ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය චැනල් ෆෝර් නාලිකාව වීඩියෝ පටය විකාශය කිරීම නවතන ලෙස ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගිස් ඇචිලියස් හෙන්සල් මහතාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ යුද සමයේදී සිදුවූ බව කියන සිදුවීම් අලලා විනාඩි 90ක කාලයක් දිවෙන ලෙස සැකසූ ”නෝ ෆයර් සෝන්” වීඩියෝ පටය මාර්තු 01 වැනිදා මානව හිමිකම් සමුළු සැසිවාරයේදී එහි සාමාජිකයින්ට පෙන්වීමට සැලසුම් කර තිබෙන බවත්, එය නිරවද්‍ය බවට තහවුරු නොකළ වැඩසටහනක් හෙයින් එය ප‍්‍රචාරය කිරීමට ඉඩ සැලසීමෙන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීමක් වන බවත් අර්යසිංහ මහතා මානම හිමිකම් කවුන්සිල සභාපතිට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ප්‍රශ්නයේදී බහුතර සිංහල ජනතාව ඉන්දියාව ආදර්ශයට ගන්නවා. ඒක වැරදියි. (නි)
ඉන්දියාවේ ඇසෑම්,නාගලාද, කාශ්මීර් ප්‍රාන්තවල ප්‍රාෙද්ශීය වශයෙන් යුද්ධය තියෙනවා. ඒ නිසා ඉන්දියානු ආකෘති ආදර්ශමත් නෑ..(ස)
චාමර මහත්තයා... කිසිම දෙයක් බන්දේසියක තියලා අපට දුන්නේ නෑ. යමක් තියෙනවා නම් ඒ තියෙන්නේ අපි ගත්තුවා. දෙමළ අනිවාර්ය විෂයක් කළාට විතරක් මදී. බස් බෝඩ් තාම සිංහලෙන් විතරයි. මෙයට පැලැස්තර අලවා හරි නෑ..(ස)
චාමර, ඔයා වැරදියි. මේක අපේ රට නෙමෙයි. අපිත් ආවේ බෝට්ටු වලින්. (ස)
ඇයි අපි ප්‍රභාකරන් කරපු ම්ලේච්ඡ දේවල් වීඩියෝ කරලා මේ වගේ අවස්ථාවක ප්‍රායා්ජනයට ගන්නේ නැත්තේ? (නි)
දෙමළ අය ඉන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. (නි)
පාර්වතීව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් ඇත්නම් අයිතිවාසිකම් ගැන කියලා දෙන්න පුලුවන්. (නි)
මේ රට අපේ. අතීතයේ ඉඳන් රැක ගත්තේ ඕන ඕන අයට ඕන ඕන දේවල් කරන්න නොවේ. මේක අපේ රට ශ්‍රී ලංකාව (ස)
පාර්වතී, ලංකාවේ දෙමළ අයට තියෙන සහනය ඉන්දියාවෙත් නැහැ. ඔයා කියන්න කලින් පොඩ්ඩක් හිතන්න. ලංකාවේ දෙමළ භාෂාව අනිවාර්ය විෂයක් කළා. දැන් තමයි උතුරු, නැගෙනහිර මිනිස්සු දෙයියනේ කියලා හොදට ඉන්නේ. ඔයාලගේ තිබුන අරමුණ අපි හොදට දන්නවා. ඉන්දියාවට අත්පොඩි ගහන්න කලින් තමන්ගේ මව් රටට ගරු කරන්න ඉගෙනගන්න.(නදී)
පාර්වතී. ඔයා ලංකාවට ඇවිල්ලා බලන්න මෙහේ දෙමළ මිනිස්සු විදින නිදහස කොච්චරද කියලා. (නි)
ලංකාව නිදහස් රටක් (දී)
