
(අංජුල මහික වීරරත්න,ප්රසාද් රුක්මල් සහ ප්රසන්න පද්මසිරි)
ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.
ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය.
"අපි මෙතන කතා කරන්නේ නිකම්ම ඔලු ගෙඩි ගැන විතරක් නෙමෙයි.ඔලු ගෙඩි ගාන බැලුවොත් අතිවිශාල ගානක් සිටිනවා.මේ රැස්ව සිටින්නේ දේශපාලනික වශයෙන් අවබෝධයෙන් සිටින දේශපාලන ක්රියාධරයන් පිරිසක්.අපි කාන්තා දේශපාලනයේ ගුණාත්මක වෙනසක් ඇතිකර තිබෙනවා.ඔබ විසින් හොරකම් නොකරන අදූෂිත පාලනයක් ගොඩනගා තිබෙනවා.
අපේ ගමන ආරම්භ වුණේ ඔබ සමග. අප පවතින්නේ මෙන්ම ඉදිරියට යන්නෙත් ඔබ සමඟයි.ජනතාව අතහැර යන ගමනක් මේ ආණ්ඩුවට නෑ යනුවෙන්ද අග්රාමාත්යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd