ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි


(කටුනායක ටී.කේ.ජී.කපිල )

ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි.

අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය . මෙම ගුවන් සේවයේ ප්‍රථම ගමන්වාරය අද (20)  උදෑසන 8.00  ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක විය. යානයේ නියමුවා ලෙස කපිතාන් අෂීම් මිත්‍රා මහතා කටයුතු කළේය.

මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුනි . නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි .