2017 වසරේ අපනයන ආදායම ඩො.බි 15ක් - අගමැති


(රොමේෂ් මධුෂංඛ)
 
මෙරට අපනයන ඉතිහාසයේ වැඩිම ආදායම 2017 වසරේදී වාර්ථා වූ බවත් එය ඩොලර් බිලියන 15ක් බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) වව්නියාවේදී කියා සිටියේය.
 
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහනය වෙනුවෙන් අද (31) වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.
 
 
එහිදී ජනතාව ඇමතූ අග්‍රාමාත්‍යතුමන් වැඩි දුරටත් කියා සිටියේ,
 
‘‘මෙරටට අපනයනයෙන් ඩොලර් බිලියන 15ක් ලැබුනා වගේම අපේ රටට වැඩිම විදේස් ආයෝජනයෙනුත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලැබුණා මේකෙන් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ මේ මුදල් දෙගුණයක් කරන්න ඕන මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න ඕනනම්
 
අපේ රටේ වරායන් දෙකක් තියනවා කොළඹ සහ හම්බන්තොට වරායන් හම්බන්තොට වාරායත් දැන් සුදු අලියෙක් නෙමෙයි එකෙන් දැන් ආදායම් ලබනවා ගුවන්තොටුපලවල් දෙකක් තියනවා මේවා ඉලක්ක කරගෙන තමයි අපි වෙළඳ කලාප සංචාරක කලාප හදන්නේ ජපානයෙන් මහනුවර සංවර්ධනය කරන්න සැලසුම් කරල තියනවා .
 
‘‘දෙවන අදියරකුත් තියනවා ලංකාවට වරායවල් තුනක් තියනවා මම දෙකක් ගැනයි කතා කලේ ඒ දෙක වගේම අපි දියුණු කරනවා ත්‍රීකුණාමලයයි මහනුවරයි අපි එකතු කරනවා බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රීකුණාමලය දියුණු වෙනකොට ඒකේ වාසිය වන්නියේ ජනතාවටත් ලැබෙනවා ,
 
අපි මේ වන විටත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සංචාරක කලාපයක් ආරම්භ කරන්න යනවා ඒ පැත්තෙන් සංචාරක කලාපයක් මේ පැත්තෙන් වරායක් මේ විදිහට 2025 වෙනකොට අපි මේ රට දියුණු කරල පෙන්වනවා, මේ ඕක්කටම ඉස්සෙල්ලා අපි වව්නියාවේ ගෙවල් 5000 ක් හදලා දෙන්න අපි තීරණය කරල තියනවා. 
 
ඒවගේම යුද්දේ නිසා අතුරුදහන් වූවන් ගැනත් හොයන්න ඕන ඒ අය ගැන හොයන්න අපි නීතිය සකස් කරල තියනවා සභාව පත් කරන්න තියනවා අපිට මේවා පැය 24න් කරන්න බැහැ ඒකට අපිට ගමේ ආණ්ඩුව භාරදෙන්න.   යනුවෙනි.‘‘