ආයෝජකයන්ට ලංකාව හිතකර බව ඇමති මංගල කියයි


වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ගොඩනැගී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජිනීවා හිදී ජර්මානු නියෝජිතයින් පිරිසක් අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේය.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නව පාලනය මගින් හිතකර තත්ත්වයක් උදා කර ඇති බවයි.මේ වන විටත් ශ්‍රී ලංකාව ජර්මානු සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති බව එහිදී  අමාත්‍යවරයා කීවේය

එසේම ලංකාව තුළ වර්තමානයේ අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනගා ඇති බැවින් ආයෝජකයින්ට බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව ඇති බව  හෙතෙම පෙන්වා දුන්නේය.

ජර්මනිය සමඟ පවතින ද්වීපාර්ශවික ගනුදෙනු තවත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රීලංකාව අපේක්ෂාවෙන් සිටින බව මංගල සමරවීර අමාත්‍යවරයා කීයේය.