IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපතිවරණයට පසුව - සභාපති සමන්ත ඉන්දීවර

 

 

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 ට යෙදීම නිසා පශ්චාත් මැතිවරණ කටයුතු කෙලෙස සිදුවේදැයි අපේක්ෂා කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කීය.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 20 සිට 29 තෙක් බවද ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වී මේ වසරට වසර 25ක් සැපිරීම සුවිශේෂ කාරණයක් නිසා ප්‍රදර්ශනය  උත්කර්ෂවක් දෙස ලෙස සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ප්‍රධාන ආරාධිතයා වශයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කටයුතු කර දැනට ජීවතුන් අතර සිටින පෙර සභාපතිවරු 06 දෙනෙක් සහභාගි කරගන්නා බවද ඉන්දීවර මහතා සඳහන් කළේය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙතෙක් කළ මෙහෙවර පිළිබඳව ජනතාවට මෙවර ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය .මෙවර ප්‍රදර්ශනයේදී පොත් කුටිවල වැඩිවීමක් සිදු නොවුණත් ක්‍රියාකාරකම් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද සමන්ත ඉන්දීවර මහතා සඳහන් කළේය.



අදහස් (0)

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපතිවරණයට පසුව - සභාපති සමන්ත ඉන්දීවර

ඔබේ අදහස් එවන්න

සාහිත පුවත්

මාධ්‍ය මග
2024 සැප්තැම්බර් මස 10 7 0

එම් ඉන්ද්‍රජිත් ගේ මාධ්‍ය මග


වැහිපපීල්ලක අතරමංව
2024 සැප්තැම්බර් මස 10 11 0

යසස් සමන්ත වීරසිංහගේ වැහිපපීල්ලක අතරමංව


අවසන් විසඳුම
2024 සැප්තැම්බර් මස 10 8 0

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා විසින් රචිත අවසන් විසදුම


රෝස්ගේ කතාව
2024 සැප්තැම්බර් මස 10 11 0

කුලියාපිටිය සුරදුත බාලිකා මහා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියානා ලිතුලි රචනා කල ප්‍රථම ළමා නවකතාව


උසස් පෙළ සිංහල සාහිත්‍ය විචාර ප්‍රවේශය - 1
2024 සැප්තැම්බර් මස 03 14 0

මාධ්‍යවේදී නාට්‍යවේදී විදුර අබේනායක ගේ උසස් පෙළ සිංහල සාහිත්‍ය විචාර ප්‍රවේශය - 1


අලි කුලප්පුව
2024 සැප්තැම්බර් මස 03 17 0

The wild Elephant and The Method of Capturing and Taming නමැති කෘතිය කුසුම්සිරි විජයවර්ධන අලි කුලප්පුව නමින් පරිවර්තනය කර ඇත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site