(හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලන ප්‍රතිපත්ති කුමක් වුවත් එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව ‘ජාතික එකමුතුව සහ ආර්ථිකය ප්‍රතිපත්තිය’ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කිසිදු අවස්ථාවක වෙනස් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාතික ආණ්ඩුවේ සියලු පාර්ශව මූලික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟත්වය පළ කළ බවත් රටේ කුමන දේශපාලන තත්ත්වයක් පැවැතිය ද මූලික ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් වික්‍රමසිංහ මහතා කියයි.
‘දකුණු ආසියාව ලෝකයට විවෘත කිරීම’ යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (06) පැවැති ‘සාර්ක් ආයෝජන සමුළුව 2017’ ආරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
“රටේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් තිබෙනවා. පක්ෂ දේශපාලනය තිබෙනවා. ඕනෑම කෙනකුට ඕනෑම දේශපාලනයක නිරත විය හැකියි. දකුණු ආසියාවේ පක්ෂ දේශපාලනය හොඳින්ම දකින්න තිබෙනවා. ශ්‍රී ලංකාවේ අපිත් පක්ෂ දේශපාලනයේ නිරත වුණා. ප්‍රධාන පක්ෂ දෙක වරින් වර බලයට පත්වුණා. එක් පක්ෂයක් අනෙක් පක්ෂයට චෝදනා කරමින් දේශපාලනයේ නිරත වුණා. එහෙත් මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සම්මුතියකට පැමිණියා. අපි මූලික ආර්ථික ප්‍රතිපත්තියකට එකඟත්වය පළ කළා. දේශපාලනය කුමක් වුවත් එම ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ.
රටේ මොන දේශපාලනය තිබුණත් ශ්‍රී ලංකාවේ ජාතික එකමුතුව සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුව වෙනස් වන්නේ නැහැ. රටේ ආර්ථික, සාමාජික හා දේශපාලන ආදී සියලු තීරණ ගනු ලබන්නේ ජාතික එකමුතුව පවතින අයුරින් සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුවයි” යැයි ද අග්‍රාමාත්‍යවරයා මහතා ප්‍රකාශ කරයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)