ඇමරිකා ඩොලරය 152 දක්වා ඉහළ යයි


ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු. 148.35 ක්වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රු. 152.12 ක් පරිද්දෙනි.

මේ අතර අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 148.602 ක් ලෙසින් දැක්වුණු අතර විකුණුම් මිල රු. 152.37 ක් ලෙසින් සටහන් විය.