(ලසන්ත නිරෝෂණ පෙරේරා)
සබරගමු පළාත් රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල රැකියා ස්ථිර නොකළ සේවකයෝ පිරිසක් සබරගමු පළාත් සභාව ඉදිරිපිට අද(22) විරෝධතාවක නිරත වූහ.
පසුගිය 2015, 2016 වර්ෂවලදී සබරගමු පළාත් රෝහල්වල සේවයට බඳවාගත් තමන්ගේ රැකියා ස්ථිර කරදෙන ලෙස අවස්ථා කිහිපයකදි සබරගමු පළාත් බලධාරීන් දැනුවත් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොලද බව උද්ඝෝෂකයෝ පැවසූහ.
නියෝජිතයින් 5දෙදෙනෙකු සබරගමු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය වෙත කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම සාකච්ඡාවට සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ද සහභාගි වූයේය. තම ගැටළුවලට නිසි පිළිතුරක් නොලද බව පවසමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය යළිත් සබරගමු පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවට එක්වූහ.
පුහුණු කාලය අවසන්ව වසර හතරක් ගෙවී ගියද මෙතෙක් සේවය ස්ථිර නොකිරීම නිසා සබරගමු පළාතේ රෝහල්වල කනිෂ්ඨ සේවකයින් සිය ගණනක් දැඩි අපහසුතාවයට ලක්වී සිටිතැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු තැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසුහ. රෝහල් කනිෂ්ඨ සේවකයින්ගේ රැකියා ස්ථිර කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිවිය යුතු බව සබරගමු පළාත් සභාවේ බලධාරීන් පවසා තිබේ.
පවතින තත්ත්වය හමුවේ තමන්ට නිවාඩු හෝ දීමනා නොලැබෙන බවද රෝහල් කනිෂ්ඨ සේවකයෝ පැවසුහ.
බොරු පොරොන්දු නොදී කඩිනමින් තම සේවය ස්ථිර නොකළහොත් සබරගමු පළාත් සභාව අසළ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ද වෘත්තීය සමිති නියෝජිතවරු සඳහන් කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සබරගමු රෝහල් කනිෂ්ඨ සේවක පිරිස විරෝධතාවක