ඇඟළුමට කණ කොකා යළි නොහඬන වගයි


ජී.එස්.පී. ප්ලස් අහිමි නොවුණා නම් අද වන විට ඇඟලූම් යනු රුපියල් බිලියන හයක (කෝටි 600ක) කර්මාන්තයක් යැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  මහතා ඇඟලූම් කර්මාන්ත සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කරමින් පැවසීය.

ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් කෝටාව පසුගිය රජයේ විවිධ කටයුතු හේතුවෙන් අහිමි නොවුණේ නම්, ඇඟලූම් කර්මාන්තය අද වන විට දියුණූ කර්මාන්තයක් බවට පත්වීමට හැකියාව තිබූණා. පසුගිය අඳුරු යුගය නිමා කරමින් නව යුගයක් ආරම්භ කළ යුතුයි. 2005 වසර වන විට මෙරට ඇඟලූම් කර්මාන්තශාලා 800ක් පමණ පැවති නමුත්, අද ඉන් ඉතිරිව ඇත්තේ ඇඟලූම් කර්මාන්ත ශාලා 200ක්  පමණය මේ වන විට බිඳවැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලූම් ක්ෂේත්‍රයට ද නව රජයේ අත හිත ලැබෙන බවත් කීවේය.

රජයේ මැදිහත්වීමෙන් සෑම අංශයකටම උපකාර කරමින් එම අංශයන්ගේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

01-(1)-(1) 02-(1) 03-(1) 08