ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක්


රංජන් කස්තුරි 
 
ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

 
මේ අතර කොළඹ හෙට්ටිවීදිය රත්තරන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවන් සඳහන් කළේ නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64000 පමණ දක්වා ඉහළ නගින බවය.