IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ගම්වල විහාර සංරක්ෂණය කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවනවා

(අංජුල මහික වීරරත්න)


‘‘එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර දියුණුවට පත්කිරීම යහපාලන රජයේ ප‍්‍රතිපත්තිය බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

‘‘ආදායම් මාර්ග නොමැති ඈත ගම්දනව්වල විහාරස්ථාන හඳුනාගෙන අතීත ශ්‍රී විභූතිය රැුකෙන පරිදි සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ලෝකයට දුන් ශ්‍රී ලංකාවේ තව බොහෝ කලක් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන සෑම ක‍්‍රියා මාර්ගයක්ම ගන්නේ යයිද?” අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මෙහි පළමු අදියර යටතේ වෙහෙර විහාරස්ථාන 150ක් සංරක්ෂණය සඳහා ආධාරදීම සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.‘‘පුරාණ විහාරස්ථානත්, රජමහා විහාරස්ථානත් සිංහල බෞද්ධ උරුමයේ වැදගත් ස්ථාන බව සඳහන් කළ යුතුයි. අපේ උරුමය ඒ හා සම්බන්ධයි. අපේ උරුමය ලියනවා නම් ලංකාවේ ඉතිහාසය ලියනවා නම් ලංකාවේ සංස්කෘතිය ගැන ලියනවා නම් මේ කරුණු සඳහන් නොකර ඉන්න හැකියාවක් නැහැ.

පුරාණ විහාරස්ථාන යනු අතීතයේදී ප‍්‍රදේශයේ ජනතාව සඳහා ඇති කළ ප‍්‍රධාන විහාරස්ථාන බව කිව යුතුයි. සෑම ගමකම, සෑම ප‍්‍රදේශයකම විහාරස්ථාන තිබුණා. අනුරාධපුර යුගයේ සිට මහනුවර, කෝට්ටේ යුගය වනතෙක් ගම්මානවල ආරම්භ කෙරුණු ප‍්‍රධාන විහාරස්ථාන තිබෙනවා.

අද මෙරට ජනගහනය මිලියන 22ක් වුවත් අතීත යුගයේදී ලක්ෂ 22ක ජනගහනයක්වත් සිටියා යයි මා සිතන්නේ නැහැ. එකල ආරම්භ කෙරුණු විහාරස්ථාන මෙරට ජනගහනය වැඩිවීමත් සමඟ තවත් සංඛ්‍යාවෙන් වර්ධනය වුණා. වැඩිපුරම විහාරස්ථාන ඉදි කෙරුණේ පසුගිය වසර 50 ඇතුළතයි. මේ විහාරස්ථාන සම්බන්ධව ප‍්‍රදේශයට අදාළව විවිධ කතා තිබෙනවා. ඒ කතා ඇතැම්විට එක් කාලයකට  අයත් වෙනවා. රජවරුන්ගේ අනුග‍්‍රහය මත දියුණුවූ විහාරස්ථාන ද තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල මුල්කරගෙන කටයුතු කරන්නේ මේ උරුමය ආරක්ෂාකර ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශාල උත්සායක් ගන්නවා. අපගේ පුරාවිද්‍යා උරුමය, රටේ සංස්කෘතිය ආරක්ෂාකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.

මෙලෙස අප ආධාර උපකාර කරන විහාරස්ථාන ගණනාවකට වෙනත් ආදායම් මාර්ග නැහැ. එසේ නම් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල් ඒ විහාරස්ථාන ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනවා.

අප ආධාර දෙන විහාරස්ථාන පිළිබඳව වැදගත් ග‍්‍රන්ථයක් කියවීමට මට අවස්ථාව ලැබුණා. ඒ විහාරස්ථානවල අවශ්‍ය සංරක්ෂණ කටයුතු කිරීමට මුදල් නැහැ. ඒ මුදල්දීම අපේ යුතුකමයි. අතීත විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කැපවී සිටින අකිල විරාජ් කාරියවසම් මහතාටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්ටත් නිලධාරී මහත්වරුන්ටත් ප‍්‍රශංසා කළ යුතුයි.

රටේ උරුමය ආරක්ෂා කරනවා නම් පුරා විද්‍යා සහ සංස්කෘතික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ මහාචාර්ය රෝලන්ඞ් ද සිල්වා මහතාත්, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් මෙහි සිටීම සතුටක්. අතීතයේ සිට විද්වතුන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත්, ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාත් අපේ ඉතිහාස මතුකර ගැනීමට උනන්දුවෙන් කටයුතු කළා.

