ඉන්දියා නිෂ්පාදන සහ සේවා ඇතුළත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ඉන්දීය වෙළඳ ප්‍රදර්ශනය කොළඹ ඩී.ආර්.විජයවර්ධන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද විවෘත විය.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රවර්ධන සංගමය එක්ව මෙය සංවිධානය කරයි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා යන මහත්වරු ප්‍රදර්ශනය විවෘත කළහ.
ඉංජිනේරු භාණ්ඩ, යටිතල පහසුකම්, ඉදිකිරීම් භාණ්ඩ, රෙදිපිළි හා නිමි ඇඳුම්, ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන රාශියකින් යුත් ප්‍රදර්ශන කුටි 100කට වැඩි ප්‍රමාණයකින් යුත් මෙම ප්‍රදර්ශනය ලබන 12 වැනිදා තෙක් පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.