IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ෆොන්සේකා ශිරාණිට අත වනයි

‘මා දේශපාලනයට ඇද දැමුණේ රජයේ වැරදි තීන්දු සහ තීරණ නිසයි. ඒ ටිකම ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියටත් සිදුවී තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් ඇය සමග වුවද එම ගමන යෑමට සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා  මහතා කෝට්ටේ දී  මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ ක‍ළේය.

‘රට හැම අතින්ම කඩා වැටීමට ලක් වෙලා. විකල්පයක් අවශ්‍ය බව බොහෝ දෙනා කියනවා. මගේ දේශපාලන ගමනේදී පාතාලයන්, කුඩාකාරයන්, මැරයන් ඇසුරු කිරීමට හෝ ඒකාධිපතියකු වීමට කිසිම අවශ්‍යතාවක් නෑ, ඒවා නැති නිසා ‘ඔබ දේශපාලනයට සුදුසු නැහැයි‘ මට සමහරුන් කියනවා. මේ රටේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඒ සඳහා කැපවිය හැකි ඕනෑම අයෙකු සමග අත්වැල් බැඳ ගැනීම මගේ දේශපාලනයයි.

 



අදහස් (0)

ෆොන්සේකා ශිරාණිට අත වනයි

සරත් Wednesday, 16 January 2013 04:03 PM

ජය වේවා ! . (ස)

:       0       0

වරුණ Wednesday, 16 January 2013 04:05 PM

ඒ මොකටද (දී)

:       0       0

සිසිර Wednesday, 16 January 2013 04:06 PM

මේ වෙලාවේ ජනතාව ලෙස අපි වගකීමෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

උපුල් Wednesday, 16 January 2013 04:11 PM

අනේ මැඩම් මෙයාලා එක්ක එකතුවෙන්න එපා.. ඔබ හොද බුද්ධිමත් කෙනෙක් හොදට හිතලා තීරණ ගන්න රට ගැන..!(නු)

:       0       0

දිල්හාර Wednesday, 16 January 2013 04:17 PM

රටට සේවය කරන්න වෙන විධියක් ඇත්තෙම නැද්ද? (ස)

:       0       0

සරත් Wednesday, 16 January 2013 09:49 PM

සම්පත් හරි (ස)

:       0       0

කුරුවිට Wednesday, 16 January 2013 09:50 PM

ජෙනරාල්තුමනි, ඔබ නැවතුණු තැනින්ම නැවත පටන්ගන්න. (නි)

:       0       0

තිසල් Wednesday, 16 January 2013 04:18 PM

දැං ඉතිං ඇමරිකාවෙ උපදෙස් වලට දෙන්නම වැඩ කරන්න..!(නු)

:       0       0

ලාරා Wednesday, 16 January 2013 04:29 PM

ඔබතුමාට වැරදුණේ කට නිසයි. සංවර වෙන්න අවශ්‍යමයි. (නි)

:       0       0

සනත් Wednesday, 16 January 2013 04:31 PM

කොහොම උනත් අනිත් සරත්ගන් පරිස්සමිවන්න (නු)

:       0       0

තිලක් Wednesday, 16 January 2013 04:30 PM

මැතිණියනි, මෙතුමා සමග එකතු වී රට බේරාගන්න. (නි)

:       0       0

කෝලිත Wednesday, 16 January 2013 04:35 PM

ශිරාණි නෝනා ඒ ගමන කොහේටද යන්න හදන්නේ? (නි)

:       0       0

යාත්‍රා Wednesday, 16 January 2013 10:29 PM

ඔබ සියලු දෙනාටම සුබපැතුම් (දී)

:       0       0

තිලක් Wednesday, 16 January 2013 04:35 PM

මෙතුමා නිවැරදියි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 16 January 2013 04:38 PM

ඔබ හොද රණශූරයෙක් බවට ආයිත් කතා දෙකක් නැහැ. නමුත් ඔබට දේශපාලනය කොතරම් දුරට ගැළපෙනවාද යන්න නම් සැකසහිතයි. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 16 January 2013 04:35 PM

හුදී ජනයා බුද්ධිමත් හොදේ..... (නි)

:       0       0

රොෂාන් Wednesday, 16 January 2013 10:42 PM

මෙතන ජයවේවා කියන අය අඩුම තරමේ හරි විස්තර දන්නා අයද? (නි)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 04:41 PM

දූෂණය නැති කරන්න නම් අවංක නායකත්වයකුයි අවශ්‍ය වන්නේ. (නි)