අප රජය බදුදහටම ප‍්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්ෂා කිරීමට ක‍්‍රියා කරනවා. ඒ නිසා ජෝන් අමරතුංග, ඞී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරුන් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව මා විශේෂයෙන් සතුටට පත්වෙනවා. එස්.බී. නාවින්න සංස්කෘතික ඇමැතිතුමාත් එක් කරගෙන ඉතා සුහදව මේ කටයුතු ඉදිරියට ගෙන යනවා. සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වෙනවා.

බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල් ලිපිවල සඳහන් කළා. ඒ අනුව අපට ආඩම්බරයෙන් මේ පිළිබඳව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුව බිහි කළේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාම සඳහායි. 

එක් අතකින් ආගම් අතර සංහිඳියාව ඇති කරනවා. අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තවත් ආරක්ෂාකර දියුණුවට පත් කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමන් විශාල උන්නදුවකින් කටයුතු කරනවා. එමෙන්ම අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන් උනන්දු වෙනවා. මේ වැඩ කටයුත්ත අපේ යුතුකම ලෙස සලකා ඉටු කරමින් ඉදිරියට යාම අරමුණයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාවට විශේෂිත තැනක් හිමිවී තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ ශ්‍රී ලංකාවයි. එලෙස ආරක්ෂා කර ගත් බුදු දහම අග්නිදිග ආසියාවට පතුරුවා හැරීමට අපට හැකියාව ලැබුණා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, දකුණු වියට්නාමය ආදී රටවලට බුදු දහම ව්‍යාප්ත කිරීමට හැකි වුණා. බුදු දහම ශ්‍රී ලංකාවේ ආරක්ෂා නොවුණා නම් ඒ රටවලට වන්නේ කුමක්ද? අද ඒ ප‍්‍රශ්නය විමසිය යුතුයි.

ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා රජය වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කරනවා. සංස්කෘතික අමාත්‍යංශය ඒ ආකාරයෙන්ම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා. අපේ අවධානය යොමු වූ විශේෂ කාරණා ගැන මා සඳහන් කරන්නම්. එවැනි ක‍්‍රියා මීට පෙර වූයේ නැහැ. 

මෙරට පුරාණ රජ මහා විහාරස්ථාන ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ වැඩසටහන පළමු වැන්නයි. එහි පළමු අදියර යටතේ විහාරස්ථාන 150ක් සංරක්ෂණය කිරීම සඳහා ආධාර දෙනවා. ඒ වැඩ කටයුත්ත මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් ඉදිරියට ගමන් කරනවා. ක‍්‍රමානුකූලව ඉතිහාසයේ කොටසක් වන විහාරස්ථාන ආරක්ෂා කර ගත යුතුයි.
ඈත ගම්මානවල තිබෙන විහාරස්ථානවල විවිධ උත්සව සඳහා මා ගොස් තිබෙනවා. ඒවායේ පවතින දුෂ්කරතා පිළිබඳ හිතාගන්නවත් බැහැ. ඒවාට ආධාර කළේ නැති නම් ඉදිරියට පවත්වා ගෙන යාමට හැකියාව නැහැ. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එදා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ නාහිමියන් යටතේ බෞද්ධ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ඇති කළ අවස්ථාවේදීත් බොහෝ අය මුදලින් ඊට උපකාර කළා. කැලණිය විහාරස්ථානය පිළිබඳව මා දන්නවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එලෙස ආධාර උපකාර නොකළා නම් අද ඒ විහාරස්ථාන නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජය ඒ සඳහා කැපවී සිටිනවා.

දෙවැනි කාරණය නම් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාව සඳහා රන් වියන ලබා දුන්නා. එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් පසුව රන්වියන අලූත්වැඩිය කිරීම සඳහා එදා මා උපකාර කළා. නැවත වරක් රන් වියන අලූත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ මුදල රජය විසින් භාර ගත්තා. 

මෙරට බෞද්ධයන් පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන් ද ථෙරවාද, මහායාන, වජ‍්‍රයාන ආදී සම්ප‍්‍රදායන්හි බෞද්ධයන් ද ශ්‍රී දළදා මාලිගාවට පැමිණ වැඳුම් පිදුම් කරනවා. වෙනත් ආගම්වල පුද්ගලයන් ද පැමිණෙනවා. එසේ නම් දන්ත ධාතූන් වහන්සේ අපේ උපරිම ශක්තිය යොදවා ආරක්ෂා කර ගත යුතුයි. දෙවැනි කටයුත්ත ලෙස මා ඒ කාර්යය ඉටු කරනවා.

ආර්ථික ප‍්‍රශ්න පැවැතිය හැකියි. නමුත් වාර්තමානය වන විට ආර්ථිකය සම්බන්ධව යම් පාලනයක් ඇති කර තිබෙන නිසා රට සංවර්ධනය කරන අතරතුර එයින් කොටසක් මේ වැඩ කටයුතු සඳහා ද යෙදවිය යුතුයි.

