අවුරුදු තුනකින් ලක්ෂ 40 ක් සංචාරකයෝ එති


මෙරට සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව හෝටල් දෙකක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

පලටුපාන, යාල සහ වැලිගම මුල් කර ගනිමින් මේ යෝජනාව ක්‍රම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

2020 වන විට සංචාරකයින් ලක්ෂ 40 ක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා නව හෝටල් කාමර 75,000ක් අවශ්‍යව ඇතැයි අපේක්ෂා කරයි.