චාමර, දෙමළ අනිවාර්ය කලාට තාම බස් බෝඩි ටික සිංහලෙන්. මේකට පැලැස්තර දාලා හරියන්නේ නැහැ.(නදී)
නවසීලන්තේ ජාතික ගීය ඉංග්‍රීසියෙන් සහ වැදි භාෂාවෙන් ගැයෙනවා.. දකුණු අප්‍රිකාවෙත් එහෙමයි.. සිංගප්පූරුවේ බහුතරය චීන. දෙවන බහුතරය දෙමල, නමුත් ජාතික ගිය ගයන්නේ සුළුතරේ මැලේ භාෂාවෙන්.. ඒවගෙම ජාතික භාෂාව ඉංග්‍රීසි... (ස)
යුරෝපයේ ඉන්න සිංහල අය හොඳින්ම දන්නවා එයාලට එහේ තියෙන අයිතිවාසිකම්.. සුළු ජාතින් කියා කිසිම වෙනසක් නෑ... ලංකාවේ දෙමල ජනයට කිසි දෙයක් වැඩි පුර ඕන නෑ. අවශ්‍ය සමානාත්මතාවය විතරයි.. ඒක අවම මිනිස් අයිතියක්. ලෝකේ එහෙම උදාහරණ එමටයි... (ස)
දේවා ඔයාට ඉගෙන ගන්න ඕනද තළු මර මර කන ක්‍රමය..??(ස)
පාර්වතී..........ලංකාව කෑවේ දෙමළ ජාතීන්...කාලා කාලා බැරි තැන දැන් අයිතීන් ඉල්ලන්න එනවද ? (ස)
තවමත් මේ අදහස් දාන අය කියන්නෙම මේක සිංහල බෞද්ධයින්ගේ රට කියලා. ඒත් ජාතිකත්වය මත නිර්මාණය වූ රටක් තවම ලෝකයේ කොහේවත් නැහැ. (නි)
කෝ සේනාව...(ස)
අපේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්න උදවිය නොවේ..මේ දවස් වල උනත් කොයිතරම් ආගම් වාදියෝ බිහිවෙලාද..මෙහෙම අය 83 කරපුව නිසා තමයි අපිට තාම රටවල් ගහන්නේ..(ස)
අපි මෙතන මොනවා කිවුවත් ලෝකය ඉදිරියේ අපි දුර්වල ජාතියක්. (නි)
මම නම් කියන්නේ ලංකාවට උරුම කල්මැරීම, අකාර්යක්සමතාවය, කියන දේ කෙලින් නොකීම වගේ දේවල් නිසා මේ ප්‍රශ්නේ මේ තරම් උග්‍ර වෙලා.(නදී)
පාර්වතී මේක සිංහල රටක්. ඒක නිසා හැම දෙයක්ම සිංහලෙන් තමයි කරන්න ඕනේ. දෙමළ බස දෙවැනියට. (නදී)
වහා නවතා ගනු (දී)
අපේ රටේ නියම උරුමක්කාරයෝ ඇත්තටම කොහෙද ඉන්නේ? (නි)
පාර්වතී, දැන් අහගත්තා ඇද්ද? තවත් මදි නම් තවත් කියලා දෙන්නම්. (නි)
මාලක, එහෙනම් මේ රට කාගෙද? (නි)
කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තේ විතරක් ප්‍රධාන භාෂාව ප්‍රංශ. ඉන්දියාවේ භාෂා හැට ගානක් තියෙන නිසයි හින්දි ප්‍රධාන භාෂාව වුනේ. ඒක නිසාම තමයි ඉන්දියාව ඇතුලේ දැනටමත් ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. එහෙමත් නැතිනම් චීනය දිහා බලන්න. එහේ දැන් තියෙන චීන භාෂාව මාවෝ සේතුන් විසින් කෘතිමව නිර්මාණ කරපු එකක්.(නදී)