මෙරට බුදු දහම ආරක්ෂා වී අග්නි දිග ආසියාව දක්වා ගමන් කළේ මහා විහාරයෙනුයි. ඒ නිසා මහා විහාරයේ සංරක්ෂණ කටයුතු කළ යුතුව තිබෙනවා. මෙතෙක් කල් මහා විහාරයේ කැණීම් කටයුතු වූයේ නැහැ. මා 2002x2003 වසරවල අග‍්‍රාමාත්‍යවරයාව සිටියදී එහි කැණීම් ඇරැඹූ පසු නැවත කිසිදු වැඩකටයුත්තක් වී නැහැ.

ඒ නිසා මහා විහාරයේ කැණීම් ඇරැුඹීමට මා විශේෂයෙන්ම කල්පනා කළා.
වර්තමානයේ ඉස්ලාම් භක්තිකයන් මක්කම බලා යනවා. කතෝලික බැතිමතුන් වතිකානුවට යනවා. එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේ උපන් ස්ථානය දැක ගැනීමට ජෙරුසලමට යනවා. ඒ ආකාරයට අපත් ථේරවාදී බුදු දහම ආරක්ෂා වූ මහා විහාරය සොයාගත යුතුයි. 

සීගිරියේ කැණීම් කටයුතු නම් අප විසින් ආරම්භ කර තිබෙනවා. මහා විහාරයේ වැඩ කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත්, මධ්‍යම සංස්කෘතික අරමුදලටත් භාර දුන්නා. නායක ස්වාමීන් වහන්සේ තම සංඝාවාසය එතැනින් ඉවත් කර කැණීම් සඳහා ඉඩ දුන්නා. උන්වහන්සේලාට වැඩ විසීමට වෙනත් ස්ථානයක් දෙනවා.
ථේරවාදී බුදු දහමේ ආරම්භක ස්ථානය වන මහා විහාරයේ වැඩ ඊළඟ වසර 10 ඇතුළතදී ඉටු කරනවා. එවිට අපට අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බර විය හැකියි. අප මෙතැනින් නතර කර නැහැ.

 බුදුන් වහන්සේ උපත ලැබූ මෙන්ම ජීවත් වූ ලූම්බිණිය, කපිලවස්තුපුරය ප‍්‍රදේශවල සංරක්ෂණ කටයුතු සඳහා ආධාර උපකාර කරනවා.
නේපාලයට උදව් උපකාර කළේ ජපානයෙන් පමණයි. ජපාන ආධාරවලට අනුව අපත් ආධාර දීමට තීරණය කළා. 2018 හා 2019 වර්ෂ වෙනුවෙන් ඩොලර් දසලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි 15ක් ඒ වෙනුවෙන් දෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලත් ඒ වෙනුවෙන් දායක වෙනවා. 

බුදුන් වහන්සේ උපත ලැබූ, ජීවත් වූ කපිල වස්තු පුරය, ලූම්බිණිය සංරක්ෂණය කරනවා යනු අපේ බෞද්ධ ප‍්‍රබෝදයක් ඇති වන කටයුත්තයි. බුදු දහම ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා නම් ඒ වැඩ කටයුතු කළ යුතුයි. බුදු දහම ආරක්ෂා කරන බව කියමින් බෙර ගැසීමෙන් පමණක් පලක් වන්නේ නැහැ. නේපාල රජය සමඟ සාකච්ඡා කර මුදල් දීමට අප තීරණය කළා.

2015 වසරේ නේපාලයේ ඇතිවූ භූමිකම්පාවෙන් විහාරස්ථාන ගණනාවක් විනාශයට පත් වුණා. ඉන් එක් විහාරස්ථානයක් සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අප කැපවී සිටිනවා. 

බෞද්ධ වැඩසටහන් සඳහා රජය නව අදහස් දෙනවා. පුරාණ විහාර සහ මහාවිහාර සංරක්ෂණය ද එවැන්නක් බව කිව යුතුයි. ශ්‍රී දළදා මාලිගාවේ රන්වියන අලූත්වැඩියා කිරීම මෙන්ම මහා විහාරයේ සංරක්ෂණ කටයුතු, කපිල වස්තු, ලූම්බිණිය සංරක්ෂණය සඳහා ආධාර උපකාර කිරීම තුළින් බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට පියවර ගන්නවා යයි’’ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ:

”අද අරඹන්නේ ඉතා වැදගත් පරිත්‍යාගයයි. කහ සිවුරු නැතිනම් සසුන රැක ගන්න බැහැ. ඒ බව අතීත රජවරුන් නම් ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා.
 අගමැතිතුමාගේ මිත්තනිය වන හෙලේනා විජයවර්ධන මැතිනිය වෙහෙර විහාර ආරක්ෂා කිරීම සඳහා මූලික වී ක‍්‍රියා කළා. අන්තවාදී අදහස් ඇති අය ලොව සෑම රටකම ඉන්නවා. අපේ බාල පරපුරට යහපත් මඟ පෙන්වා දෙමින් කටුයතු කළ යුතුයි.

