අලෙවි කළ නොහැකි වු මඤ්ඤොක්කා මිලට ගන්නැයි හදබිම අධිකාරියට උපදෙස්



 
(නිමල කොඩිතුවක්කු)
   
අලෙවි කර ගැනීමට නොහැකිව සිටින කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගොවීන් සතු මඤ්ඤොක්කා කිලෝ ග‍්‍රෑම් ලක්ෂයක තොගයක් වහාම මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම  අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ‍්‍රී ලංකා හදබිම අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.


අතරමැදියන් විසින් ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැනිම වැළැක්විම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


එම මඤ්ඤොක්කා තෙගය සහන මිලක් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ‍්‍රි ලංකා හදබිම අධිකාරිය වෙත උපදෙස් දෙනු ලැබීය.