ආනයන අපනයන බලපත අන්තර්ජාලයෙන්


( තිළිණි ද සිල්වා )

දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු වල දී ලිපි ලේඛන අතර ප්‍රමුඛ වන ආනයන අපනයන බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම සැලසේ.
 
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.
 
www.imexport.gov.lk සහ www.gov.lkයන වෙබ් අඩවි වලට  පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිවේ.

මේ අනුව ආනයන අපනයන බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අයදුම්පත ඉහත වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී අයදුම්කරු  සම්පුර්ණ කිරීමෙන් පසු ඒ ඔස්සේම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමේ පහසුකම මෙම පද්ධතිය මගින් ලැබේ.
 
තවද මෙම ආනයන අපනයන බලපත්‍රය නිකුත් කිරීම සඳහා සෙසු ආයතන 23ක් මගින් අවශ්‍යය කෙරෙන නිර්දේශ සහ අනුමත කිරීම් සඳහා අයදුම්පත මෙම පද්ධතිය මගින් ස්වයංක්‍රීයව යොමු වන බවද ‍එමගින් බලපත්‍ර අයදුම්කරුවන්ට ඉතා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා ගැනිමට හැකිවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.