(හසිත රංග ගුණතිලක)
කුලී රථ සේවා සඳහා නියාමනයක් සහ ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය අද (13) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.
මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියාපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි.
වැඩිවූ තෙල් මිලට සරිලන සධාරණ මිලක් ලබාදීම, පාලන මිලක් නියම කිරීම, කුලී රථ සේවා සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වා දීම යනු ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයකි.
විරෝධතාව අතරතුර නියෝජිතයන් පිරිසක් තම ගැටළු ඇතුලත් සංදේශයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතාට භාර දුන්නේය.
කුලී රථ සේවාව සඳහා කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා බවත් රියදුරන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන බවත් අතිරේක ලේකම්වරයා පොරොන්දු වූ බව එම සංගමයේ සභාපති චරිත් අත්තනපොල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුලීරථ හිමිකරුවෝ කොටුවේ උද්ඝෝෂණයක