(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
වරාය අධිකාරියේ 2017 සමස්ත වියදම රුපියල් මිලලියන 30,190 ත් බවත් එය 2016 වසරේ තිබු වියදම වන රුපියල් මිලියන 33005 සමඟ සසඳන විට රුපියල් මිලියන 2815 ක් වියදම් අඩුවීමක් වන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම ලාභ ලැබීම මෙරට වරායන්හි තිරසාර පැවැත්මට රුකුලක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වරාය අධිකාරිය මෙවැනි ලාභයක් ලැබීමට හේතු වූ ප්‍රධාන කරුණ වන්නේ හම්බන්තොට වරාය බදුදීම සමඟ වරාය අධිකාරිය ගෙවීමට තිබු ණය ඉවත්වීම යැයි ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ ලබා ඇති ලාභය කොළඹ ඇතුළු අනෙක් වරායන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සඳහා යොදවන බව ද අමාත්‍යවරයා පැවැසීය.
වරාය වරාය හා නාවික ඇමති මහින්ද සමරසිංහ මහතා වරාය අමාත්‍යංශයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. ඔහු මෙසේ ද පැවැසීය.
“ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හම්බන්තොට ණය වෙනුවෙන් අධිකාරිය ගෙවා තිබෙනවා. හම්බන්තොට ගිවිසුම අස්සන් කළ පසු ගෙවූ රුපියල් මිලියන 8 ක් පමණ වූ මුදල යළි වරාය අධිකාරිය වෙත ලැබෙනවා ඇති.
වරාය අධිකාරිය ලැබු ලාභ සමඟ වරාය සේවක වැටුප් වැඩි කිරීිමට කටයුතු කර තිබෙනවා. එහි වෘත්තිය සමිති සමඟ අස්සන් කළ ගිවිසුම අනුව රුපියල් 10000 ක් බැගින් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වෙනවා.
එය ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගෙවනවා ඇති. ඒ අනුව ඉකුත් මාස දෙකේ හිඟමුදල ලඟදීම ගෙවනවා. මේ 10000න් 5000 ක් වැටුපට එකතු කරනවා. මේ නිසා අර්ථසාධක ඊටී එෆ් පාරිකෝෂික ඇතුඵ දීමනාවන්ද වැඩිවෙනවා ඇති. මෙම වැඩ පිලිවෙළේ අරමුණ ලාභය ලැබීමට දායක වුණ පිරිස් අමතක නොකිරීමයි.
මේ සඳහා මිලියන 2300 ක් වැයවෙන බව ගණන් බලා තිබෙනවා. ඒ වගේම වෘත්තිය සමිති 24 න් 21 ක් සාමුහික ගිවිසුමට අස්සන් කර තිබෙනවා.
වරාය අධිකාරිය 2015 වසර වනවිට රුපියල් මිලියන 14168 ක අලාභයක් ලබා තිබුණා. එය 2016 වනවිට බිලියනයක ලාබ ලැබුවා.
2017 දී වරායෙන් වාර්තාගත ලාභයක්
Recommended Articles