ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර ඇත.
මෙම තහනම පැමිනවීමට හේතුව වී තිබුණේ අලූතින් ආනයනය කළ ඇන්කර් කිරි පිටි පානය කළ දරුවන් කිහිපදෙනෙක් රෝගීවූ බවට තොරතුරු ලැබීමය.
විද්‍යාගාර පර්යේෂණකයින් පසු කිරිපිටි වල රෝගකාරක කිසිවක් නැතැයි අනාවරණය වීමත් සමග තහනම ඉවත් කර තිබේ.
මෙය ෆොන්ටෙරා කිරිපිටි වලට තහනමක් පැනවුනු පළමු අවස්ථාව නොවෙන අතර පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා නැගෙන්නට ගත් විරෝධයන් නිසා ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි තහනම් කෙරුණි.
පසුව උසාවි නියෝගයකින් එම තහනම ඉවත් කිරීම සිදුවිය.