ඇස්බැස්ටස් එපායැයි රුසියාව කියයි


2024 වර්ෂය වන විට ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරලීම නැවත සලකා බලන ලෙස රුසියාව ඉල්ලයි.

රුසියාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයන් වූ ඇස්බැස්ටස්  වැඩිපුරම මිලදී ගන්නා රටවල් අතුරින් ප්‍රමුඛ රටක් වන ශ්‍රී ලංකාව සෞඛ්‍යයමය සහ සනීපාරක්ෂක හේතු මත ආනයනය සීමා කිරීමටත් 2024 වර්ෂය සිට තහනම් කිරීමටත් ගෙන ඇති යෝජනාව නැවත සලකා බලැන්නැයි ද එය දෙරටේ ආර්ථික සහයෝගීතා වැඩ පිළිවෙලටත් බෙහෙවින් ඉවහල් වන බවත් රුසියන් තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා පවසයි.

ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වාර්ෂික සමුළුවේදී ඔහු මේ ඉල්ලීම කළේය.

කෙසේ වුවත් ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලාංකික ජනතාවට පිළිකා කාරක  බවත් එය විද්‍යාත්මකව තහවුරු වී ඇති බවත් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහතා කියයි.