ශ්‍රීමතී, රටකට අළුතෙන් ගිය කෙනෙක් ඒ රටේ භාෂාව කතා කළ යුතු එක ඇත්ත. ඉන්දියාවේ ප්‍රශ්න ඇති නිසා එය එරට ආදර්ශමත් නැත. කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තය දෙස බලන්න. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව නිසා අපිට ඒක කතා කිරීම ප්‍රශ්නයක් නැහැ.(නදී)
පාර්වතීගේ හැදුනුම් පත සිංහලෙන් ලියලා නිසා කරගන්න බැරිවෙච්ච රාජකාරිය මොකක්ද? අපේ ආසන්නම රට වන ඉන්දියාව භාෂා බොහොමයක් තියෙන රටක්. ඒ වුනාට පාර්ලිමේන්තුවේ වැඩකරන්නේ හින්දියෙන්. අපේ රටේ පාර්ලිමේන්තවේ භාෂා තුනෙන්ම කතාකරන්න පුලුවන්. ඔයාලා වගේ හිතන අය ඉන්න නිසා තමයි කොටි සංවිධානයේ තරුණයෝ ජීවිත අහිමිකර ගත්තේ.(නදී)
දෙමළ මුස්ලිම් අය වෙනත් රටක ඉපදුනාම කිසිම අයිතිවාසිකමක් නැත. ඔහේ ඒ රටේ විදිහට ජිවත්වන්න සිදුවේ. තමන්ගේ පුද්ගලික ආගම ජාතිය තමන්තුල තබාගෙන ඒ රටේ නීතියට ඒ රටේ ජාතියට ගරුකරමින් ජීවත්වේ. එහම නොවේනම් ඒම රටවල ජීවත්වීමට අපහසුය. දෙමළ, හෝ මුස්ලිම් අය මේ රටේ ඉපදුනානම් ඒ අයට මේ රටතුල ජීවත්වීමට අවසර ඇත. එය වෙනත් රටවල මෙන්ම අපේද නිතියවේ . අපි ලෝකයේ කොහේ ඉපදුනත් ඒ රටේ භාෂාවට ආගමට ගරු කිරීමට අපට සිදුවේ. එත් එය ලංකාවට පමණක් වෙනස් කරන්නට කියා මානව හිමිකම් ඉල්ලීම් කරන ඔය වෙනත් රටවල පදිංචි අය හොදට දන්නා දෙයක් ඇත., ඒ රටවල පදිංචි ශ්‍රීලන්කන් හැමෝම කතාකරන්නේ එම රටවල භාෂාවයි. අදින්නේ පලදින්නේ එමරටවලට ගැලපෙන ලෙසයි. බොහෝදෙනා කෑම බිම පවා කැමට ගන්නේ ඒ රටවලට විදිහටය. නමුත් මෙහෙදී සිංහල භාෂාව ඉගනගෙන බෞද්දගමට ගරු කර මේ රටේ ජිවත්වීමට අකමැතිය. ඔව්න් හැමතිස්සෙම උත්සහ කරන්නේ මහජාතිය සිංහල අයට ප්‍රශ්න ඇතිකරන්න්ටය. සමහරවිට ඔය පිට රටවල ඉදන් දීමට බැරි ඉල්ලීම් ඉල්ලන්නේ තව දුරටත් ඒ රටවල රැදී සිටින්නට තුරුම්පුවක් ලෙස විය හැකිය. මෙහේ ඉන්න දෙමළ අහිංසක මිනුසුන්ට සමගියෙන් මේ රටේ ජිවත් වෙන්න නොදී වයිරය නැවත නැවත ඇතිකර, එයින් ඔව්න් තමන්ගේ මඩිය තර කරන් ජිවත්වෙන්න උත්සහ කරන්නෝ ඔය ඩයස්පෝරාවමය. (නදී)
සුදේශ් ඔය නීතියට කියන්නේ මයි,මයි වේ නෝ වේ කියලා.(නදී)
පාර්වතී, ඔයාගේ දුරකතන අංකය දෙන්නකෝ. (නි)
ඕක පෙන්නුවොත් කරන්න තියෙන්නේ ශ්‍රී ලංකා රජය කොටි කරපුව අල්ලලා වීඩියෝ එකක් පෙන්නන එක. ත්‍රස්තවාදීන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටවපු රජයකට ඒ අයිතිය තියෙනවා. ඇමෙරිකාව හා බටහිර රටවල් කරන මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන බලවත් රටක් ලවා වීඩියෝ එකක් පෙන්නන්න ඕනෑ ඊට අමතරව.(නදී)