රටේ කුඩා දරුවන්ගේ සිට යහ මඟට ගැනීමේ වගකීම පැවරී තිබුනේ භික්ෂූන් වහන්සේලාටයි. අගමැතිතුමාගේ පාර්ලිමේන්තු දේශපාලනයට 40 වසරක් පිරෙන අවස්ථාවේ වෙහෙර විහාරස්ථාන දියුණු කිරීම ගැන අප කෘතඥතාව පළ කරනවා.’’

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:

කිසිදු ආධාර උපකාර නොලැබෙන විහාරස්ථාන තිබෙනවා. අප රටේ විහාරස්ථාන 13,000කට වඩා තිබෙනවා. විදේශිකයන්ට දෙන පුරා විද්‍යා ටිකට්පත් මඟින් ලැබෙන ආදායමින් මේ උපකාරය කරනවා. විහාර 13,000න් සංරක්ෂණය කළ යුතු සියලූම විහාර රැකීම අපේ අරමුණයි.

පසුගිය දිනවල මේ අරමුදල ගැන දේශපාලන කතා පැතිරී ගියා. පිං පෙට්ටිවලට රජය අත තබන බව කියමින් ඇතැමුන් විවිධ කට කතා ගෙන ගියා. එය අලූත් දෙයක් නොවෙයි. මුදල් ගණනය කර නැවත විහාරස්ථානවලට බාරදීම සිරිතක් වශයෙන් කෙරෙනවා. බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය කිරීමට අප කැපවී ක‍්‍රියා කරනවා.

දඹුල්ල සිද්ධිය දැන් විසඳෙමින් තිබෙනවා. දඹුල්ලේ ආදායමෙන් 15% විහාරයට දෙන්නත් ඉතිරි 85% වෙහෙර විහාරස්ථානවලට පැවරීමටත් අප ගිවිසුම අත්සන් කළා. ඒ කටුයතු කරන්නේ මහා නායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිවයි.
ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ සුමංගල නාහිමියෝ:

‘‘ආණ්ඩුව පාතබා ඇත්තේ උත්තරීතර අවස්ථාවකටයි. අතීතයේ සිටි රජ දරුවන් බුදු දහම සුරැකි ආකාරය පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබෙනවා. දළදා වහන්සේගේ රන් වියන නැවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අගමැතිතුමන් විසින් බාරගත්තා. 
ඞී.එස් සේනානායක මහතා ඇරඹූ ගොවි ජනපද ව්‍යාපෘතිය නිසා කැලෑවෙන් වැසුණු පුරාණ වෙහෙර විහාරස්ථාන රැසක් යළි මතු කර ගැනීමට හැකියාව ලැබුණා. සෝමාවතී විහාරය වත්මන් තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමියා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළ යුතුයි. 

අගමැතිතුමන් කරන මෙහෙවර නිසා රටට ශාසනයට වන මෙහෙවර පිළිබඳව තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් මා සමඟ සිහිපත් කළා.’’
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිය ශාන්ත ගුණවර්ධන මහතා ද අදහස් දැක්වීය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (3)

ගම්වල විහාර සංරක්ෂණය කරන්න මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් යොදවනවා

sathish Thursday, 17 August 2017 11:37 AM

පන්සලේ පිං පෙට්ටියට තට්ටු කරන්න බැලුවා වැරදුණාම දැන් ආධාර දෙනවලු...

:       0       125

sathyayaa Sunday, 27 August 2017 10:43 PM

"එක් පැත්තකින් ආගම් අතර සංහිඳියාව ඇති කරන අතරම අනෙක් අතින් අපගේ බෞද්ධ උරුමය තව තවත් ආරක්ෂාකර......." මේකත් හරියට සමලිංගික සම්බන්ධයට ආශීර්වාද කරන ගමන් දරුවන් වැඩි වැඩියෙන් බිහි කරන්න කියා අම්මලාට කරන යෝජනාවක් හා සමානයි.

:       0       0

sathyayaa Monday, 28 August 2017 11:41 PM

පික් පොකට් ගහන හොරා වින්දිතයාගේ ඇඟට හේත්තුවෙන තරමට සල්ලි ටිකට විදීම පහසුයි කියල හොරා විතරයි දන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1596 30

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3192 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1459 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4503 53

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1327 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1222 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site