කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින් රුපියල් කෝටි 1500කට වඩා රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ජාතික සමගිය ගේන්න බැරිවීම ගැන හැම පක්ෂයක්ම වගකිව යුතුයි වසර 76ක් තිස්සේ රටේ ජාතික සමගිය ගොඩ නැගීමට නොහැකි වීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කළ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් වගකිව යුතුව ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 December 2024
ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය. 18 November 2024
’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’ නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය. 11 November 2024
වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පැවසීය. 11 November 2024
රටේ ජනතාව අතරමං වෙලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 06 November 2024
පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක් ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලිමේන්තු මැතිවරණ ප්රචාරක ජන රැළියක් අමතමින් අද පැවසීය. 04 November 2024
‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘ නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 03 November 2024
ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 November 2024
ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා ආණ්ඩු කිරීම විපක්ෂයේ සිට විවේචනය කරන තරම් සුන්දර නැති බව අනුර කුමාර ජනපති ඇතුළු කණ්ඩායමට දැන් වැටහී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 03 November 2024
‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘ පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය. 30 October 2024
’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’ පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 October 2024
‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුවත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නොවන බැව් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා බද්දේගම දි පැවසිය. 28 October 2024
පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක් පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය. 27 October 2024
‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘ රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය. 25 October 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 October 2024
‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘ ’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත මේ රටේ ජනාධිපති කරන්න. ඒ වගේම සජබෙන් එකතුවෙලා ඉන්න කණ්ඩායම බලාපොරොත්තු වුණේ එම නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරන්න. නමුත් අපි කොච්චර මහන්සිවෙලා වැඩ කළත් රටේ ජනතාව යමකිසි තීරණයක් අරගෙන මේ රටේ වෙනසක් කරන්න ඕනේ කියල අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපති කරල තියෙනවා යැයි නව ප්රජාතන්ත්රවාදී 22 October 2024
ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 16 October 2024
‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘ ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 29 September 2024
මං එන්නේ රටට යුතුකම කරලා තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පැවසීය. 18 September 2024
’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’ රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේ දි පැවසීය 18 September 2024
’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’ දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද(18) පැවසීය. 18 September 2024
‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘ මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලීත් ජයවීර මහතා මහනුවර සහශ්‍ර උයනේ අද (17) පැවති මහා ජන හමුව අමතා ප්‍රකාශ කළේය. 17 September 2024
‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘ වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල ඇතුළු ජන රැලි හතරක් අමතමින් පැවසීය. 17 September 2024
‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘ දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා(15) තලවකැලේදී පැවසීය. 17 September 2024
අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 17 September 2024
’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’ බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 September 2024
‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘ පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 September 2024
‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘ ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙන් බිහිවන ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ නිති සම්පාදනය කරන බව, පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 September 2024
‘ගල්කැටයකින් - නියතුඩකින් හෝ කාටවත් හානි කරන්න එපා‘ ‘අපි ප්‍රවේසම් මෙන්ම සාමකාමී වෙන්න ඕනෙ. ගල් කැටයක් වත් අතට ගන්න එපා. ජයග්‍රහණය හරි හැටි සමරමු‘යැයි ජාතික ජන බල වේගයය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 15 September 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026