ අයට විඩියෝ පෙන්වන්න මානව හිමිකම් සමුළුව ඒවා පිළිගන්නවාද?(නු)

:       0       0

නිහාල් Wednesday, 27 February 2013 09:52 AM

පාර්වතී..........ලංකාව කෑවේ දෙමළ ජාතීන්...කාලා කාලා බැරි තැන දැන් අයිතීන් ඉල්ලන්න එනවද ? (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 26 February 2013 04:59 PM

දැං මෙයාලා හදන්නේ ජිනීවා වලට චිත්‍රපට පෙන්වන්නද? අපේ අයටත් තියෙන්නේ චිත්‍රපටයක් හදලා පෙන්වන්න..!(නු)

:       0       0

ඉන්දික Wednesday, 27 February 2013 10:07 AM

දේවා ඔයාට ඉගෙන ගන්න ඕනද තළු මර මර කන ක්‍රමය..??(ස)

:       0       0

යොහාන් Tuesday, 26 February 2013 05:25 PM

ඔය කෑගහන අයට බැරිද ජිනීවා ගිහිං කියන දෙයක් කියන්න (නු)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 10:23 AM

යුරෝපයේ ඉන්න සිංහල අය හොඳින්ම දන්නවා එයාලට එහේ තියෙන අයිතිවාසිකම්.. සුළු ජාතින් කියා කිසිම වෙනසක් නෑ... ලංකාවේ දෙමල ජනයට කිසි දෙයක් වැඩි පුර ඕන නෑ. අවශ්‍ය සමානාත්මතාවය විතරයි.. ඒක අවම මිනිස් අයිතියක්. ලෝකේ එහෙම උදාහරණ එමටයි... (ස)

:       0       0

ලලිත් දෝහා Tuesday, 26 February 2013 05:31 PM

කොහොම උනත් මේක බුදුන් වැඩිය දේශය. මොනවා කළත් සත්‍ය ජය ගන්නවාමයි.. මගේ රටට දළදා හිමි සරණයි..!(නු)

:       0       0

මහේෂ් Wednesday, 27 February 2013 10:23 AM

නවසීලන්තේ ජාතික ගීය ඉංග්‍රීසියෙන් සහ වැදි භාෂාවෙන් ගැයෙනවා.. දකුණු අප්‍රිකාවෙත් එහෙමයි.. සිංගප්පූරුවේ බහුතරය චීන. දෙවන බහුතරය දෙමල, නමුත් ජාතික ගිය ගයන්නේ සුළුතරේ මැලේ භාෂාවෙන්.. ඒවගෙම ජාතික භාෂාව ඉංග්‍රීසි... (ස)

:       0       0

ගමින්ද Tuesday, 26 February 2013 05:34 PM

මෙයාලට හොර වීඩියෝ ලබා දුන්නේ කවුද කියලා හොයලා බලන්නත් ඕන..!(නු)

:       0       0

මහේෂ්වරන් Wednesday, 27 February 2013 10:28 AM

ජාතික ප්‍රශ්නයේදී බහුතර සිංහල ජනතාව ඉන්දියාව ආදර්ශයට ගන්නවා. ඒක වැරදියි. (නි)

:       0       0

පාලිත Wednesday, 27 February 2013 10:43 AM

ලංකාව නිදහස් රටක් (දී)

:       0       0

අන්ජනා කේ Tuesday, 26 February 2013 06:10 PM

ලෝකයේ හැම දෙනාම දන්නවා කවුද මරාගෙන මැරෙන බෝම්බ ලොවට හදුන්වාදුන්නේ කියලා.. ඒකම ඇති මෙයාලට විරුද්ධව කටයුතු කරන්න.. අහන්න ඔවුන්ගෙන් ඇයි සුසෙයිගේ පවුල සහ තමිල් සෙල්වම්ගේ පවුල තවමත් අප සමග ජීවත් වෙන්නෙ කියලා..!(නු)

:       0       0

සමන් තුෂාන්ත මනම්පේරි Tuesday, 26 February 2013 06:56 PM

මෙයාලට අපේ අහිංසක රට පේන්න බැහැනේ.. එයාලාගේ ඇහේ කටු ඇනෙනවා වගේ අපේ රට දිහා බලනකොට.. ඒකයි අපේ රටට මේ තරම් දේවල් කරන්නෙ.. මෙයාලට විරුද්ධව අපට මොකුත්ම කරන්න බැරිද?(නු)

:       0       0

ඉන්දික Wednesday, 27 February 2013 11:39 AM

පාර්වතී. ඔයා ලංකාවට ඇවිල්ලා බලන්න මෙහේ දෙමළ මිනිස්සු විදින නිදහස කොච්චරද කියලා. (නි)

:       0       0

සමන්තිකා. Tuesday, 26 February 2013 07:22 PM

එහෙම කමයි ඔය රටවල හැටි.!(නු)

