නාලක සංජීව දහනායක
මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් මේ බව අණාවරණය වී ඇතිබවද අමාත්‍යංශය කියයි.
සතුන්ගෙන් සිදුවන හානි, අස්වනු නෙලා ගැනීමේදී සිදුවන හානි මෙන්ම නිසි මිළක් නොමැතිකම නිසාවෙන් ඇතැම්විට වගාවන් අත්හැර දැමීම වැනි කරුණු ඊට බලපාන බවද හෙළිවී ඇත.
මෙරට වගාකරන බෝගවර්ග වලින් වාර්ෂිකව සියයට 30ක් රිළවා, වඳුරා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා හා අලියා වැනි වනසතුන් විසින් විනාශකරන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබේ.
එමෙන්ම පසු අස්වනු නාස්තිය හා නියඟය නිසා වගාකරන බෝගවලින් තවත් සියයට 30 ක් පමණ විනාශවේ. ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් සියයට 40 පමණ යොදාගන්නා බවද එම පර්යේෂණයෙන් අනාවරනවී ඇත.
මෙම හානිය අවම කර ගැනිම සඳහා නවීන තාක්‍ෂණය යොදාගැනීම, අස්වනු නෙලා ගැනීමේදී භාවිතාකළ යුතු දියුණු ක‍්‍රම හා ඒ පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් ගොවීන්ට ලබාදීම මගින් පසුඅස්වනු හානිය අවමකර ගත හැකිබවද චීන පර්යේෂණ කණ්ඩායම පෙන්වාදී තිබේ.
අස්වනු හානිය කෝටි 18000 යි
Recommended Articles