IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ගොළු හදවත ඇත්ත කතාව

සාහිත රස කතා

දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය .

" ෂ්  ෂ්  ෂ්  ", පන්තියෙන්  පිටතින් ශබ්දයක් ඇසුණි .

පන්තියත්  කොරිඩෝවත් වෙන් කරන කෙට්  බිත්ති කැබැල්ලට ඉහළින් කොටු දැල් අතරින් ඇය සිනහසෙමින්  සිටියාය .

"ඕනෙද ? "   කොටු  දැලෙන් එහා පැත්තෙ සිටි දමයන්ති අත්ල විදහාලමින් ආරාධනාත්මක බැල්මක්  හෙලුවාය .

සුගත් වීරසේකර පන්තියේ  පිටතට  ගොස්  ඇය අතවූ වෙරළු ගෙඩි කීපය තම  අත්ලට  ගෙන මිට  මොලවා  ගත්තේය .

"යාළුවන්ට   කියන්න  එපා " ; සිනහවෙමින්  පැවසූ දමයන්ති  කොරිඩෝව  දිගේ  ඈතට  දිව යනු  සුගත් බලාගෙන සිටියේ ය .

මිට මොලවා ගත් අතළ දිගහළ  සුගත් එම  වෙරළු  ගෙඩි  නැහැයට  සමීප  කළේය.

දමයන්ති ගේ කුඩා  ටොෆි  පෙට්ටියේ තිබූ  කියුටිකිරා  පියර  සුවඳ  ඔහුගේ  නැහැපුඩුවලට  දැනෙන්නට  විය.

එක් දහස් හැට  ගණන්වල ,යොවුන් වියේ  එළිපත්තේ  සිටි මා  ඇතුළු බොහෝ  දෙනා ප්‍රේමයේ  විරහවෙන්  මුසපත්  කළ  "ගොළු  හදවත  " නවකතාවේ ,සුගත්  සහ  දම්මි  අතර
සබැඳියාව  ඇරඹෙන්නේ එවැනි සිද්ධි මාලාවකිනි.

එකල  යොවුන් වියේ සිටි  අප  බොහෝ  දෙනෙකුගේ  ප්‍රේමයේ  බයිබලය  වූයේ   කරුණාසේන  ජයලත් ගේ ගොළු හදවත  නවකතාව.

ජී  එස්  ප්‍රනාන්දු   චිත්‍ර ශිල්පියා විසින්  "ගොළු  හදවත   " මුල්  පොත  සදහා ඇද  තිබූ පිටකවරය  තවමත්  මට  මතකය.

එහිවූයේ  එක  අතක්  දිගුකරගෙන  මේසයක් වැනි යමක්  මත හිස තබාගෙන සිටින  තරුණයකි.ඔහු  ඉදිරිපිට  මේසයේ වීදුරුවක්  පෙරළී  එහි  කිසියම්  දියරයක්  ගලායමින්  තිබුණි.

1962 වසරේ රාජ්‍ය  සාහිත්‍යය  සම්මාන  උළෙලේ දී හොඳම  නවකතාව  සදහා  සම්මාන  හිමිවූ   ගොළු  හදවත  නවකතාව  මෙතරම්    තරුණ  හදවත්  වලට  සමීපවූයේ  එය කරුණාසේන ජයලත් ගේ  පුද්ගලික  අත්දැකීමක්  නිසාය  යන්න එම  අවදියේත්  සාහිත්‍යය  ලෝලීන්  අතර  කතා බහක් විය.

එය  ස්ථිරවූයේ 2005  වසරේදී   ,  ඩී  . බී .කුරුප්පු  තම  ජීවිත කතාව  "හැන්දෑවට  පායන  හිරු  " යනුවෙන්  ප්‍රකාශයට පත්කිරීම ත්   සමගය.

කුරුප්පු  ,කරුණාසේන ජයලත්  හදුනාගන්නේ  ඔවුන්  හොරණ  තක්ෂිලාවේ ඉගනුම  ලබමින් සිටියෙදීය 
එකල ඔහු  හැදින්වූයේ  ඩී  . කේ.  ජයලත්   යනුවෙනි .

