(ජේ.කේ.එල්. චාමින්ද)
ඉදිරි මහ කන්නයේ දී ගොවීන්ට සහනාධාර පොහොර ලබාදිම සදහා පොහොර කුපන්පතක් හඳුන්වා දිමට පියවර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නිතිඥ මොහාන් පී ද සිල්වා මහතා පවසයි.
හබරාදුව ප්‍රදේශයේ පැවති පිළිගැනිමේ රැස්විමකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ඉදිරි මහ කන්නයේ දී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාදිම සදහා වැඩපිළිවෙළක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සකස්කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් විසින් සහනාධාර පොහොර කූපන්පත නිර්දේශ කරනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා තමයි සහනාධාර පොහොර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේ දී මේ සදහා ගොවිජන සේවා මධ්‍යස්ථාන ශක්තිමක් කිරිමට කටයුතු කරනවා. මේ වැඩපිළිවෙළ යටතේ සැබෑ ගොවියාටම තමයි පොහොර සහනාධාරය හිමිවන්නේ. කුඹුරු වගා සඳහා හෙක්ටයාර් 2කට හා අනිකුත් බෝග සඳහා හෙක්ටයාර 1ක පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.
පොහොර සමාගම්වලට සම්බන්ද නිලධාරින් ගෙන්වා මේ ගැන සාකච්ඡා කළා. ඉදිරි මහ කන්නයේ දි කිසිදු හිගයකින් තොරව පොහොර ලබාදිමට හැකි බවට පොහොර සමාගම් පොරොන්දු වුණා.පසුගිය යහපාලන රජය පැවති කාලයේ පොහොර සමාගම් දෙකකට පොහොර ගෙන්වීමට ලබාදිලා තිබුණේ 10%යි. එම ප්‍රමාණය අපේ රජය මගින් 40% දක්වා වැඩිකළා. මේ සදහා පොඩි කාලයක් අවශ්‍ය වෙනවා.
ඉදිරියේ දි ගොවිජන සේවා මධ්‍යස්ථාන ශක්තිමක් කොට කෘෂිකාර්මික යන්ත්‍රොපකරණ ලබාදිමට කටයුතු කරනවා .පස් පරික්ෂා කිරිමට අවශ්‍ය උපකරණ ලබාදෙනවා යැයි ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සහනාධාර පොහොර ලබාදෙන්න කූපන්පතක්