:       0       0

දේවා Tuesday, 26 February 2013 07:39 PM

අපි හරි නම් ඔය හොර වීඩියෝ වලට මොකට අපි බයවෙනවද? (නි)

:       0       0

සරත් Tuesday, 26 February 2013 07:44 PM

ඇයි අපට බැරි අපේ හමුදා කදවුරු සම්පූර්ණයෙන් විනාශ කරපුවා, හාමුදුරුවන් ඝාතනය, බස්වලට බෝම්බ ගහවුපා වගේ ගොඩක් තියෙන්නේ එවා කියන්න. (නු)

:       0       0

ධර්මසේන Tuesday, 26 February 2013 07:51 PM

‘හොර‘ වීඩියෝපටයට අපට වන්දි ඉල්ලන්න බැරිද? (නි)

:       0       0

චාමර Wednesday, 27 February 2013 12:10 PM

පාර්වතී, ලංකාවේ දෙමළ අයට තියෙන සහනය ඉන්දියාවෙත් නැහැ. ඔයා කියන්න කලින් පොඩ්ඩක් හිතන්න. ලංකාවේ දෙමළ භාෂාව අනිවාර්ය විෂයක් කළා. දැන් තමයි උතුරු, නැගෙනහිර මිනිස්සු දෙයියනේ කියලා හොදට ඉන්නේ. ඔයාලගේ තිබුන අරමුණ අපි හොදට දන්නවා. ඉන්දියාවට අත්පොඩි ගහන්න කලින් තමන්ගේ මව් රටට ගරු කරන්න ඉගෙනගන්න.(නදී)

:       0       0

චාමර Wednesday, 27 February 2013 12:13 PM

මේ රට අපේ. අතීතයේ ඉඳන් රැක ගත්තේ ඕන ඕන අයට ඕන ඕන දේවල් කරන්න නොවේ. මේක අපේ රට ශ්‍රී ලංකාව (ස)

:       0       0

චාමර Wednesday, 27 February 2013 12:24 PM

පාර්වතීව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් ඇත්නම් අයිතිවාසිකම් ගැන කියලා දෙන්න පුලුවන්. (නි)

:       0       0

මහේෂ්වරන් Wednesday, 27 February 2013 12:35 PM

දෙමළ අය ඉන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. (නි)

:       0       0

නිසාර් Wednesday, 27 February 2013 12:35 PM

ඇයි අපි ප්‍රභාකරන් කරපු ම්ලේච්ඡ දේවල් වීඩියෝ කරලා මේ වගේ අවස්ථාවක ප්‍රායා්ජනයට ගන්නේ නැත්තේ? (නි)

:       0       0

මාලක Wednesday, 27 February 2013 12:35 PM

චාමර, ඔයා වැරදියි. මේක අපේ රට නෙමෙයි. අපිත් ආවේ බෝට්ටු වලින්. (ස)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 12:42 PM

චාමර මහත්තයා... කිසිම දෙයක් බන්දේසියක තියලා අපට දුන්නේ නෑ. යමක් තියෙනවා නම් ඒ තියෙන්නේ අපි ගත්තුවා. දෙමළ අනිවාර්ය විෂයක් කළාට විතරක් මදී. බස් බෝඩ් තාම සිංහලෙන් විතරයි. මෙයට පැලැස්තර අලවා හරි නෑ..(ස)

:       0       0

අනුර Wednesday, 27 February 2013 04:31 PM

පාර්වතී මේක සිංහල රටක්. ඒක නිසා හැම දෙයක්ම සිංහලෙන් තමයි කරන්න ඕනේ. දෙමළ බස දෙවැනියට. (නදී)

:       0       0

මහේෂ් Wednesday, 27 February 2013 12:51 PM

ඉන්දියාවේ ඇසෑම්,නාගලාද, කාශ්මීර් ප්‍රාන්තවල ප්‍රාෙද්ශීය වශයෙන් යුද්ධය තියෙනවා. ඒ නිසා ඉන්දියානු ආකෘති ආදර්ශමත් නෑ..(ස)

:       0       0

හේරත් එස්. Tuesday, 26 February 2013 08:47 PM

මේක මානව හිමිකම් චිත්‍රපටයක් නෙමෙයි ත්‍රස්ත හිමිකම් චිත්‍රපටයක්..!(නු)

:       0       0

පාර්වතී Wednesday, 27 February 2013 12:52 PM

චාමර, දෙමළ අනිවාර්ය කලාට තාම බස් බෝඩි ටික සිංහලෙන්. මේකට පැලැස්තර දාලා හරියන්නේ නැහැ.(නදී)

:       0       0

මුතූර් Wednesday, 27 February 2013 12:55 PM

දෙමළ ජනතාව ඉන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. (නි)

