2016 වසරේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 505 (රුපියල් කෝටි 7261.39) ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
පුද්ගලික අංශයේ සංවර්ධනය දැනුම විසඳුම් සහ උසස් යටිතල පහසුකම් සංවර්ධනය යන අංශවලට එම මූල්‍යාධාර හිමිවනු ඇති අතර ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වන බව එම බැංකුව සඳහන් කර ඇත.