ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන 300ක් පමණ ඇතැයි ද, හොර වෛද්‍යවරුන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහතුනකම විසිරී සිටින බව ද ‘සියණෑ වෛද්‍ය සංසදය‘ කියයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිව සිට මියගිය වෛද්‍යවරුන්ගේ එම ලියාපදිංචි අංක හොරට භාවිත කරමින් ඇතැම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත්, ඇතැම් හොර වෛද්‍යවරුන් උපාධි ඇතැයි බොරු පුවර ප්‍රදර්ශනය කර ඇති බව ද සියණෑ වෛද්‍ය සංසදයේ සභාපති වෛද්‍ය අජිත් දිසානායක සහ එහි ලේකම් වෛද්‍ය සංජීව තල්ගහගොඩ මහත්වරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න තරමක් ඉන්නේ වෙද්දු බව මුළු රටම දන්නවා. මේ අයගේ සහතිකපත් ගැන සොයා බැලීම කාලෝචිතයි (ස)
නීති විරෝධී වැඩ තමයි හැමතැනම වෙන්නේ ??(ස)
හොර ලෙඩ්ඩු නැද්ද ? (ස)
හොර වෙද්දු විතරක් නෙමෙයි හැම ජාතියෙම හොරු ඉන්නවා (ස)
වහාම පියවරක් ගන්න නැත්නම් ලෙඩ්ඩු වැඩිවේවි (ස)
හතර වටින්ම පන්නපු වෙද්දු තමයි දැන් ඔය ගම්පහ ඉන්නේ. (නි)
ඉතින් ඉක්මණින් නීති මාර්ගයට බැහැලා යුක්තිය ඉෂ්ට කරන්නකෝ. (නි)
මේ සාක්ෂියෙන්ම මේ අය අත්අඩංගුවට ගන්න පුළුවං..!(නු)
හොර අධ්‍යාපන සහතික තියාගෙන සාමාන්‍ය මිනිස්සු රවටන අයට ඇති දඩුවම කුමක්ද? ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන් අංක, ලිපිනයන් ප්‍රසිද්ධ කරන්න. (නි)
හොර වෛද්‍යවරු විතරක් නෙමෙයි, හොර උපාධි සහතික තියාගෙන ළමයි රවටන හොර ටියුෂන් ගුරුවරුත් ලංකාවේ වැහිවැහැලා. මේ ගැන රජය සොයාබලා අහිංසක දරුවන් බේරාගත යුතුයි. දුප්පත් හා නූගත් අහිංසක දෙමව්පියෝ ඒ වගේ තැන්වලට ළමයි යවනවා. (නි)