( තිළිණි ද සිල්වා )
අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත්වන හෙයින් ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරනු ලැබ ඇත.
බටහිර අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම හා පුළුල් කිරීම, සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීම, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අනුගත වීම යන අරමුණු පෙරදැරිව බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) 1995 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර, බටහිර අප්‍රිකානු රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒ අතුරින් රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලැබේ.