හොරෙක් අද (7) සවස වේයන්ගොඩ වදුරව නිවසකට වහලෙන් බැස්සේය. ගෙහිමියෝ හොරා දුටහ.
කලබල වූ හොරා ගෙයින් පැන්නේය. අත තුබූ පිහිය ළෙල වමින් දුම්රිය පාරේ දිව්වේය. ගැමියෝ ද ඔහු ලුහු බැන්දාහ. පිරිසක් රේල්පාරේ දුවනු ඈත සිටම දුටු මහනුවර-කොළඹ අන්තර් නගර දුම්රිය රියදුරා දුම්රිය නතර කර ගත්තේය.
හොරා පිහියත් සමග දුම්රියට නැග්ගේය.
පිහිය පෙන්වමින් දුම්රිය ධාවනය කරන්නැයි කෑගැසුවේය. ඒත් රියදුරා එසේ ඔහුගේ අණ පිළිපැද්දේ නැත.
ඔහු ඇල්ලීමට ආ පිරිස ඔහු නිරායුධ කර දුම්රියෙන් බස්සවා ගත්හ. පිහිය ද රන් පැහැ කාන්තා අත් ඔරලෝසුවක් ද සමග ඔහු වේයන්ගොඩ පොලීසියට බාර දීමට ඔවුනට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඊට පස්සේ මොකද වුනේ ? ඒකත් කියන්නකෝ (ස)
ඉතින් ඊට පස්සේ මොකද වුණේ? (නි)
හොරුන්ට අපල කාලයක් ලබලා තියෙන්නේ..... (නි)
රේල් පාරේ අලි දැක්කහම හප්පනවා. හොරු දැක්කහම නවත්වනවා. (නි)
පොලිසයට බාර දෙන්න කලින් හොදට සැළකුවේ නැද්ද? (නි)
රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
ඇයි ගමේ මිනිස්සු එකතුවෙලා හොරාට හොදට සලකපු හැටි ලියන්න අමතක වුනේ.(නදී)
මේ රටේ ලොකුම දඬුවම මරණ දඬුවමනේ. එවන් දඬුවමක් නම් මෙවැනි අපරාධ කරන අයට දෙන්න නම් එපා. මොවුන්ට කරන්න ඕනෑ අත් දෙකේ ඇඟිලි දහයම කපලා, හංවඩු ගසා සමාජගත කරන එක. එසේ කළොත් මෙවැනි අපරාධ මුළුමනින්ම නැතිකර ගත හැකි වේ යැයි විශ්වාස කරනවා. (නි)
චිත්‍රපටියක් වගෙයි. (නි)
නිර්භීත රියදුරු මහතාණෙනි, ඔබට මගේ ප්‍රණාමය. (නි)
සේපාල ඒකනායකගේ මල්ලි වෙන්න ඇති. හොද එඩියක් තියෙන ලංකාවේ කොල්ලෙක්.(නදී)
හොරාගේ ඇගිලි කපන්න කතාකරන අය ඒක කරන්න කලින් හොරා ඒක කළේ ඇයි කියලා හොයලා බලන්න. (නි)
නියමයි (ස)
හොරා හොරාමයි, උපරිම දඩුවම් දෙන්න (ස)
මේක නිකන් හින්දි චිත්‍රපටියක් වගේ අප්පා , මට නම් හිනාත් යනවා. ඩ්‍රයිවර් වැඩ කාරයෙක් වගේ.බය නැතුව හිටියේ (ස)