සුගත්  ,දම්මි  ,නිහාල්  ,  තුන්කොන්  පෙම්කතාව  ඩී  .බී .කුරුප්පු  එනම් බෝල්ඩ්වින්  කුරුප්පු  හැන්දෑවට  පායන හිරු  
තම  ජීව්ත  කතාවේ  විස්තර  කරන්නෙ  මෙසේය.

" තක්ෂිලාවේ  මා  ඇතුළුවන  පන්තියේ ම දැරියක් මා කෙරෙහි  විශේෂ  අවධානයක්  යොමු කළාය. එය  අන්‍යෝන්‍ය  ප්‍රේමයක්  බවට  පත්වූයේ  අනුක්‍රමයෙනි. පන්තියේ  දී  හැර අප දෙදෙනාට මුණගැහෙන්නට  අවසරයක්  නොවීය. අවම වාච්ක සන්නිවේදනය  සහිතව  ක්‍රියාත්මක  අප  බැඳීම  ක්‍රමයෙන්  වැඩුණි."

කරුණාසේන ජයලත්  උගත්තේ  බෝල්ඩ්වින් කුරුප්පු ගේ  අල්ලපු  පන්තියේය.පන්ති දෙකේ  ඉගනුම  ලැබුවත් දෙදෙනා  ගජ  මිතුරෝය.

බෝල්ඩ්වින් ගේ  පන්තියේ  ගැහැනු ළමයින් සමග එකතුවී කරනා  කතා  බහට  ජයලත් ද  එකතු විය.ඔහු දැරියන් අතර ජනප්‍රිය  සිසුවෙක් විය.

"දැරියන්  සමග මෙසේ නිදැල්ලේ  කතා බහ කරන අතර  වාරයේ  ජයලත් එක  දැරියක්  කෙරෙහි  ඇදී  ගියේය. ඒ මා සිත්ගත්  දැරියම  බව  තබා  ඔහු  දැරියකට පෙම්කරන  බවවත්  මම නොදන්නෙමි. මේ සියල්ල  මා දැනගන්නේ  ගහෙන්  ගෙඩි  එන්නා  සේය."

එක්  දිනක්  මම  උදෙන්ම  හොරණ කළු මහත්තයා ගේ  පොත් සාප්පුව ට  ගොඩවීමි.එහි  ජයලත්  ලොකු  ලිපියක්  මට  තබා  තිබුණි.

පෙම්  බැඳුම  පමණක්  නොව අනපේක්ෂිත ආකාරයට  එය  හමාර කිරීමට සිදුවීමෙන්  ඇතිවූ  චිත්ත  වේදනාවද  එහි  දීර්ඝව  ලියා  තිබුණි.  

තමන්  සහ තම  මිතුරා  ජයලත්  පෙම්කර  ඇත්තේ එකම  තරුණියකට  බව බෝල්ඩ්වින් කුරුප්පු  දැනගන්නේ  එව්ටය.

කරුණාසේන ජයලත්  සහ  ඩී  .බී.කුරුප්පු ගේ  ආදරයට  මැදිවන   හොරණ තක්ෂිලාවේ ඉගනුම ලැබූ  ඇය පද්මා  ලාලනි  කුරුප්පු ය .

කරුණාසේන ජයලත් ගේ  ගොළු හදවත නවකතාවේ  කියවෙන්නේ  , ඩී  බී.  කුරුප්පු  ,කරුණාසේන ජයලත්  පද්මා  ලාලනී  අතර  ඇතිවන තුන්කොන් පෙම්කතාවය. 

පද්මා ලාලනි දම්මිය.
ඩී බී  කුරුප්පු  නිහාල් ය.

කරුණාසේන ජයලත්  සුගත්ය.

මීට  වසර  කීපයකට  පෙර  පද්මා  ලාලනි  මියගිය  අතර  ලක්බිම ඉරිදා සංග්‍රහය  වෙනුවෙන් ලිපියක් ලියන්න  පද්මාගේ  දියණිය  ශ්‍යාමා ගුණරත්න මුණගැසුනෙමි.