මුරුගන්, එයාලත් ළගදීම පටන් ගනීවි. (නි)
ලංකාවේ ප්‍රතිරූපය නැති කරන්න හදන ඒවා විනාශ කරමු (දී)
තරයේ ප්‍රතික්ෂේප කරමු (දී)
වහා නවත්වනු (දී)
ලංකාව වෙනුවෙන් පන උනත් දෙනවා (දී)
පාර්වතී ඉන්නේ සිංහල රටක. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන්ම සිංහල දැන ගත යුතුයි. මොකද මේක සිංහල රටක්. (ස)
ඒ සම්භන්දව අපෙන්.අහන්න පිට රට ඉදලා ලංකාවේ උනේ මොකද්ද කියලා කියන්නේ කොහොමද (දී)
කෙන්යා, දකුණු අප්‍රිකා, උගණ්ඩා, සිංගප්පූරුව, ෆීජි, බටහිර ඉන්දියා, කොදෙවු, යුරෝපය... පුරා දෙමළ අය ඉන්නවා. මේ කාටවත් ප්‍රශ්නයක් නැහැත ඒ නිසා ඉන්දියාව ආදර්ශයට ගන්න බැහැ (නි)
දෙමළ ජනතාව ඉන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. (නි)
අපි හරි නම් ඔය හොර වීඩියෝ වලට මොකට අපි බයවෙනවද? (නි)
අපේ රට විශිෂ්ටයි. නමුත් ඔය කැත වැඩ කරපු අයට දඩුවම් දීලා අපේ රට සාමකාමී රටක් කරනවට මම කැමතියි.(නදී)
ඔකට හොදම දේ තමයි ප්‍රභාකරන් විසින් අපේ අයට කරන ලද තාඩන පීඩන මිනී මැරුම් ඇතුලත් වීඩියෝ එකක් හදලා එහෙදි පෙන්වන එක..!(නු)
එයාලට කරන්න හොදයි අපි කළොත් තමයි මානව හිමිකම් කඩවෙන්නෙ..!(නු)
සත්‍ය කවදාහරි ජය ගන්නවා..!(නු)
ලංකාවට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙම නැහැනේ මේ අය.!(නු)
අපේ රට ගැන ජනතාව ගැන පුදුම හැගීමක්නේ මේ අයට තියෙන්නෙ..!(නු)
දහ අටවෙනි සියවසේ මේ අයට ලංකාවට ඇවිත් කරපු දේවල් ඊට ඉස්සර පෙන්නුවොත් නරකද?(නු)
මේක මානව හිමිකම් චිත්‍රපටයක් නෙමෙයි ත්‍රස්ත හිමිකම් චිත්‍රපටයක්..!(නු)
‘හොර‘ වීඩියෝපටයට අපට වන්දි ඉල්ලන්න බැරිද? (නි)
ඇයි අපට බැරි අපේ හමුදා කදවුරු සම්පූර්ණයෙන් විනාශ කරපුවා, හාමුදුරුවන් ඝාතනය, බස්වලට බෝම්බ ගහවුපා වගේ ගොඩක් තියෙන්නේ එවා කියන්න. (නු)
අපේ රටේ අවුරුදු 30 ක් යුද්දේ තිබුන කාළේ ඔය කව්රුවත් අපි ගැන කතා කලේ නැහැ. ඇයි යුද්ද කරන්නේ කියලා ඇහුවද? අදටත් තරුණ කොල්ලෝ, කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද කකුල් අත පය නැති. අනේ කාටද මේවා කියන්නේ. අපිට අපි ගැනම දුත හිතෙනවා.(නදී)
එහෙම කමයි ඔය රටවල හැටි.!(නු)
මෙයාලට අපේ අහිංසක රට පේන්න බැහැනේ.. එයාලාගේ ඇහේ කටු ඇනෙනවා වගේ අපේ රට දිහා බලනකොට.. ඒකයි අපේ රටට මේ තරම් දේවල් කරන්නෙ.. මෙයාලට විරුද්ධව අපට මොකුත්ම කරන්න බැරිද?(නු)
