මේ වසරේ ඉදිරි කාලයේ දී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
ප්‍රතිපත්තිමය පොළී අනුපාත නොවෙනස්ව තබා ගන්නා බව දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එලෙස කීවේය.
“මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙත් අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත එය තීරණය වේවි. දැනට ආර්ථිකය යහපත් තත්ත්වයක ගමන් කරනවා. මේ වසරේ ආර්ථික වර්ධනය වේගය සියයට 5ත් 5.5ත් අතර අගයක පවතිවී. බොහෝ දුරට එය සියයට 5.5ක අගයක් ගනිවි. ‘‘