:       0       0

ටි.බණ්ඩාර Wednesday, 16 January 2013 04:41 PM

කළහැකි හොදම දෙය නම් දේශපාලනයට පැමිණීමයි.. සමස්ථ ජනතාවම ඔබ දෙපලට සාධාරණයක් කරනු ඇත. ජය වේවා.!(නු)

:       0       0

අනිල් Wednesday, 16 January 2013 10:49 PM

ඒ ගමන මොනවා කරන්නද මන්දා යන්නේ? (නි)

:       0       0

විරංජන Wednesday, 16 January 2013 04:45 PM

වැඩක් වෙන්නේ නැහැ මැඩම්. (නි)

:       0       0

තිලක් Wednesday, 16 January 2013 10:57 PM

සම්පත් නිවැරදියි. (නි)

:       0       0

නුවන් Wednesday, 16 January 2013 04:48 PM

අනේ බුදු සර්, එයාට පාඩුවේ ඉන්න දෙන්න. (නි)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 04:57 PM

සමහරවිට එන්නත් පුලුවන්. (නි)

:       0       0

ලසන්ත Wednesday, 16 January 2013 04:54 PM

සත්‍යයට ජය සිකුරුයි. මදක් ඉවසන්න. (නි)

:       0       0

නුවන් Wednesday, 16 January 2013 11:17 PM

බුද්ධිමත් අය දේශපාලනයට නාවොත් මේ රටත් කොළොම්බියාවක් වේවි. (නි)

:       0       0

දන්තනාරායන Wednesday, 16 January 2013 05:07 PM

සුභ පැතුම්! (නි)

:       0       0

විජේරත්න Wednesday, 16 January 2013 05:10 PM

ඔබ හමුදාවේ වීරයෙක් වුණත් කෙනෙක්ව නම්මා ගැනීමට කොපමණ දක්ෂයෙක්ද යන්න මට සැකසහිතයි. (නි)

:       0       0

ආනන්ද Wednesday, 16 January 2013 05:15 PM

මේ අයට දේශපාලනය තවමත් තිත්ත නොවීම පුදුමයට හේතුවකි. (නි)

:       0       0

අමිල Thursday, 17 January 2013 12:33 AM

සියළු දෙවි රැකවරණින් ඔබතුමන්ලා ලංකාව අනිත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සේ ඔසවා තබන්න. අපේ ශ්‍රී ලක් දෙරණේ එය දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය යුගය වෙනවා නොඅනුමානයි. (නි)

:       0       0

ගමාල් Thursday, 17 January 2013 11:53 AM

ඔබ තුමිය තනිව දේශපාලනය කරන්න. (ස)

:       0       0

ධම්ම Wednesday, 16 January 2013 05:27 PM

අනේ අම්මෝ!දේශපාලනයට නම් යන්න එපා මැඩම්. (නි)

:       0       0

නිශාන්ත Thursday, 17 January 2013 12:43 AM

ඒ මොකටද (දී)

:       0       0

නීල් Thursday, 17 January 2013 01:10 AM

මෙයා ඇත්තටම පිරිමියෙක්ද? (නි)

:       0       0

ජයකොඩි Wednesday, 16 January 2013 05:55 PM

අනේ පවු! එතුමියත් සදා අනාථයි කියන්න වේවිද? (නි)

:       0       0

චන්දන Wednesday, 16 January 2013 06:04 PM

ගමන දැනගෙගන යන්න පුළුවන් නම් හොදයි. නැත්තම් නොදැන යන කතරගම වගේ වේවි. (නි)

:       0       0

උපාලි එම්. Thursday, 17 January 2013 02:09 AM

අනේ ඉතිං අපි දෙන්නට බුදු සරණයි..!(නු)

:       0       0

මධු Wednesday, 16 January 2013 06:03 PM

සෙන්පතිතුමනි, ඔබ ඇති තැන, නැත බිය සැක... (නි)