ලෝකයේ හැම දෙනාම දන්නවා කවුද මරාගෙන මැරෙන බෝම්බ ලොවට හදුන්වාදුන්නේ කියලා.. ඒකම ඇති මෙයාලට විරුද්ධව කටයුතු කරන්න.. අහන්න ඔවුන්ගෙන් ඇයි සුසෙයිගේ පවුල සහ තමිල් සෙල්වම්ගේ පවුල තවමත් අප සමග ජීවත් වෙන්නෙ කියලා..!(නු)
මෙයාලට හොර වීඩියෝ ලබා දුන්නේ කවුද කියලා හොයලා බලන්නත් ඕන..!(නු)
කොහොම උනත් මේක බුදුන් වැඩිය දේශය. මොනවා කළත් සත්‍ය ජය ගන්නවාමයි.. මගේ රටට දළදා හිමි සරණයි..!(නු)
ඔය කෑගහන අයට බැරිද ජිනීවා ගිහිං කියන දෙයක් කියන්න (නු)
දැං මෙයාලා හදන්නේ ජිනීවා වලට චිත්‍රපට පෙන්වන්නද? අපේ අයටත් තියෙන්නේ චිත්‍රපටයක් හදලා පෙන්වන්න..!(නු)
ඕනැ ඔනෑ අයට විඩියෝ පෙන්වන්න මානව හිමිකම් සමුළුව ඒවා පිළිගන්නවාද?(නු)
ළගදි උසාවිය ගාව මැරයෝ ඇවිල්ලා පහර දුන්නා පොලිසිය බලාගෙන හිටියා.. ඒකත් පෙන්නයිද දන්නෙ නැහැ..!(නු)
අප කල යුත්තේ මේක පෙන්නන එකට විරුද්ධ වෙන එකට වඩා අප මානව හිමිකම් කඩ නොකළ බවත්, මානව හිමිකම් වලට ගරු කරමින් කටයුතු කරමින් යන බවත් පෙන්නා දීම නේද?(නදී)
සද්භාවයෙන්ම ආණ්ඩුව යමක් කරන්නට උත්සහ කලත් හාමුදුරුවෝ ඉඩදෙන්නේ නැහැ. මේක හරියට අයර්ලන්තයේ තත්වය වගේ. ඇයි අපි මේවට මේතරම් කල් මරන්නේ.(නදී)
විරුද්ධ පක්ෂය සිතානොබලා කරන සමහර වැඩත් මේ ප්‍රශ්නයට බලපානවා. (නි)
කව්ද අප්පා ලස්සන වැඩක් කලේ.(නදී)
අපි වැරදි කලේ නැත්නම් මොකටද බයවෙන්නේ. අපි යවමු සරත් මහත්තයයි, කරුණවයි, කේ.පී වයි. අපි පෙන්නමු ගාමිණී චිත්‍රපටිය.(නදී)
ජිනීවා, ජිනීවා ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල.(නදී)
මේ වීඩියෝ එක හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ දෙමළ මිනිස්සුන්ට වෙන රටවල් වලට ගිහින් මේවා කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව අපට ඇහුම්කන් දෙන්නේ නැති නිසා. මෙතන අදහස් දාන කීදෙනෙකුට දෙමළ කතා කරන්න ලියන්න පුළුවන්ද? ඔබ බහුතරයකට බැරි දේ ඇයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ.(නදී)
ඔයාලා මෙතන දෙමළ ජනාතාවට කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වට කොහෙද අපේ අයිතීන් ලියලා තියෙන්නේ. තාම හැදුනුම් පත, උප්පැන්නේ, අනෙකුත් සියළු දේවල් සිංහලෙන්. එක්කෝ සිංගප්පූරුවේ වගේ දෙමළත් නොවන සිංහලත් නොවන ඉංග්‍රීසි පොදු භාෂාව කරන්න. එතකොට තැලෙන්නේ දෙගොල්ලම, අපි විතරක් නෙමෙයි.(නදී)
