අත් සෝදා චීනය පරදවයි


 

ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින්  එක් දිනක වැඩිම දෑත් සේදීමේ  පිරිස ඇති රට වශයෙන් මෙම වසරේ වාර්තාව ශ්‍රී ලංකාවට හිමි විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ඇලදුව දෙමළ විද්‍යාලයයේදී පැවැති උත්සවයකදී ගිනස් වාර්තා කමිටුවේ සභාපති ජැක් බ්‍රොක් බෑන්ඩ් මහතා  ඒ සඳහා හිමි සහතිකය යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ සිද්ධාර් බෙනර්ජි වෙළෙද නාම කළමණාකරු සාලිත අලහකෝන් යන මහත්වරුන්ට පිරි නැමීය.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස සහ ළමාරක්ෂක සභා කටයුතු අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, පලාත් සභා මන්ත්‍රි සෙනල් වෙල්ගම යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

චීනයේ එක් දිනකදී තබා තිබු වාර්තාව දෙසීයකි ශ්‍රී ලංකාව එය අභිබවා යමින් හයසීය දෙනෙක් දෑත් සේදූහ

DSC01773 DSC01782 DSC01786 DSC01789 DSC01802 DSC01808 DSC01835 DSC01845 DSC01846  DSC01856 DSC01865