:       0       0

ගාමිණි Thursday, 17 January 2013 04:41 AM

ඔබතුමාත් එක එක්කෙනාට අත වන වනා ඉන්නවා මිසක ඔබේම කියලා දෙයක් කරන පාටක් නැහැ. හරි නම් ඔබත් ඔය දේශපාලනේ පැත්තක තියලා මේ රටේ සිවිල් සමාජය ශක්තිමත් කරන්න පෙරමුණ ගත්තා නම් මීට වඩා හොඳයි. මොකද එක එක්කෙනාට බැණ බැණ හිටියාට වැඩක් වෙන්නේ නැහැ. මේ රටේ සිවිල් සමාජයේ කඩා වැටීම නිසා තමයි මේ අයට ඕනෑ ඕනෑ විදියට මේ දේවල් කරගන්න පසුබිම හැදුණේ. බලන්න මුලින් විශ්ව විද්‍යාල වල උගතුන් රටටම පෙන්නුම් කළා සිවිල් සමාජයට කළ හැකි තරම. අද නීති ක්ෂේත්‍රයේ අයත් පෙන්නුවේ සිවිල් සමාජයේ තිබෙන බලයයි. අද ඔප්පුවෙලා තිබෙනවා දේශපාලනයට මේවා වෙනස් කරන්න බැරි බව. ඒක කවදා හරි කරන්න වෙන්නේ සිවිල් සමාජය රටේ ජනතාව සමග එක්වීමෙන් මිස දේශපාලන නායකයන් වෙනස් කිරීමෙන් නොවේ. ඔබ මෙය කවදා තේරුම් ගනීවිද මන්දා. පුලුවන් නම් ශිරාණිට අන්න ඒකට ආරාධනය කරන්න. (නි)

:       0       0

ජානක Thursday, 17 January 2013 04:51 AM

සම්පත් නිවැරදියි...!(නු)

:       0       0

ලාල් Thursday, 17 January 2013 05:00 AM

හිල් වුණු බෝට්ටු වලටනම් නගින්න එපා (ස)

:       0       0

අනුර Wednesday, 16 January 2013 06:38 PM

අපේ බුද්ධිමත් මැඩම්, කිසිදිනක මෝඩ තීරණ නම් ගන්න එපා. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 16 January 2013 06:39 PM

පසුගිය කාලයේ ඔබතුමා සමග සිටිය රොත්ත දැන් නැහැ නේද? (නි)

:       0       0

සම්පත් Wednesday, 16 January 2013 06:36 PM

අපිට තියෙන්නේ ඉතින් බලා ඉන්න තමයි (දී)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 05:36 AM

රොෂාන් සහ සම්පත් දෙන්නා දන්න දේශපාලනයක් ගැන කතා කරනවද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 17 January 2013 05:42 AM

ඒ අදහස එතරම් හොද නැහැ මැතිණියනි..!(නු)

:       0       0

නිශාන්ත Thursday, 17 January 2013 01:26 PM

මෙතුමියත් දේශපාලන චරිතයක් වෙයිද (දී)

:       0       0

නිමල් Thursday, 17 January 2013 06:46 AM

ජෙනරල් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක මැතිණිය යනු දේශපාලනය ඉදිරියේ වැද වැටෙන්නන් නොවේ. (නි)

:       0       0

සදුනි Wednesday, 16 January 2013 06:50 PM

එන්න.. අපේ වලට ඔබත් වැටෙන්න කියලාද අඩගහන්නේ..!(නු)

:       0       0

ආනන්ද Wednesday, 16 January 2013 06:55 PM

අයන්න කියන්න ලොවටම ඇහෙන්න - එන්න මගේ නංගී... (නි)

:       0       0

කපිල Thursday, 17 January 2013 06:58 AM

තමන්ට පුළුවන් දේ කලොත් නේද හොද(නු)

:       0       0

තිසල් Thursday, 17 January 2013 07:09 AM

සම්පත් කියන දේ හරියටම හරි.!(නු)

:       0       0

වසන්ත Wednesday, 16 January 2013 07:07 PM

ඇත්තටම හොද තීණ්දුවක්. (නි)

:       0       0

චන්දිම Thursday, 17 January 2013 07:34 AM

ජනරාල්තුමනි, ඔබට දිගින් දිගටම සිදුවු බොහෝ අසාධාරණයන්ට එරෙහිව ඔබ කළ අභියාචනයන්ට එදා බලය සහ හැකියාව තිබූ සමහරු කරපු දේට අද මෙලොව දීම විපාක ලැබිලා කියන එක පේනවද? ඔබ එකතු කර ගත යුත්තේ හැමදා අවංක නිවැරදි මිනිසුන්ව පමණි. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 16 January 2013 07:13 PM

ඔබ දන්න දේ කරලා රටට ලොකු සේවයක් කළ කෙනෙක්.. ඒත් නොදන්න දේ කරන්න නොගිහං හිටියොත් තමයි හොද හිටපු අගවිනිසුරැවරියටත් කියන්න තියෙන්නේ ඒ දේම තමයි.,!(නු)

:       0       0

ලතීෆ් Wednesday, 16 January 2013 07:15 PM

යුගයේ සැබෑ අවශ්‍යතාවය මෙයයි. (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 16 January 2013 07:40 PM