:       0       0

ශේන්. Tuesday, 26 February 2013 09:10 PM

දහ අටවෙනි සියවසේ මේ අයට ලංකාවට ඇවිත් කරපු දේවල් ඊට ඉස්සර පෙන්නුවොත් නරකද?(නු)

:       0       0

මුරුගන් Wednesday, 27 February 2013 12:59 PM

කෙන්යා, දකුණු අප්‍රිකා, උගණ්ඩා, සිංගප්පූරුව, ෆීජි, බටහිර ඉන්දියා, කොදෙවු, යුරෝපය... පුරා දෙමළ අය ඉන්නවා. මේ කාටවත් ප්‍රශ්නයක් නැහැත ඒ නිසා ඉන්දියාව ආදර්ශයට ගන්න බැහැ (නි)

:       0       0

මිලාන් Tuesday, 26 February 2013 09:15 PM

අපේ රට ගැන ජනතාව ගැන පුදුම හැගීමක්නේ මේ අයට තියෙන්නෙ..!(නු)

:       0       0

සුසන්ත Tuesday, 26 February 2013 09:15 PM

ලංකාවට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙම නැහැනේ මේ අය.!(නු)

:       0       0

සහන් Tuesday, 26 February 2013 09:11 PM

සත්‍ය කවදාහරි ජය ගන්නවා..!(නු)

:       0       0

අසංක Tuesday, 26 February 2013 09:15 PM

එයාලට කරන්න හොදයි අපි කළොත් තමයි මානව හිමිකම් කඩවෙන්නෙ..!(නු)

:       0       0

නිමල් Tuesday, 26 February 2013 09:18 PM

ඔකට හොදම දේ තමයි ප්‍රභාකරන් විසින් අපේ අයට කරන ලද තාඩන පීඩන මිනී මැරුම් ඇතුලත් වීඩියෝ එකක් හදලා එහෙදි පෙන්වන එක..!(නු)

:       0       0

දහම් Tuesday, 26 February 2013 09:30 PM

අපේ රට විශිෂ්ටයි. නමුත් ඔය කැත වැඩ කරපු අයට දඩුවම් දීලා අපේ රට සාමකාමී රටක් කරනවට මම කැමතියි.(නදී)

:       0       0

අංජන Wednesday, 27 February 2013 04:57 PM

පාර්වතී, ඔයාගේ දුරකතන අංකය දෙන්නකෝ. (නි)

:       0       0

සාලිය Wednesday, 27 February 2013 01:32 PM

ඒ සම්භන්දව අපෙන්.අහන්න පිට රට ඉදලා ලංකාවේ උනේ මොකද්ද කියලා කියන්නේ කොහොමද (දී)

:       0       0

සුදේෂ් Wednesday, 27 February 2013 01:35 PM

පාර්වතී ඉන්නේ සිංහල රටක. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන්ම සිංහල දැන ගත යුතුයි. මොකද මේක සිංහල රටක්. (ස)

:       0       0

රංජිත් Tuesday, 26 February 2013 10:19 PM

අපේ රටේ අවුරුදු 30 ක් යුද්දේ තිබුන කාළේ ඔය කව්රුවත් අපි ගැන කතා කලේ නැහැ. ඇයි යුද්ද කරන්නේ කියලා ඇහුවද? අදටත් තරුණ කොල්ලෝ, කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද කකුල් අත පය නැති. අනේ කාටද මේවා කියන්නේ. අපිට අපි ගැනම දුත හිතෙනවා.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 26 February 2013 10:23 PM

දහම්, කවුද ඔය කැත වැඩ කරපු අය? (නි)

:       0       0

කුරුවිට Tuesday, 26 February 2013 10:25 PM

පූසාරියාට කෝවිලේ ඕනම දෙයක් කරන්න පුළුවං.. වෙන අයට එහෙම කරන්න බැහැනේ..!(නු)

:       0       0

විශ්ව Tuesday, 26 February 2013 10:41 PM

ත්‍රස්තවාදීන් කරපු දේවල් ලෝකෙට පෙන්වලා වැඩක් නැහැ.. (නු)

:       0       0

කාන්ති Wednesday, 27 February 2013 01:54 PM

ලංකාව වෙනුවෙන් පන උනත් දෙනවා (දී)

:       0       0

ෂාමෙන් Tuesday, 26 February 2013 10:47 PM

අපේ අයටත් කිසි ගාණක් නැහැ සමුළුව තියනකල්ම. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 February 2013 02:00 PM

වහා නවත්වනු (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 26 February 2013 10:48 PM

ලොව දරුණුම ත්‍රස්තයෝ නැතිකරපු එකයි, රටේ තියෙන සාමයයි ඒ අයට ඉවසන්න බැරිවෙලා තියෙන්නේ. මොන තහංචි දැම්මත් කව්රුත් කලබල වෙන්න එපා. මොකද අපි දැන් යුද්දෙට වියදම් කරන්නේ නැති නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 904 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 442 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 324 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1584 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1716 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site