මෙයින් ගැලවීමට එකට එක කර හරියන්නේ නැහැ. ගිය වතාවේ පොරොන්දු වුන කිසිදෙයක් ආණ්ඩුව කළේ නැහැ. මෙයාලා කියන්නේ දෙමළ ජනතාවට තියෙන අයිතිය කටින් විතරක් නොකියා ව්‍යවස්ථාවෙන් ලියලා පෙන්නන්න කියලා. කැනඩාවේ, දකුනු අප්‍රිකාවේ , නවසීලන්තයේ වගේ තාමත් ලංකාවේ බෞද්ධ නොවන කෙනෛකුට ජනාධිපති වෙන්න බැහැ. ජාතික ගීය සිංහලෙන් පමණයි. නමුත් ලංකාවෙන් පැනල ගිය දෙමළ අයෙක් වරක් සිංගප්පූරුවේ ජනාධිපති වුනා.(නදී)
ඒ නිතියානුකූල හමුදාවක් නෙමෙයි.(නදී)
ඇයි අපි කොටි කරපු මහා මිනිස් ඝාතන ලෝකෙට පෙන්නන්නේ නැත්තේ. ඒවා තානාපතිවරුන් විසින් කළ යුතු දේවල්. කොටි එහේ ඉදන් ප්‍රචාරය කළා අපිට විරුද්ද දේ. ආණ්ඩුකරන අයයි තානාපතිවරුයි මේවට වගකිවයුතුයි.(නදී)
මේක නෙමෙයිනේ මානව හිමිකම් එකේ පෙන්නන්න ඕන ප්‍රභාකරන් මරපු මිනිස්සුන්ව. ආගමක් දහමක් නැතිව කළ දේවල් ලෝකෙට පෙන්නන්න ඕන අපේ රටට බුදු සරණයි..!(නු)
සමන්, ප්‍රදීපා මම ඔයාව අනුමත කරනවා.(නදී)
ජිනීවා ජාත්‍යන්තර ච්ත්‍රපට උළෙලට අපේ රටිනුත් එකක් ඉදිරිපත් කරන්නේ නැතිනම් නොගිහින් හිටියට කමක් නැහැ.(නදී)
අපෙ රටේ කොටි කරපු විනාශ ලෝකයට පෙන්නන්න තිබෙන අවස්ථාවන් අනන්තවත් නැතිකර ගැනීම් එමටයි. රටවල් 10 සහභාගි වුණ එම සමුලුවට ආරාධනා යවලත් කවුරුත් සහභාගි වුණේ නැහැ. අපි අපේ රටට ආදරෙයි. එදා කොටි කළ උපක්‍රම අද අපි කළයුතුයි. නමුත් කණගාටුවට කරුණ ළගින්ම ඉන්න අය මුදලට යටවී අපේ කකුල් වලින් ඇදීමයි. (නි)
ලංකාවට දැන් කරන්න තියෙන්නේ 1983 නේ ඉඳලා කොටි සාමාන්‍ය ජනතාවට , දේපොළ වලට කරපු හානිය ගැන තියෙන නිවුස් වීඩියෝ වලින් හොඳ වීඩියෝ එකක් හදල විරුද්ධ රටවල් ටිකේ කට්ටියට හොල්මන් වෙන්න පෙන්නන්නයි. ටීවී නිවුස් වලින්ම මේ වීඩියෝ එක හදන්න පුළුවන්. හරිම ලේසියි. එතකොටවත් මේ විරුද්ධවාදීන්ට තේරෙයි රටේ සාමාන්‍ය ජනතාව කොටි හින්දා මොන තරම් කාලයක් දුක් වින්දද කියලා. (නි)
ලොව දරුණුම ත්‍රස්තයෝ නැතිකරපු එකයි, රටේ තියෙන සාමයයි ඒ අයට ඉවසන්න බැරිවෙලා තියෙන්නේ. මොන තහංචි දැම්මත් කව්රුත් කලබල වෙන්න එපා. මොකද අපි දැන් යුද්දෙට වියදම් කරන්නේ නැති නිසා.(නදී)
අපේ අයටත් කිසි ගාණක් නැහැ සමුළුව තියනකල්ම. (නි)
ත්‍රස්තවාදීන් කරපු දේවල් ලෝකෙට පෙන්වලා වැඩක් නැහැ.. (නු)
පූසාරියාට කෝවිලේ ඕනම දෙයක් කරන්න පුළුවං.. වෙන අයට එහෙම කරන්න බැහැනේ..!(නු)
දහම්, කවුද ඔය කැත වැඩ කරපු අය? (නි)