ආදරණීය ජෙනරල්තුමනි, ඔබ තවමත් පරණ තැනමයි. කරුණාකර නැවැත්වූ තැනින් පටන්ගන්න. (නි)

:       0       0

මධු Wednesday, 16 January 2013 07:38 PM

අපි සැවොම බුද්ධිමත් වෙන්න ඕනේ (දී)

:       0       0

නිරෝෂණ Thursday, 17 January 2013 08:36 AM

ඔබට ජය! ඡන්දය දීම ජනතාවට අයිති වැඩක්. (නි)

:       0       0

සමන් Thursday, 17 January 2013 08:48 AM

අපි සරත් ෆොන්සේකා මහත්තයාට ගරු කරනවා. (නි)

:       0       0

අබා Wednesday, 16 January 2013 02:58 PM

මෙය තවත් එක් සිද්ධියක් පමණක් යැයිද, අපට එය සිදු නොවුණි යැයි ද සිතා තවදුරටත් නිහඩව සිටිනවා නම් මේ රටේ අනාගතය සමහරුන් විසින් සැළසුම් කර ඇති පරිදිම විසදෙනු ඇත. තවත් කාලයක් නැත. සියලු බලවේගයන් ඉතා ශක්තිමත් නොසැලෙන නිර්භීත නායකත්වය වටා එක් වී මෙම ව්‍යසනකාරී සියල්ල පලවා හැර, එතැකින් නොනැවතී සියලු වැරදිකරුවන් හට නිසි දඩුවම් පැමිණවීමටත්,මේ රට පූර්ණ නිදහස් රටක් බවට පත් කිරීමටත් දැන් සුදුසුම කාලයයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 16 January 2013 02:57 PM

කොහෙන් ගියත් අසරණ වෙන්නේ සාමාන්‍ය ජනයා (දී)

:       0       0

සරත් Wednesday, 16 January 2013 08:08 PM

හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිවුවලු. දැන් පේනවනෙ තරාදිය බරවෙලා තිබුණු පැත්ත. (නි)

:       0       0

උපාලි Thursday, 17 January 2013 09:08 AM

දැන් අරයා නැහැ. මැඩම් එන්න වැඩ බලන්න. (නි)

:       0       0

වසන්ත Wednesday, 16 January 2013 03:02 PM

ඇත්තටම හොඳ තීරණයක් , දැන් රටට ඕන මේ වගේ මිනිස්සු. (ස)

:       0       0

සාලිය Wednesday, 16 January 2013 08:11 PM

මට නම් විශ්වාසයි ඇය දේශපාලනයට නොයන බව. (නි)

:       0       0

විමුක්ති Thursday, 17 January 2013 09:19 AM

සම්පත්, දැන් එත‍කොට විශ්ව විද්‍යාල, පාසල් ඇතුලුව රටම හමුදාකරණය කළේ එස්.එෆ්. මහත්තයාද? (නි)

:       0       0

සම්පත් Wednesday, 16 January 2013 08:17 PM

වෛරී දේශපාලනයේ අතකොළුවක් නොවුණා නම් හා තමන් පිළිබඳ අධිතක්සේරුවක් නොකළා නම් සරත් පොන්සේකා මහතාට පැහැදිළි අනාගතයක් තිබුණි. හිටපු අගවිනිසුරුවරියටද සිදුවූයේ ඔබට සිදුවූ දෙයමැයි. එකම ප්‍රතිඵලය දේශපාලනීකරණය නොවිය යුතු ආයතන දෙකක් දේශපාලනීකරණය වීමයි. ඉන් රටට වූ හානිය කියා නිම කළ නොහැක. (නි)

:       0       0

බණ්ඩා Thursday, 17 January 2013 09:22 AM

සිල්වා, ඔබ හරි. දැන් බලන්න, අපි මොනතරම් නම් නිදහසක් ගතකරනවද කියලා? (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 03:02 PM

වැඩක් නෑ (ස)

:       0       0

බණ්ඩා Thursday, 17 January 2013 09:23 AM

වෛරී දේශපාලනයේ යෙදී සිටින්නේ කවුද කියලා මොළයක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා ‍සම්පත්. (නි)

:       0       0

දිලීප් Wednesday, 16 January 2013 02:59 PM

නියමයි. ඔහොම යන් ..ජය වේවා ! (ස)

:       0       0

චමත් Wednesday, 16 January 2013 03:03 PM

වැල යන පැත්තට මැස්ස ගහලා හරි අපි මේ වලෙන් ගොඩ එන්න බලමු (ස)

:       0       0

ඉසුරංග Wednesday, 16 January 2013 03:03 PM

හිතලා මතලා තීරණයක් ගන්න (දී)

