නීති විරෝධී කටයුතු කිරීමට සූදානම්වන අය දුර තියා හඳුනාගැනීමේ පහසුකම් හිමිවන තොරතුරු තාක්ෂණ හා වීඩියෝ පද්ධතියක් හඳුන්වාදීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
මෘදුකාංග උපයෝගී කරගෙන පොදු හා පෞද්ගලික ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතිය හඳුන්වාදෙන ප්‍රීමා මැනේජ්මන්ට් සර්විස් ආයතනය නවීන ජංගම නිරීක්ෂණ සේවා වෑන් රථයක් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පිරිනැමීය. එය නිල වශයෙන් ජනපතිට බාර කැරිණි.