"ජයලත් අංකල්  ගොළු හදවත නවකතාවේ  ලියල  තියෙන  බොහොමයක්  ඇත්ත .අම්ම  මං  එක්ක  ඒවා  කියල  තියෙනවා ."

ගොළු හදවත නවකතාවේ දම්මි ඉස්සර වෙලාම වෙරළු ගෙඩි  දෙනව  කියලයි  ජයලත්  අංකල් ලියල  තියෙන්නේ.ඒත් අම්ම  කිව්වෙ  අම්ම ඉස්සෙල්ලාම   ජයලත්  අංකල්ට  දුන්නෙ  කටු ලොවි  කියලා.

එදාම අම්මගෙ  පැන්සලේ  තුඩ  කැඩිල ජයලත්  අංකල්ගෙන් පැන්සලක්   ඉල්ල  ගත්තෙ .එදාම  ඉස්කෝලේ  ඇරිල  එද්දි අම්ම ජයලත් අංකල් ගෙන්  ටොෆි  ඉල්ල  තියෙනවා . ඒ  සිද්ධින්  ගොළු  හදවත නවකතාව ට  ඇතුළත්වෙලා  තියෙනවා. ශ්‍යාමා  ගුණරත්න  තම  මවගෙන්  අසාගත්   තොරතුරු  මා  සමග  පැවසූවාය. 

සුගත්  සහ දම්මි  ගොළු  හදවතේ රබර්  යාය  මැද්දෙන් දම්මිගේ  නිවෙසට  සාරි  ගෙනයෑමට  ප්‍රථම  ,පද්මා   සහ  ජයලත්  එම  රබර් ගස්  යාය  මැදින් සාරි  ගෙන ඒමට පද්මාගේ  පුංචම්මාගේ  නිවෙසට  ගියහ.

හොරණ තක්ෂිලාවෙන් පසු  ඩී බී. කුරුප්පු  කොළඹ  නාලන්ද  විදුහලේත්.කරුණාසේන ජයලත්  නුගේගොඩ  නාලන්ද  ඇකඩමියේත්,  පද්මා ලාලනි  මොරටුව  කන්‍යාරාමයේත්   ඉගෙනුම  ලැබූහ.

තක්ෂිලාවන් සමුගත්  පසු  ජයලත්  කුරුප්පු,පද්මා  නැවත  මුණගැහෙන්නේ ගොළු හදවත නවකතාවේ කියවෙන  පරිදි තක්ෂිලාවේ  පැවැත්වෙන   සැණකෙළියකදීය.

අම්ම  මට  කියල  තියෙන විදියට  එදා  සැණකෙළියේදී  අම්ම  බෝල්ඩ්වින් අංකල්  එක්ක  ඉන්නව ජයලත් අංකල් දැකල තියෙනවා .එයා  මොනවා හරි බිබී  හිටිය  වීදුරුව  බිඳිලා  පොඩිවෙනකම්  අතින්  මිරිකුවලු.  අත  තුවාල වෙලා  ලේත්  ආවලු.හැබැයි  ඒක  නවකතාවේ   නැහැ.

නමුත්  මේ තුන්කොන්  සත්‍යය  ප්‍රේම කතාවේ කිසිවෙකු  එකිනෙකා   සමග විවාහ වූයේ  නැත.



අදහස් (1)

ගොළු හදවත ඇත්ත කතාව

ANUSHA Tuesday, 11 February 2025 10:59 AM

හරිම දුකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සාහිත රස කතා

ගොළු හදවත ඇත්ත කතාව
2025 පෙබරවාරි මස 11 123 1

දවල් විවේක කාලයේ පන්තියෙන් බැහැරට නොගිය සුගත් වීරසේකර පන්තියේ තම අසුනේ වාඩි වී පොතක් බලමින් සිටියේ ය .


ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා
2025 පෙබරවාරි මස 04 569 1

ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය.


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -3
2025 ජනවාරි මස 28 671 1

‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේ


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි - 2
2025 ජනවාරි මස 21 754 2

මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි.


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -1
2025 ජනවාරි මස 14 1135 1

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 88 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 887 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site