ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත


ලොව පුරා රටවල් 27 ක පැතිරී ඇති ඉතාලි ආර්නෙග් කර්මාන්ත ජාලය තවත් ප්‍රජා සත්කාරයක් කරමින් ඉන්දියාවේ  තානේ දිස්ත්‍රික්කයේ මනොරා ග්‍රාමයේ දිලිදු පවුල් 15ක කුඩා දරු දැරියන් 20 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

 ආර්නෙග් කර්මාන්ත ජාලයේ ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිලධාරීන්ගේ පරිත්‍යාගයෙන් පසුගියදා මෙය  සිදුකෙරිණි.

මෙම  අවස්තාව සදහා ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජන් විචාරි මහාරාස්ටා ප්‍රාන්ත අමාත්‍ය රවින්ද්‍ර පටන් අර්නෙග්, ඉතාලි නියෝජිත ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිෂ්පාදන උපදේශක ලංකාදීප එසැණ වාර්තාකරු, චමින්ද මඩවල  එහි ප්‍රධාන ආරාධිතයෝ  වුහ.

කුඩා දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්විය. නව සංකල්ප යුවා ප්‍රතිෂ්ටාන් සංවිධානය මෙම අවස්ථාව සංවිධානය කළේය.

 image1 image1-1 IMG_8217 IMG_8239 IMG_8241 IMG_8245 IMG_8245-1 IMG_8249