:       0       0

පූජිත Wednesday, 16 January 2013 08:37 PM

ඕනෑ දෙයක් කරන්න. නමුත් නුසුදුස්සන් ගාවාගන්න නම් එපා. (නි)

:       0       0

ශාන් Thursday, 17 January 2013 09:41 AM

ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි! (නි)

:       0       0

රත්න Wednesday, 16 January 2013 03:11 PM

කතාව සහතික ඇත්ත. ඒත් ඔබතුමාට ව‍ගේ මෙතුමියට විඳගන්න අමාරුවෙයි. එනිසා කාලය අනුව ගමන්කරමු. ජය නියතයි! (ස)

:       0       0

ප්‍රියශාඩ් Wednesday, 16 January 2013 03:15 PM

අපි හිතුවා (ස)

:       0       0

ගජභා Wednesday, 16 January 2013 03:16 PM

කොහොම උනත් බලාගෙන‍‍‍....පරිස්සමින්... (ස)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 08:51 PM

අපේ රට දැන් නිදහස් රටක් තමයි. තව මොනවද නිදහස් රටක් වෙන්න අවශ්‍යයි කියන්නේ? (නි)

:       0       0

සුභාෂිනී Wednesday, 16 January 2013 03:14 PM

උගත්කම තියාගෙන වෙන විදියකින් රටට සේවය කරන්න දේශපාලනයටනම් යන්න එපා (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 16 January 2013 03:16 PM

ඔබ කවදත් එඩිතර මිනිසෙක් . අපි හැමෝම ගරු කරනවා (ස)

:       0       0

ඩේවිඩ් Wednesday, 16 January 2013 08:57 PM

අපි තමයි හැමදාම එක තැන (දී)

:       0       0

ජයනෙත්ති Wednesday, 16 January 2013 08:54 PM

සම්පත් නිවැරදියි. (නි)

:       0       0

නිශ්ශංක Thursday, 17 January 2013 09:50 AM

සම්පත් 100%ක් හරි. (නි)

:       0       0

සඳරුවන් Wednesday, 16 January 2013 03:21 PM

පරණ කතා නම් ආයේ කියන්න එපා (ස)

:       0       0

සමන් Wednesday, 16 January 2013 03:25 PM

දැන් අත වන වනා ලාහට ගෙම්බෝ එකතු කරන්න තමයි හුග දෙනෙකුට වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

උපුල් Wednesday, 16 January 2013 03:27 PM

දේශපාලනයෙන් නැතුව වෙන විදියකින් ඕක කරන්න උත්සාහ කරමු ජෙනරල්තුමනි. (නි)

:       0       0

දිනූෂා Wednesday, 16 January 2013 03:29 PM

ලංකාවට හොඳ සේවයක් කර මිනිසුන් දෙන්නෙක් (ස)

:       0       0

ලලන්ක Wednesday, 16 January 2013 03:32 PM

සරත් ෆොන්සේකා මහත්තයා තමයි අපේ දුක දන්නා නායකක තුමා.. ඔබට ජය නියතයි.. !!! (ස)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 09:06 PM

සුහදතාවය දිගටම තිය ගන්න ඕනේ. (දී)

:       0       0

ආනන්ද Wednesday, 16 January 2013 09:06 PM

බොරු වැඩක් (ස)

:       0       0

සුරේන් Wednesday, 16 January 2013 03:42 PM

ඔබතුමාගේ අදහස හරි . අපේ රටට ඕන ඔබලා වගේ බුද්ධිමතුන් . ඔබතුමාට ජය වේවා (ස)

:       0       0

පාලි Wednesday, 16 January 2013 03:43 PM

ඔන්න ඔන්න ‍පරණ සෙල්ලම ආයිත් පටන්ගන්න යන පාටයි. (නි)

:       0       0

සිරී Wednesday, 16 January 2013 03:41 PM

අදහස හොඳයි. ක්‍රියාත්මක කිරීම තමයි අපහසු (ස)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 03:50 PM

අපරාධකරුවන් සිටිනා තාක් රට පෙරට ගත නොහැක. (නි)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 10:29 AM

ඔබතුමා වීරවරයෙක් හැටියට මම ගරු කරනවා..(නු)

:       0       0

ඇසළ Wednesday, 16 January 2013 03:59 PM

ඔබට දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

සමන් Wednesday, 16 January 2013 04:05 PM

ඔබතුමා කවදත් අපේ රටට ආදරය කරන බව අපි දන්නවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 766 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2196 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11212 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1939 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3824 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site